Wednesday, October 7, 2015

357. පොලිස් කෝළම අංක 1 නොහොත් පාපොච්චාරණ නාඩගම - Police Tragi-comedy a.k.a. Confessions Galore


Indika Cartoon
ගිය සතියෙ දවසක මම වැඩ ඇරිල ඇවිල්ල බස් එකෙන් බැස්ස. පොලිසිය ඉස්සරහින් බැස්සම දෙණියෙ මහ පන්සල ගාවින් උඩහට ඇවිල්ල ගෙදර එන්ට බොහොම ලේසියි. හෙහ්..මොන ගෙදර යාමක්ද?පොලිසිය ඉස්සරහ ඊස් මීස් නෑ සෙනඟ. පෝලිමක් තියනව පේනතෙක් මානෙ දිගට.

80 දශකයේ අග බාගයේ විතර එක් එක් දිස්ත්‍රික්කය සඳහා පොලිස් කොස්තාපල් වරුන් බඳවාගැනීමට ඒ ඒ දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය පවරා තිබුනු යුගය මට එක පාරටම මතක් වුනා. ඒ බඳවාගැනීම් විමද්දියගත කිරීමේ උදාර සංකල්කය බොහොම ඉක්මනටම අත ඇරල දාන්ට වුනේ අර ඔය කොල්ලො ඉන්ටර්වීව් කරන්න බාර දීපු සාජන් මහත්තයෙක් පොලීසියට බැඳෙන්ට ආපු කොල්ලෙක්ගෙන් ගම්පෙරළිය කලේ කවුද කියල සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් අහල වෙච්චි හෙයියම්මාරුවෙන් පස්සෙය කියල ඒ කාලෙම ඔය කසු කුසු පැතිරුන. අප්පටසිරි ආයම එහෙම කෙළියක්ද දන්නෙ නෑ. මම එහෙම හිතල කෝකටත් හෙමිහිට පොලිසිය පැත්තට කිට්ටු කලා.

කාගෙන්ද මේ ගැන විස්තරයක් දැනගන්නෙ කියල ඔලුව කරකෝල බලනකොට ඔන්න විල්බට් මාම පොලෝසියෙං එළියට බැහැපි. අම්මයෙ දුර නෑයෙකුත් වෙන විල්බට් මාමට වයස හතළිස් පහක් වගෙ ඇති. මිනිහ මේ පොලිසියෙ සාජන්. විල්බොට් රාජං මහත්තය කියලයි ගමේ කියන්නෙ.

" විල්බට් මාමෙ..විල්බට් මාමෙ…. හූ..මෙහෙ...මෙහෙ…" 

කොහෙද මේ සූ ගාල පොදි කන ජනකායෙ කැම්බැල්ලෙ හිංද මොකවත් ඇහෙනවය.

" මාමේ ඒ ඒ ඒ...." 

අන්තිමට යටි ගිරියෙනුත් කෑගැහුවට පස්සෙයි ඔන්න මාමට මාව ඇස්සර වැටුනෙ. කටේ පුරවගෙන හිටපු විට දකුණු හක්කෙන් වම් හක්කට මාරු කරල මාම මයෙ උරෙස්සට අතක් තිබ්බ. 

" හප්පච්චියෙ පුතා දැක්ක කල්…. ඉතින් මොකෝ මේ පැත්තෙ? මං කියන්ටද එකත් එකටම පුතා එන්ට ඇත්තෙ පාපෝ..පාපෝ..පාපොච්…" 

මම අතංගුවට අහුවෙන්ට යන ඉස්ස පස්සට පනිනවහෙ පස්සට පැන්නෙ අහල ගං හතක මානෙ විහිදුන විල්බට් මාමගෙ බුලත් කෙල දහරාවෙන් බේරෙන්ට.

" පාපෝච්චාරණය මාමෙ පාපොච්චාරණය " මම තකහණියක්ම කිව්වෙ නැත්තන් ආයම උන්දැගෙ රක්තවර්ණ ස්ප්‍රේ එක නාගන්ට වෙන හින්ද.

" අන්න ඒක..අන්න ඒක..හරි... පුතා ඉතින් ඔව්ව දන්නවනෙ " 

" මාම මොකක්ද ඉතින් ඔය පාපෝච්චාරණයක් ගැන කියන්ට ආවෙ ? " 

" ආ..මම මේ ඇහුවෙ පුතේ උඹත් ආවෙ පාපෝච්චාරණය කරන්ට ද කියල." 

