Thursday, August 10, 2017

522. සෙනෙහසක් ගලා ගිය ලකුණු ඇඳි හදවතේ - නොහැඟවූ ආදරය - The Eternal Torment of Unexpressed Love


මේසයක් මත තැබූ කහ සහ රතු පැහැති
අරලිය මල් දෙකක්.....Getty Images

සිතක බැඳි සෙනෙහසක්,
සඟවගෙන ඉන්න බෑ,
අසණියක මතු වෙන්නෙ,
මේකුලක් පිටිපස්සෙ,
ඇඳෙන විදුලිය වාගෙ,

පරණවිතාන මහත්තය විජ්ජුලතා කිව්වෙ මන්දාරම් වෙලාවෙ අහස් කුස එළිය කරන විදුලි දහරාවන්ට. එතුමා කිව්වෙ සීගිරි ළඳුන් අතරින් රන්වන් ළඳුන්ගෙන් විජ්ජුලතා සහ අඳුරුවන් ලඳුන්ගෙන් මේඝලතා සංකේතනය වන බව.

අට වසරෙ අපිට ඉතිහාසය උගන්නපු ජයසේකර මහත්තය කලුලෑල්ල වැහෙන්ට සීගිරි ළඳුන්ගෙ ජීවමාන ප්‍රමාණයෙ සිතුවම් එල්ලලයි ලංකා ඉතිහාසයෙ සීගිරි යුගය පාඩම ඉගැන්නුවෙ. 

පාඩමට ඇහුංකං දෙන අතරෙ පන්තියෙ අනික් පැත්තෙ මට ඉස්සරහ පේළියෙ කෙළවරේම ඉඳගෙන උන්නු ඇය දිහා මම හොරැහින් බැලුව. එහම බලනවට කියන්නෙ කටාක්ෂ නිරීක්ෂණය කියල.

ඇස් කොණින් නුඹ මවෙත හෙලන බැල්මට ලඳුනි, 
මගේ සිත දැවීයයි වියළි තණ බිමක්සේ…

ඒ වෙලාවෙ හැබැයි ඇත්තම කිව්වොත් ඇගේ පූර්ණ අවධානය යොමු වෙලා තිබුනෙ ජයසේකර මහත්තය කෙරෙහි. ඒත් අර කතාවක් තියනවනෙ තමන් දිහාවෙ කවුරුන් හෝ එක එල්ලේ බලා ඉන්නව අපෙන් බහුතරයකට සවනේන්ද්‍රියකින් වගෙ දැනෙනව කියල. ඇයත් මම හිතන්නෙ එහෙමයි. ඉස්සෙල්ලම මම දැක්කෙ ඇගේ වම් කම්මුල ලාරත් පැහැයකට හැරෙනව. ඊට පස්සෙ හෙමීට ඒ ලාරත් පැහැය ගෙල දක්වා පැතිරගියා. 

"සීගිරියෙ මේ වගෙ දැවැන්ත ඉදිකිරීමක් කරන්නට කාශ්‍යප රජතුමාට ...... "

ජයසේකර මහත්තයගෙ කටහඬ ටිකෙන් ටික අඩුවී අවසන නෑසී ගියේය. එසැණින් ඇය සෙමෙන් හිස හරවා මදෙස බැලුවාය..............සෙමෙන් ළය මුළුමනින් පිරීයන පරිදි හුස්මක් ඉහළට ගත් මම මම දෑස් පියාගතිමි.

"අර විජ්ජුලතා කතාව ගැන මොකද ඔයා හිතන්නෙ?"

එදින සවස පාසල් ක්‍රීඩා පිටිය කෙළවර සුවිසල් මාර ගස සෙවණෙහි වූ ගලින් නිමවූ අසුන මත මා අසළ හිඳ අපගේ යහළු යෙහෙළියන් පිටියෙහි ක්‍රීඩා කරන අයුරු මඳ සිනහවකින් විකසිත වූ මුවින් යුතුව නරඹමින් හුන් ඇගෙන් මම විමසීමි.

" පිස්සුනෙ………"

"කාටද? ජයසේකර සර්ට? "

"නෑ..නෑ..මිස්ටර් පරණවිතානට...හිහ්..හිහ්...ඔය ඈත අතීතයෙ සිද්ධ වෙච්චි දේවල් ගැන හරියටම පිළිගත හැකි සාක්ෂි නැත්නම් අර්ථ කථන දෙන්ට යන එක එච්චර සාර්ථක නෑ.."

අපගේ පන්තියේ දක්ෂතම ශිෂ්‍යාව වූ ඇගේ මතයන්ට බොහෝ ගුරුවර ගුරුවරියෝ පවා ගරු කළෝය.

ඒ දශක හතරකුත් තවත් ටිකකට පෙර කලකදීය. කාය ගෙවී ගියේ සක්වළ සිසාරායන්නාවූ අන්තරීක්ෂ කිරණයක වේගයද පරදවමිනි.

රජයේ විශ්‍රාම වැටුප් ගෙවීමේ දිනය යෙදුනු පසුගිය ගුරුදින ඇය අප නිවස අද්දර දෙවට ඔස්සේ සෙමෙන් පියනඟා පැමිණියේ සුදු පැහැති ඔසරියකින් සැරසීය.

"අහ්..අද කවදද හරියටම? පෙබරවාරි නමය නේද? චන්ද්‍රසිරි නැතිවෙලා අනිද්දට අවුරුදු කීයක්ද? පහක්..නෑ..හයක් නේද?" එසේ තොල මතුරමින් මම අඩක් විවරවූ කවුළුව තුලින් ඇය දෙස බලා සිටියෙමි. ඇය ගමන අඩාල නොකරම හිස හරවා කවුළුව දෙස බැළුවාය. ඇගේ දෙතොලග මන්දස්මිතියක් ඇඳී ගියේය. අඩක් විවරවූ කවුළුවේ තිරයට මුවාවී ඇය සුදු පාසල් නිල ඇඳුමින් සැරසී දෙවට ඔස්සේ පැමිණෙන අන්දම දෙස බලා සිටීමට මම එදවස බොහෝසේ ප්‍රියකළෙමි. එබැව් ඇයද හොඳින් දැනසිටියාය.

ඉදිරිපස දොර වසා යතුර කළිසම් සාක්කුවට දමාගත් මම ගේට්ටුව විවර කොට ඒ අසළ ඔසරි පටින් හිස මුවාකොටගත් වනම හුන් ඇය හා එක්වීමි. "යමු……."

"මේ දන්නවද වැඩක්?" ඇය හිස ඔසවා මදෙස බලා විමසුවාය.

"මොකක්ද?" 

"මට ඊයෙ එක පාරටම විජ්ජුලතා කතාව මතක් වුනානෙ.."

"මොකද්ද විජ්ජුලතා කතාව කිව්වෙ?... මට මතක නෑනෙ.." මම දෙබැම රැළිකොටගෙන විමසූයේ සිහින් සිනාවක්ද දෙතොලට නංවා ගනිමිනි.

" බොරු කියන්න එපා අනේ..ඔයාට මතකයි....."

"කොහොමද කියන්නෙ මම බොරු කියනව කියල?"

"මම දන්නව. ඔයා ඔය බොරු කියනකොට ඇස් බැමි රැළි ගහ ගන්නෙ හිතලමයි. ඒ ඇත්තටම මතක නෑ කියල මට පෙන්නන්ට..මම දන්නෙ නැද්ද ඔයා ගැන....."

"මොනවද සුගත් බොන්නෙ?" දම්මි විමසුවාය. "කස ඇට දාපු අයිස් සරුවත්?"

"ඔයාට තවම ඒක මතකයි නේද?"

"එහෙමත් අමතක වෙනවද සුගත්?" තමා විසින් පැවසූයේ අනවශ්‍ය දෙයකැයි ඒ වදන් මුවින් පිටවූ විගස දම්මිගේ සිතට නැඟිනි. ඇය වහා බිම බලාගත්තාය.

"ඔව්...මම තාමත් කැමති කස ඇට දාපු අයිස් සරුවත් වලට..මගෙ ආසාවන් මොකවත්ම වෙනස් වෙලා නෑ දම්මි…" සුගත්ගේ වේදනාබර හඬ ඇගේ දෙසවන් විනිවිද ගියේ පිහි තුඩක් පරිද්දෙනි.

"ඒ පාර මොකද?" ඇය මගේ සුරත ගෙන දෙනෙතට එබුනාය. 

"මට ගොළු හදවත මතක් වුනා."