" මොකක්? මොනවට පාපෝච්චාරණය කරන්ටද? " 

" මොනවට හරි ඒකෙ ප්‍රස්නයක් නෑ. මොකක් හරි ඕනම අපරාදයක් ගැන පාපෝච්චාරණය කලෑකි. ඒ ඔක්කොම අපි බොහොම පැහැදිලිව බෝල අකුරෙන් ලියාගන්නව.පාපොච්චාරණ ලියාගන්ටම අපි මේ පෙරේද තාවකාලිකව බඳව ගත්ත හොඳ අපූරු බෝල අකුරු ලියන්ට ඇහැක් ගෑණු ලමයි හතර දෙනෙක්ම. " 

" හෑ?.... " 

" මොකද මේ නිකං තක්බීර් වෙලා බලා ඉන්නෙ? පුතා හිතන්නෙ මේ සෙනඟ කන්දරාව මෙතන මේ මීමැහි පොදිය වගෙ රැස්කන්නෙ මොකොටෙයි කියලද? වෙන මොහොකටවත් නෙවෙයි පාපොච්චාරණ කරන්ට. " 

" අම්මපා?....." මගෙ ඔලුවත් එක්ක කරකැවෙන්ට ගත්ත හින්ද මම එතනම තිබ්බ තාප්පෙට හේත්තු වුනා.

" ඒයි ඔතන මම ඉන්නව……." ටිකක් එහාට වෙලා සිකරට් එකක් ඇද ඇද උන්නු පත උඩුරැවුලක් වවා ගත්තු කලු කෙට්ටු මනුස්සයෙක් මට ඇඟිල්ලකුත් දික්කරල තර්ජනය කලා. 

" නෑ..නෑ...මම යනව..මම යනව.." මම හෙමිහිට එතනින් මාරුවුනා. 

" එනව මෙතන ලේසියෙම්ම පාපොච්චාරණේ කරන්ට..මම දැං පැය තුනකට වැඩියි මෙතන පෝලිමේ……'' කලු කෙට්ටු මනුස්සය තාමත් තොල මතුරනව මට මම හොඳටම ඇහුණ.

කටේ තිබ්බ බුලත් හපේ තුහ්ප් ගාල එළියට දාල විල්බට් මාමා උගුරෙ රැල් බුරුල් ඇරිය." ආ..මේ කලබල කරන්ට එපල්ල. අර සති දෙහෙකට ඉස්සෙල්ල දාහතේ කණුවෙ ගේ කඩල රත්තරං බඩු අරං ගිය කේස් එකේ පාපොච්චාරණය කරන්ට ආපු අය අත් උස්සන්ටලා….." 

ඔන්න එක තිහක් වගෙ අත් ඉස්සුව. " ආ..බොහොම හොඳයි...බොහොම හොඳයි... ඒ කට්ටිය අර අතන ඉඳගෙන ඉන්නෙ නිල්පාට සාරියක් ඇඳගත්තු මිසී කෙනෙක්... එයා ඉස්සරහ පෝලිමක් හැදෙන්ට..හරි හරි කලබල කරන්ට එපල්ල. ඔක්කෝටම පාපොච්චාරණය කරන්ට අවස්තාව දෙනව. ඒ ගැන කිසිම ආකාරයක විචිකිච්චාවක් තියාගන්ට ඕන නෑ." විල්බට් මාම බොහොම ගාම්බිර විදිහට පොරොන්දු වුනා.

රත්තරං බාණ්ඩ මංකොල්ලෙ පාපොච්චාරණ කාරයො නිල් සාරි මිසී ගාවට දුවල ගියාට පස්සෙ විල්බට් මාමා අනික් අය දිහාවට හැරුන.

" එතකොට අර කහටහේන පතළෙ හම්බවෙච්ච මිනිය..ඒ ගැන පාපොච්චාරණය කරන්ටෙයි කියල ඇවිල්ල ඉන්නෙ කවුද? " 

" මම..මම..මම.." විස්සක් විසිපහක් වගෙ ඒ විඩෙත් උඩ පැනල අත ඉස්සුව. 