"ගොළු හදවතේ සුගත්ට මම කැමතියි…" ඈත අතීතයේ දිනක ඇය පැවසූයේ අප දෙදෙන බසයෙන් බැස ගුරුපාර ඔස්සේ නිවෙස් බලා එද්දීය.

"ඈ? එහෙමද? මම හිතුවෙ ඔයා සුගත්ට කැමති නැතිවෙයි කියල...ඒ තියා කරුණාසේන ජයලත්ටත් පස් පඩංගුවෙ බණියි කියලත් මට ආයෙම හිතුන.. "

"හිහ්..හිහ්..එහෙම හිතුනද? එහෙමනම් මහත්මයා ඔබ වැරදියි…"

"හරි මොකක්ද ඔයා සුගත්ට කැමති වෙන්ට හේතුව?"

"සෙනෙහෙවන්ත කොල්ලෙක් උනාම සුගත් වගේ වෙන්ට ඕන. කෙල්ල වෙන අතක් බැලුවත් කොල්ල ඒ කෙල්ල වෙනුවෙන්ම කැපවෙලා ඉන්ට ඕන. සුගත් වගෙ නිතරම බොන්ට නම් ඕන නෑ. ඉඳහිටල කෙල්ල මතක් වෙලා පොඩ්ඩක් බිව්වට වරදකුත් නම් ඉතින් නෑ.."

"මොකක්? මම කිව්වයි කියල හිතා ගන්නව.." මම ඇගේ කණ මිරිකීමට තැත් කලෙමි. ඇය මගෙන් ඉවත්ව සිනාසෙමින් ඉදිරියට දිව ගියේ මහ හඬින් සිනා සෙමිනි.

ඇයටද ඒ සිදුවීම සිහි වන්නට ඇත. සිනහව සඟවා ගැනීමට ඇය ඉවත බලාගත්තාය. 

"යමු යමු ගොළු හදවතයි බීරි පෙණහැල්ලයි ගැන කතා කරමු පස්සෙ. දවල් උනොත් බැංකුවෙ පෝලිම …"

"මට හිතෙනව ගොළු හදවත වගෙ කතාවක් ලියන්න…" ඇය පසුදිනෙක පැවසුවාය.."මොකක් හරි හොඳ නමක් කියන්නකො.."

"ම්ම්ම්..ගොළු හදවත වගෙ කතාවකට සුදුසු නමක් නේද?...හා..හරි..ෂෝක් නමක් මතක් වුනා.."

"මතක් වුනා????  අනේ කියන්නකො"

"ඔයාගෙ ඔය පොතට නම දාමු බීරි පෙණහැල්ල කියල.." මම එසේ පැවසූයේ ඇය අසල හිඳසිටි අසුනින් වහා නැඟිට ඉවතට පනිමිනි.

"යමු..අන්න බස් එකක් නම් එනව…."

මම ඇගේ සුරත ගනිමින් පැවසූයෙමි.

සෙනෙහසක් ගලා ගිය ළකුණු ඇඳි හදවතේ,
ළයපුරා තවම ඇත සුවඳ ඒ සිහිනයේ,
අකුසලය ගෙවා අහවර කරමි මේ බවේ,
ඉපදෙන්ට පතමි නුඹ සමඟ සංසාරයේ,

Who was I to question a love that was whispering as a winnowing wind? Who was I to question a love that was shooting up sprouts as when the spring comes ? Who was I to question a love that was as gentle as a floating snowflake that heralds the winter? Who was I to question a love that would inside me everyday for the rest of my life and even beyond? - Nicholas Sparks - The Notebook

P.S.- ගොළු හදවතේ සංගීතය කියන්නෙ ශ්‍රී ලාංකික චිත්‍රපට සංගීතයේ කඩඉමක්. නිසල රාත්‍රියක අනික් හැමෝම නිදි සුව ලබද්දි හොඳ ස්ටීරියෝ හෙඩ්ෆෝන්ස් සෙට් එකකින් ගොළු හදවතේ තේමා සංගීතය අහන එක තරම් ආශ්වාදයක් ලැබිය හැකි වෙනත් අත්දැකීම් තියෙන්නෙ තව බොහොම ස්වල්පයයි. ඒ අත්දැකීම ලබන්න ඔබත්කැ මතිනම් පල්ලෙහා තියනව ඔන්න...


36 comments:

  1. අති විශිෂ්ටයි සර්!