" හරි ඒ අය යන්ටලා අර සුදු සාරියක් ඇඳගෙන ඉන්න මිසී ගාවට. ගිහිල්ල පාපොච්චාරණේ කරනවලා.බොරු එහෙම කියන්නෙ නෑ හොඳද? දන්නවනෙ මගේ හැටි.." එහෙම කියල විල්බට් මාම මගෙ අතින් අල්ල ගත්ත. " යමුකො පුතා අර පැත්තට.... දැන් අවුලක් නෑනෙ කට්ටිය පෝළිමේ ගිහිල්ල පපොච්චාරණේ කරයි..හොහ්..හොහ්.." .අපි දෙන්න එතනම එහා පැත්තෙ තිබ්බ කොරිඩෝවෙ දිග බංකුවෙ ඉඳ ගත්ත.

" ඒ වුනාට මාමේ මේ වැඩේ හරිද? මම මේ කිව්වෙ මේ පාපොච්චාරණ වැඩේ? දැන් බලන්ට අර පතලෙ මිනීමැරුම ගමු. ඒකට පාපොච්චාරණ විස්සක් විතර තියෙන්න බෑනෙ. මිනීමරුවො එකෙක් හෝ දෙන්නයි. පාපොච්චාරණ එකයි. " 

" එහෙම නෙවෙයිනෙ පුතා. පාපොච්චාරණ වැඩිවෙන තරමටනෙ වැඩේ ගාම්බීර වෙන්නෙ…" 

" ඒ කොහොමද? " 

" දැන් මෙහෙමනෙ. හා..එහෙනං මොකද කියමු බලන්ට මිනිස්සු ඔච්චර පාපොච්චාරණ කරන්නෙ?....පොලීසිය කෙරෙහි තියෙන විස්වාසය හින්ද නෙවෙයිද? ඒක මේ සිරි ලංකාවෙ අපේ පොලීසියට කොච්චර ගහුරවයක්ද? ඔය එංගලන්තෙ අර මොන යාඩ්ද කියල තියෙන්නෙ ….." 

" ස්කොට්ලන්ඩ් යාඩ්…." 

" අන්න හරි.. ඒ යාඩ් පොලිසියට උනත් මම හිතන්නෙ නෑ එකම අපරාදෙට මේ තරම් පාපොච්චාරණ එනවයි කියල.පුතා දන්නවද? ලබන මාසෙ එංගලන්තෙන් එනවලු කණ්ඩායමක් අපේ මේ බහු පාපොච්චාරණ ක්‍රමය ගැන ඉගෙන ගන්ට." 

" ඒත් මාමෙ ඔහොම පාපොච්චාරණ වලින්ම අපරාධ විසඳන එක හරි නෑ නේද? දැන් තියනවනෙ අලුත් ක්‍රම..අර ඩී.එන්.ඒ. විශ්ලේෂණය කියල ක්‍රමයක් තියනව. " 

" මොන විකාරද ළමය ?...කෙහෙම්මල් ඩීඑන්නේ…. මෙච්චර කාලයක් අපි ඔය මිනීමරුවො අපරාදකාරයො ඇල්ලුවෙ ඔය ඩීඑන්නේ වලින්ද? " 

" එහෙම නෙමෙයි මාමෙ…අපි නවීන තාක්ෂණය භාවිතා… " 

" ඔය ඩීඑන්නේ මඟුල් වලට ඉස්සෙල්ල අපරාද විසඳන ක්‍රම කීයක් නං අපි හොයාගත්තද? ලාච්චු වැහීමේ කෙරේමෙ, මඩ ඌරා මෙතඩ්ඩෙක, දර්ම චක්කර ක්‍රමේ එතනිං ගියාම ...." 

" හරි හරි මාමෙ ඇති ඇති…. මම දන්නව.." මම අහක බලාගෙන කිව්ව.

" ආ..හැබැයි ඔය ඩීඑන්නේ ක්‍රමේ නම් අපි තරමක් දුරට පාවිච්චි කරනව….." 

" ආ..ඒක කොච්චර එකක්ද? එහෙම විද්‍යාත්මක ක්‍රම වලින් අපරාධ...." 

" නෑ..නෑ...ක්‍රමේ කිව්වට අපි පාවිච්චි කරන්නෙ අර අඬුව විතරයි. " 

" අඬුව කිව්වෙ? " 

" ඔය ඩීඑන්නේ සාම්පල් ගන්ට එවල තියනවනෙ සුට්ටි අඬුවක් වගෙ එකක්. ඕක අර අතනට දාල කරකවල ඇල්ලුවම පුතා විස්වාස කරන එකකුත් නෑ මිනිස්සු පාපොච්චාරණය කරන්නෙ හිටු කියල....හොහ්..හොහ්…" 

" ඈ?......" 