    ReplyDelete
  2. මාර වැඩේ නේ, දැන් අපි මොකද කරන්නෙ

    ReplyDelete
    Replies
    1. Ano,

      Lets have a song and a dance...:)

      Delete
  3. දැන් රවි ඉල්ලා අස් උනොත් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරද ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අපොයි නෑ..නෑ..හිජකුපාමය, නාමෝලා, නාවලපිටියෙ තක්කඩියා, මෝඩවංසය, මල්වානෙ බැසිල.... ඔය ඔක්කොමල ඉල්ලල අස්වෙනකල් ප්‍රශ්න ඉවරයක් වෙන එකක් නෑ.

      Delete
  4. /"මට ගොළු හදවත මතක් වුනා."/
    මටත් ඔබගේ සටහන දුටු ගමන් ගොළු හදවත මතක උනා රවී. අපි දැනට වසර හයකට පමණ ඉහතදී හොරණ මහජන පුස්තකාලයේ කරුණාසේන ජයලත් කෞතුකාගාරයක් නිර්මාණය කළා. එවකට පුස්තකාල සංවර්ධන කමිටුවේ සිටි මටත් එහි වැඩ කොටසක් පැවරී තිබුණා. අධ්‍යාපන චාරිකා යන පාසැල් ළමුන් කෞතුකාගාරය බලන්න නිතර එනවා.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      / අපි දැනට වසර හයකට පමණ ඉහතදී හොරණ මහජන පුස්තකාලයේ කරුණාසේන ජයලත් කෞතුකාගාරයක් නිර්මාණය කළා. එවකට පුස්තකාල සංවර්ධන කමිටුවේ සිටි මටත් එහි වැඩ කොටසක් පැවරී තිබුණා./

      එවන් මහඟු කාර්යයකට සම්මාදම්වීමට ලැබීම පවා භාග්‍යයක් හැටියටයි මම සළකන්නෙ..

      ගොළු හදවත මම කියෙව්වෙ හයේ පන්තියෙ ඉන්න කාලෙ යාලුවෙකුගෙන් ඉල්ලගෙන. යාලුවට එයාගෙ අම්ම තහනම් කරල තිබ්බෙ ඒ වගෙ කතා කියවන්න. ඒත් අපේ ගෙදර එහෙම තහංචියක් තිබ්බෙ නැති හින්ද මට අවුලක් වුනේ නෑ.

      දයා මහත්තයට කියන්ට දයා මහත්තය ගොළු හදවත කියවපු හින්ද මම තවත් English Classics පොත් කීපයක්ම කියෙව්ව. ඩේඩිඩ් කොපර්ෆීල්ඩ්, ජේන් අයර් සහ ඔලිවර් ට්විස්ට්..

      ඒක උනේ මෙහෙමයි..ඒ ඉංග්‍රීසි පොත් ගැන ගොළු හදවතේ කියවෙනව. සුගත් දම්මිල ඉංග්‍රීසි සාහිත්‍යය කරනවනෙ ඉස්කෝලෙ විෂයයක් හැටියට. සුගත් තමයි ඒ විෂයට දක්ෂයා. ඉතිං සුගත් අනික් ළමයි වටකරගෙන ඔය පොත්වල එන සිද්ධීන් විස්තර කරන අවස්ථා ගොළු හදවතේ තියනව. ඉතිං මටත් ඕන වුනා ඔය පොත් කියවන්ට...:)

      Delete
  5. මේ තියෙන්නේ ලියුම්!

    බොහොම හොඳයි රවියා.... හැබැයි ඉතින් කොහෙන් ගියත් බාගේ බෝතලයක අඩියක්වත් සෙට් වෙනවා නේ?

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      මම මොනව කරන්ටද බං? අර කෙල්ලෙනෙ එහෙම කියන්නෙ...

      උඹට කියන්ට අන්තිමට අර ගොළු හදවතේ වීඩියෝ ක්ලිප් එක දාන වෙලාවෙ මම ඒකෙ හැඳින්වීමට මෙහෙම ලියලත් ආයම සංශෝධනය කලා උඹලගෙං බැණුං අහන්ට බැරි හින්දම...

      නිසල රාත්‍රියක අනික් හැමෝම නිදි සුව ලබද්දි සුරතින් මධුවිතක්ද රැගෙන මද පමණට මත්වූ සිතින් සහ ගතින් යුතුව හොඳ ස්ටීරියෝ හෙඩ්ෆෝන්ස් සෙට් එකකින් ගොළු හදවතේ තේමා සංගීතය අහන එක තරම් ආශ්වාදයක් ලැබිය හැකි වෙනත් අත්දැකීම් තියෙන්නෙ තව බොහොම ස්වල්පයයි.

      Delete
  6. විශිෂ්ටයි! මම හිතන්නේ මීට කලින් වතාවකත් මම මේක කියුවා. රවී ෆුල්ටයිම් රයිටර් කෙනෙක් වුනොත් නරකද? මේ වගේ පරිකල්පන ශක්තියක් සහ නිසඟ හැකියාවක් බ්ලොග් එකකට විතරක් සීමා වෙලා තියෙන එක හරි අපරාදේ.

    ReplyDelete
    Replies
    1. Udaya & Ian,

      Thanks so much Buddies for your accolades and let's see...All in good time ..:)

      Delete
    2. ෆුල් ටයිම් රයිටර් කෙනෙක් වෙන්න හිතනවනං ලියපං ඉංගිරිසියෙන්.. සිංහලෙන් ලියලා අපරාදෙ උඹේ ක්‍රය ශක්තිය අපතේ යවන්ටෙපා..

      දිගටම බෝයිස් ස්කූල් ගිය එකා කොහොම මෙහෙම පාසල් ප්‍රේමයක් ගැන ලිවුවද කියන එකයි මට හිතාගන්ට බැරි.. :-D

      Delete
  7. හැක්.. මේක මරු අෑ.

    මේ ඒක නෙමෙයි. ඔහේ පොතක් ලිවුවොත් එහෙම ඒකට දාන නම මොකක් වෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. සූටි කයියා සමග මගේ ජීවිතය

      Delete
    2. ඒකත් නරකම නෑ. හැබැයි ඉතිං දැං ඒ කයිය ලොකු වෙලා හින්ද පොඩ්ඩක් විතර අවුල් වෙයි.

      Delete
  8. සුපර්බ් සර්! කියවලා ඉවර කරන්න ලෝබයි.

    ReplyDelete
  9. ඉඩෝර කාලකෙදි වැස්සක තෙමුණා වගේ. 'ගොළු හදවත' වගේම තමයි ඕන තරම් පාරක් කියවලා ඒ හැම පාරම රස විඳින්න පුළුවන්. Hats off Sir !!

    ReplyDelete
  10. වා...ව් නියමයි මේකනම් ..

    ReplyDelete
  11. දැක්ක ගමන් කියවන්න ආව වෙලාවේ තේරුණා අයියගෙ වෙනදා ලියමන්වලට වඩා වෙනස්, වෙලාව අරන් රස කර කර කියවන්න ඕන ලියමනක් කියලා. ඉතින් එහෙම වෙලාවක් ලැබුණ හැටියේ ආයෙ ආවා. මේ වගේ හැඟීමක් හිතට ගෙනාපු සටහනක් මීට කළින් ලිව්වෙත් අයියම තමයි - අර මකුළු දැලක රැඳුණු පිණිබිඳු ගැන ලියපු සටහන. උඩම තියෙන කහ අරලිය මල... අන්තිමට තියෙන නිකලස් ස්පාර්ක්ස්ගේ සටහන් පොතේ උපුටනය... හරිම සමීපයි...

    ReplyDelete
  12. අර ලිය සුවඳ පෙති අතරින් ඈත්වෙලා
    පෙර දින මතක සිතුවිල්ලට යාවි ගලා
    සර මින් නිදහසේ ලිව් ලිපි රසය වෙලා
    දර නා දක්ෂකමනම් නෑ නිමා වෙලා....

    ලස්සනයි.
    ජයවේවා!!!

    ReplyDelete
  13. කේමදාස කියන්නෙ විශ්වකර්මයෙක්....