" හොහ්.හොහ්...මම හිතන්නෙ ඔය ඩීයෙන්නේ තාක්සනෙං අපරාද විසඳනවයි කියන්නෙ ඔය අඬුව දාල කරකෝල අල්ලන එකට වෙන්ට ඕන….." 

" හ්ම්ම්ම්ම්. ඒකත් එහෙමද?.... ඒත් කමක් නෑ ඩී.එන්.ඒ. අඬුව හරි පාවිච්චි කරනව නං ඒකත් එකක්නෙ එක අතකට " මම එහෙම කිව්ව.

" අනික අපි ඔය අපරාද පරීක්සන කරනකොට එක එක සාක්සි මතුවේගන මතුවේගන එනකොට එව්ව එවෙලේම පත්තර වලට, එතනිං ගියහම අර මොකක්ද ජාලයක් තියෙන්නෙ ඒකෙ අපරාද ගවේසන මාද්දියවේදීන්ට ලබාදෙනව. එතකොට ඒ අය මෙහෙම ලියනව. මියගිය වයස්ගත පුද්ගලයාගේ මිනිය අසල බිම තිබූ තද දුඹුරු පැහැති හෝතඹු මයිලෙන් අබිරහස් රැසක් හෙළිවේ.පත්තරේ එහෙම දානව . අර මොකද්ද නැට්ටෙකේ ඔයිට අමතරව තව දානව වී.ඩී. ඕ. සහිතයි කියල. " 

මම කටත් ඇරගෙන විල්බට් මාමා දිහාවෙ බලා හිටිය.

" තව මෙහෙමත් ලිව්වැකිනෙ. ගාතනය සිදුවූ නිවසේ කුස්සියේ උණු අලු පල්ලේ තිබුනු කොස් ඇට පුච්චං කෑවේ ගාතකයාද ඔහුගේ මල්ලීද මල්ලිගෙ යාලුවෙක්ද? අපරාද පරීක්සන දෙපාර්තමේන්තුව පරීක්සන අඹරයි. කොස්සැට පුච්චං කන වීඩියෝ සහිතයි.ෂංවේධී අය නැරභීමෙං වලඛින්න. " 

" හ්ම්ම්ම්ම්..නරකම නෑ මාමෙ…" මම කිව්ව..වෙන මොකක් කියල කියන්නද හැබෑටම?

" ආ..මම මේ පුතාට කියන්ටමයි හිටියෙ..අක්ක මා දැක්ක කිව්ව ( ඒ අක්ක කියල කිව්වෙ අපෙ අම්මට ) පුතත් ඔය මොනවද ලියනව කියල..මේ මම කියන්ටද? ඔය එලොවටත් නැති මෙලොවටත් නැති වල්පල් ලියල කාටද ළමයො සුගතියක් වුනේ? එහෙම නෙවෙයි මම අපේ ඕ.අයි.සී. මහත්තයට කියල පුතාට හොඳ ගාණක් අරං දෙන්නං. ඔය වැල නොකැඩී එන එවුංගෙ පාපෝ..පාපෝ..." 

" පාපොච්චාරණ …." මම කිව්වා. 

" අන්න හරි.. අන්න එව්ව... පුතා ආලවට්ටං දාල ලියල දෙන්ට.හෙට අනිද්ද අපි හිතාගෙන ඉන්නෙ ඔය පාපොච්චාරණ ඔක්කොම කෙලින්ම පහුවදාම පත්තර වලටයි අර මොන ජාලෙදයි ඉන්න අපරාද විසේසග්නයොන්ටයි හෝල් සේල් එකේම නිකුත් කරල දාන්ට. එතකොට  මෙහෙමයි ඔන්න සීන් එක...හොහ්..හොහ්....ගාතනය සිදුකල අංදම ගාතකයා ඇඬූ කඳුලෙං විස්තර කරයි. ගෙදරිං පිටවුනේ බුදුං වැඳලා. ගාතනය සිදුකල පසුව ඇඳුං සියල්ල ගලවා කැළණි නදියට බැස නායි. වීඩියෝ සහිතයි. " 

90 comments:

  1. ඕකට තව පොඩ්ඩක් තාක්ශණේ යොදාගත්තනම්, පාපෝච්චාරණ ඇප් එකක් හදල හැමෝටම ඔන්ලයින් ඕක කරන්න තිබ්බ, මේ බ්ලොග් ලියනව වගේ. ඒඋනාට පොලෝසියේ ඕක කරනව වගේ ඇඟට පතට 'සැපක්' තමයි නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. Ian,

      " Confess about anything you like whenever you like from the comfort of your arm chair…"…:)

      Delete
  2. //එතනිං ගියහම අර මොකක්ද ජාලයක් තියෙන්නෙ ඒකෙ අපරාද ගවේසන මාද්දියවේදීන්ට ලබාදෙනව.//

    ඊට පස්සේ එයාලා ඒවා ලෝකේ පුරාම පතුරුවනවා. :D

    //ගාතනය සිදුවූ නිවසේ කුස්සියේ උණු අලු පල්ලේ තිබුනු කොස් ඇට පුච්චං කෑවේ ගාතකයාද ඔහුගේ මල්ලීද මල්ලිගෙ යාලුවෙක්ද?//

    හී හී...මේකට නම් තාම හිනා. සමහර විට අල්ලපු ගෙදර මල්ලි වෙන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      / හී හී...මේකට නම් තාම හිනා. සමහර විට අල්ලපු ගෙදර මල්ලි වෙන්ට ඇති. /

      කොස් ඇට උණු අළුපල්ලෙ දාල පුස්සල කාල තියද? මාර රසයි.

      මේ..හලෝ...ඔය කතාව බොරුවක්මත් නෙවෙයි. එහෙම කොස් ඇට කන්ට ආස හොරෙක් දවසක් ගේකට පැනල කුස්සියට ගිහාම ලිප ගාව කොස් ඇට මල්ලක් දැකල ලිප පත්තු කරල කොස් ඇට පුච්චන්ට පටන් ගෙන. කොස් ඇට පුච්චන කොට පුපුරනව. ඒ සද්දෙට ගෙදර මිනිස්සුන්ට ඇහැරිල ඇවිදිල්ල හොරාව අල්ලගෙන....:)

      Delete
  3. කියන්න දෙයක් හිතාගන්න බෑ. බඩත් රිදෙනව හිනාවෙලා..............

    ReplyDelete
    Replies
    1. අ. ආර්යන්,

      හෙහ්...ස්තූතියි...:)

      Delete
  4. බඩ රිදෙන හිනාව එන්නේ කිමිද යන දුක් කඳුළු ගංගාවක ගිලමෙින්.

    ReplyDelete
    Replies
    1. ගුණසින්හ මහත්මා,

      ඔබ හරි, අපි හිනාවුනාට අඬන්නයි ඕන ඇත්තටම....:(

      Delete
  5. සුපිරි ලියවිල්ල රවී අයියා :D මේක යවන්ඩ තියන්න පොලෝසියේ කෙනෙකුට. හැබැයි ඉතින් තේරුම් ගන්න පුළුවන් එකෙක් හොයා ගන්න එක තමයි වැඩේ.. D D

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ස්තූතියි මල්ලි...:)

      Delete
  6. මමනම් යෝජනා කරන්නේ ටී වී, රේඩියෝ මගින්, 'ලයිව් පාපොච්චාරණයක්' කරවමු කියලා. ටෙලි නාට්ටි 100 ක් බැලුවත් ඒ වගේ (කුණු) ජොලියක් නෑ.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ඒකත් නරකම නෑ අයිඩියා එක...:)

      Delete
  7. එළ කියන්නෙ ලොවෙත් නෑ.. හැක් විල්බොට් මාම යවන් ඕන තමයි ඉස්කෝට්ලැන්ඩ් යාඩ් එකට හැක්..
    අරක ගම්පෙරළියද විජයබා කොල්ලයද රවි අය්ය මං අහල තිබ්බෙ විජයබා කොල්ලය කියලද කොහෙද
    ඒකයි ඒම ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      හරි හරි බන්, ඒ දවස්වල ඔය පොත් දෙකේම නම් ඔය කතාවට ගෑවිල තිබ්බ. ඒත් විජයබා කොල්ලය තමයි ගම්පෙරළියට වඩා ගැලපෙන්නෙ...:)

      Delete
  8. පංකාදු පහයි ලියවිල්ල.
    ආයේ මේ පැත්තේ දිගටම එනවා පාපොච්චාරණය කරලා යන්න

    ReplyDelete
  9. ඔයවගෙ නිවුස් වවාගෙන කන්නෙ රත්තරංවාහිනියෙනෙ. උංගෙ කතා බහෙංම උං පිලිගන්නව තමං ප්‍රවෘත්ති වවං කනව කියල. බලන්නකො රෑට ‘ලව් ඇටේ‘ ප්‍රවෘත්ති කියනකොට නිවේදකය කියනව. “රට තොට පුවත් අස්වැන්න කෙටියෙං දකිමු දැං“ කියල. අස්වැන්න කියන්නෙ වවං කන දේ නෙ.