    ReplyDelete
  14. කියන්න වචන නැහැ. බොක්කේ පෝස්ට් එකක්!!!!!!1

    මම මේ කැසට් එක කරන කාලේ ලංකාවේ හිටියා. ඔය හඳුන්වාදීම කරන්නේ අමරබංදු රූපසිංහ සහ සුනිලා අබේසේකර.තුන්දෙනාම දැන් ජීව්තුන් අතර නැහැ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න....මේ තිදෙනා විතරක් නෙමේ, ඔකෙස්ට්‍රා එකේ හිටිය අයගෙනුත් සමහරු අද ජීවතුන් අතර නැහැ (මට දැන් අමතකයි ඒ අයගේ නම් ). මොවුන් අමරණීයයි. මේ පෝස්ට් එක බොහොම හෘදයාංගමයි.

      Delete
  15. ගොළු හදවත කියවන විටත් , සිනමා පටයබලන විටත් එහි අමතක කල නොහැකි කොටසපමනක් තිබේ. ඔබ මේ පෝස්ට එකේ ඒ සොඳුරු පාසල් පප්රෙමයන් කරා සියලු දෙනා රැගෙන යනවා.
    විචාරක දියණිය

    ReplyDelete
  16. කාලෙකින් අපි ගොඩක් ආස කරපු ඉස්සර ජාතියේ පොස්ට් එකක්. මටත් ස්කොලේ කාලේ ක්‍රෂ් එක මතක් උන මේක කියවද්දී ..මේ කැසට් එක අපේ ගෙදර ලඟදි වෙනකන්ම තිබ්බ. පුදුම හැන්ගීමක් එන්නේ ඒක අහනකොට..අනේ අය්යේ අර වැල් වටාරනුය්, දේශපාලනෙය් අඩු කරලා ඉස්සර වගේ ලස්සන කතා ටිකක් ලියන්නකෝ..ඔයාගේ පරණ රසිකයෝ වෙනුවෙන්.. - මෙකුවි

    ReplyDelete
  17. ගොලු හදවතේ මේ සංගීත කණ්ඩ රසවිදින්න මාත් ගොඩක් කැමතී... මේ සටහන එක්ක ඒ කතාවත් නියමෙට යනවා...
    අපූරු සටහන අය්යේ...

    ReplyDelete
  18. ලස්සනයි රවීයියේ ලියවිල්ල සංගීතේ තරමටම.

    ReplyDelete
  19. ගොළු හදවත මම පොඩි කාලේ කියෙව්වේ. මට මතක හැටියට ඔය පොතේ කතාව මුලින් සුගත් ගේ කෝනෙනුත් පස්සේ ධම්මි ගේ කෝණේනුත් ලියල තියෙන්නේ. සුගත් ධම්මිගේ ගෙදර යද්දී ධම්මි කොණ්ඩේ ගොතමින් හිටියා කියල සුගත් කියනවා. ධම්මි ගේ කතාව යද්දී එයා කියනවා එයා ඒ සුගත් එනකන් බලා ඉඳලා නොඉවසිල්ල නිසා එක කොණ්ඩ කරලක් ලිහලා ආයේ ගොතන්න ගත්තලු.
    මම හරිම කැමතියි ඔය ඉට්ටයිල් එකේ කතා වලට. එතකොට ගැහැණු ළමයි, පිරුණු හඳක්, හතුරු හිතක් තුන්කට්ටුව ලියලා තියෙන්නේ තුන් දෙනෙක්ගේ විව් පොයින්ට්ස් වලින් නේද.

    ලියවිල්ලත් නියමයි. අර මියුසික් එකත් එක්ක නියමෙට ගැළපෙනවා.

    ReplyDelete
  20. දැං ඔහේ අපේ ඒවට උත්තර දෙන්නෑ එතකොට.

    ReplyDelete
  21. ගොළු හදවතින් තුන්වෙනියමට කැසට් එක තවම තියනවා ගෙදර. අහන්න විධිහක් නැතිව හිටියේ. සුගත් ලංකාවේ කොල්ලන්ගේ සංකේතයක් විරහවේ සංකේතය වුන එක තමයි වැරද්ද. කෙල්ලට හොඳින් ඉන්න දෙන්නේ නැතිව "ඔය ඉන්න තැනක් හොඳින් ඉන්න රත්තරන්" කියල ඒ ආදරේට බොන්න ගියහම කෙල්ලට වෙන්න පපුව පැලී පැලී අඬාගෙන ඉන්න. සුගත් හරි එකෙක් නම් කරන්න තිබ්බේ වෙන හොඳ කෙල්ලක් බැඳලා හොඳට ඉන්න එක. අරකිට බැඳපු විධිහට ඉන්න දීල. :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...