    බුකියෙ නිවුස් දාන්නෙ වෙනිං විදිහකටනෙ.

    “ඝාතනය සිදුවූ නිවසේ උනු අලුපල්ලෙ තිවුනේ මොනවාද? තිවුන දේ දැනගත්තොත් ඔබ පුදුමවෙයි. ඒ විස්තර දැනගන්න පහත ලිංක් එක ඔබන්න. Skip ad බොත්තම මතුවෙන තුරු තත්පර අසූහාරදාහක් රැඳී සිටින්න.“

    ඕං ඔය විදිහට. ඒකෙනුත් ගානක් කනව. ඇත්තට දැං රටේ හැමෝම ජනමාද්‍ය කාරයො. හුදී ජනය බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. සුරංගම්ල්ර් සහ රවි සම කතෘන් විදිහට තම මතකයන් ( එහෙම කියමුකෝ ) ලිව්වොත් කොහොමට හිටීද කියල කල්පනාවුනා.

      Delete
    2. සුරන්ග,

      හෙහ්..සොර්නවාහිනියෙ ප්‍රෝත්ති කියනකොට අරහෙම කියනවද බන්? මුන්ව දීයාම කාපිය...දීයාම කාපිය....අස්වැන්න...හුහ්...

      මේ විප්පරවාසීව ඉන්නවයින් මට වෙලා තියන ලොකුම පාඩුව තමයි ඔය එක එක චැනල්වල ප්‍රෝත්ති කියන හුරුබුහුටි ගැටිස්සියන්ගෙ අඟර දඟර උකුලු මුකුලු කට දිව ඇඹරවිලි බලල බුද්දාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිල සඟමොක් සුව පාර්තනා කොරගන්ට තිබ්බ චෑන්ස් එක නැතිවෙච්චි එක...ඉහි..ඉහි...

      ඒ කාලෙ අපෙ උන්දැ මා එක්ක එකට ප්‍රෝත්ති බලන්ට වාඩි වුනොත් එහෙම ආපහු නැඟිටින්නෙ මයෙ මූණ නොබලන තරමට මළ පැනල.මම ඔය ප්‍රෝත්ති කියන සුරූපී නිවේදිකාවන්ගෙ අඟර දඟර ගැන කරන විස්ලේසන උන්දැට කොහොමටවත් අල්ලන්නෙම නෑ...හෙහ්,හෙහ්, ඒ ගැන ආයෙම වෙලාවක ලියන්නම්කො..පිරියම්බිකා සමඟ ටී.වී. එකේ ප්‍රෝත්ති බැලීම නොහොත් ...හෙහ්,හෙහ්,

      Delete
    3. ප්‍රා,

      වෙන මොකවත් ඕන නෑ, සුරන්ගමේලර්ගෙ ආච්චියි අපෙ අත්තම්මයි ගැන විතරක් ලිව්වත් ඒක විතරක් ඇති කියල මට හිතෙනව...:)

      Delete
  10. කියන්න වදන් නොමැත.... රවි.

    ReplyDelete
    Replies
    1. නලින්,

      ස්තූතියි...:)

      Delete
  11. //ගෙදරිං පිටවුනේ බුදුං වැඳලා
    මේක නං අමුලික ඇත්තක් වෙන්න පුළුවන් බං අද කාලේ.අර කඩුවෙල පැත්තේ රත්තරං බඩු සාප්පුවක් කඩපු එවුන් ඊට කලින් දෙයියන්ට බාරවෙලා ජීවං කරපු තෙල් එහෙම ගාගෙන තමා ගේමට බැහැලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස්,

      හෙහ්..අඩේ ඇත්තද? මම දැක්කෙ නෑ ඒක...එක අතකට පුදුම වෙන්ට දේකුත් නෑ..අපේ මිනිස්සු ඔය පෙරලි පෙරලි වඳින බාර හාර වෙන දෙයියො සීයට අනූනමයක්ම එක්කො හොරු, එක්කො බඩු කාරයො, එක්කො වන්චා කාරයො,ඉතින් හොරකම් වලට දේවාශිර්වාදය ලැබෙන එක අහන්ටත් දෙයක්ය?

      Delete
  12. Replies
    1. ස්තූතියි රොටියා...:)

      Delete
  13. හා දැං අර රවී කියන හාදයගෙ පොලිස් කෝලම පෝස්ට් එකේ කොමෙන්ට් කරපු අය අත් උස්සන්ටලා.
    හරි ඒ අය යන්ටලා අර කහ සාරියක් ඇඳගෙන ඉන්න රන්දිල් මිසී ගාවට. ගිහිල්ල පාපොච්චාරණේ කරනවලා.

    හැක්... මේක නියමයි රවියො.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / හා දැං අර රවී කියන හාදයගෙ පොලිස් කෝලම පෝස්ට් එකේ කොමෙන්ට් කරපු අය අත් උස්සන්ටලා. හරි ඒ අය යන්ටලා අර කහ සාරියක් ඇඳගෙන ඉන්න රන්දිල් මිසී ගාවට. ගිහිල්ල පාපොච්චාරණේ කරනවලා. /

      උඹටත් මරු අයිඩියාස් බන් එන්නෙ...අපරාදෙ උඹ අර කොන්ක්‍රීට් බලකාය නිකම්ම වහ දාල තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      Thanks Prasanna …..:)

      Delete
  14. පොලීසිය හැමෝටම රචනා ලියන්න දෙනව සේය ගැන.
    මෙහෙ වරෙන් නැගපන් ජිප් එකට. යමන් පොලීසියට ලියපන් රචනාවක් සේය ගැන.
    ඩී එන් ඒ අවුල නැත්නම් කොන්ඩයගෙ රචනාවට සීයෙන් සීයම දෙන්න වටිනව.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ,

      " Constructive confessions writing " කියල සබ්ජෙක්ට් එකකුත් දාන්නලු හදන්නෙ පොලිස් අභ්‍යාස විද්‍යාලෙ පාඨමාලාවට.

      Delete
  15. /ඔය එලොවටත් නැති මෙලොවටත් නැති වල්පල් ලියල කාටද ළමයො සුගතියක් වුනේ? /
    මාත් අහන්නෙ ඒකයි. (මායි ඩ්‍රැකියානියි පෙරේදා ජෝඩු දාලා බැලුවා ටූ ඉස්ටේටස් ෆිල්ම් එක. ඉස්තූතියි ඈ...)

    ReplyDelete
    Replies
    1. Dracky,

      / මායි ඩ්‍රැකියානියි පෙරේදා ජෝඩු දාලා බැලුවා ටූ ඉස්ටේටස් ෆිල්ම් එක. ඉස්තූතියි ඈ./

      හෙහ්..හරි හරි...සුබපැතුම්, සුබපැතුම්!!

      Delete
    2. බොලේ ගෙදර උන්දැත් එක්ක ෆිල්ම් එකක් බැලුවටත් සුභපතනවැයි?

      හැබැයි එක අතකට උන්දැව ෆිල්ම් එකක් බලන්න එකඟ කරගන්න එකත් මානුෂීය මෙහෙයුමක් දිනනව වගේ තමා. එහෙනං ටැංකිව් ඈ...

      Delete
    3. ඩ්‍රැකී,

      / බොලේ ගෙදර උන්දැත් එක්ක ෆිල්ම් එකක් බැලුවටත් සුභපතනවැයි? /

      උඹ ඒක කියල තිබ්බ විදිහට මට සුබ නොපතා බැරිවුනා බන්...:)

      Delete
  16. යමුනා නදිය තමා සුට්ටක් අවුල. මහවැලි කැලණි කලු වලවේ වලින් එකක් දාපන් අය්යන්ඩි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ස්තූතියි ස්තූතියි..එතෙන්ට යමුනා නදිය කියල ගැලපෙන්නෙ නෑ තමයි. කැළණි කියල දැම්ම ඔන්න...:)

      Delete
  17. හැබැයි රවි ඇමරිකාවෙනම් ඔය සීරියල් කිලර් කෙනෙක් වැඩ පටන් ගත්තහම, රටේ ඉන්න පිස්සු හුටංල ගොඩකින් පොලීසියටයි පත්තරවලටයි කෝල්ස් එනවලු "මං කලා මං කලා" කියල නේද? ඇත්තද දන්නෙ නෑ ක්‍රයිම් නවල්ස්වල එහෙමයි.
    තව කොපි කැට් කිලර්ස්ලත් බිහිවෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රා අහ තියේද එහේ නීතියන් මරණ දඬුවම නියම වෙච්චි එවුන්,මේකා අල්ලා ගන්න ඉස්සෙල්ලා වෙච්චි අහක යන මිනි මැරුම් මං කලා කියල කියනවලු.එතකොට මේකා ඒකට වග කියන්න ඕනිද කියලා හොයන්න කාලය යන නිසා මරණ දඬුවම දෙන්න කල් යනවාලු.

      Delete
    2. Pra,

      / හැබැයි රවි ඇමරිකාවෙනම් ඔය සීරියල් කිලර් කෙනෙක් වැඩ පටන් ගත්තහම, රටේ ඉන්න පිස්සු හුටංල ගොඩකින් පොලීසියටයි පත්තරවලටයි කෝල්ස් එනවලු "මං කලා මං කලා" කියල නේද? ඇත්තද දන්නෙ නෑ ක්‍රයිම් නවල්ස්වල එහෙමයි. /

      නෑ ප්‍රා, ඒක ඇත්ත..එහෙම එක එකා කෝල් කරල කිව්වම මහ වදයක් වෙනවලු ඒක.මොකද ඒ ඔක්කොම ගැන ක්‍රමානුකූලව පරීක්ෂණ කරන්න ඕන. මෙහෙ වගෙ සෙල්ලන් නෑ එහෙ. එහෙම ආපු එක කෝල් එකක් හරි ඕක බොරුවක් වෙන්නැති කියල අතෑරල දාල පස්සෙ ඒක ඇත්ත වුනොත් ඒ අදාල නිලධාරියට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනව.

      ඒ හින්ද ඔහොම ප්‍රසිද්ධ මිනීමැරුමක් උනහම ඒ ගැන ආරන්චි දෙන්ට වෙනම ටෙලිෆෝන් නම්බර් එකක් වෙන් කරනවලු.ඒකට කෝල් කරාම ටේප් කරපු මෙසේජ් එකක් ඇහෙනවලු මෙහෙම . " If you are going to say that you did this murder you will have to convince us first. Please describe in detail what was the victim wearing at the time of death " මට මේ විස්තරේ කිව්වෙ අමරිකාවෙ අවුරුදු තිහක් විතර ඉඳල ඉන්න මගෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙක්. මිනිහ සැන් ෆ්‍රැන්සිස්කෝවල පත්තරේක වැඩකරන්නෙ. ඒ හින්ද ඔය ගැන යමක් දන්නව.

      / තව කොපි කැට් කිලර්ස්ලත් බිහිවෙනවනෙ  /

      මතකද හැත්තෑව දශකයෙ අග භාගයෙ " Yorkshire Ripper " ඒ 1880 ගණන්වල මිනී මරපු " Jack the Ripper " අනුගමනය කරපු කෙනෙක් කියලයි කියන්නෙ. ජැක් ද රිපර් හරියටම කවුද කියලා තාමත් ස්ථිරව අඳුනගෙන නෑ. එළිසබෙත් අක්කගෙ සීයගෙ ( පස්වන ජෝජ් ) අයිය ( එයා එතකොට Second in line to thr throne ) මේ මිනීමැරුම් කලාය කියලත් කාලයක් කතාවක් පැතිරුනා.

      Delete
    3. /එළිසබෙත් අක්කගෙ සීයගෙ ( පස්වන ජෝජ් ) අයිය ( එයා එතකොට Second in line to thr throne ) මේ මිනීමැරුම් කලාය කියලත් කාලයක් කතාවක් පැතිරුනා./

      මේක කිව්වෙ ශ්‍රීමත් අරූ තුමාද?

      Delete
    4. ඩ්‍රැකී,

      / මේක කිව්වෙ ශ්‍රීමත් අරූ තුමාද? /

      අම්මාපල්ල මේ පකිරින්තුවට මක් උනාද කියල නෑනෙ. එහෙ දීයො නැති හින්ද දීයෙක්වත් මූ අල්ලගෙන කෑවයි කියල හිතන්ටත් අමාරුයි...:)

      Delete
    5. Pl google mystery big cats in England/UK

      Pra Jay

      Delete
    6. Pra,

      හුටා...ඔය තියෙන්නෙ බඩු...හෙහ්..ඒ කියන්නෙ එංගලන්තෙත් දීයො ඉන්නව..එහෙනං ඉතිං ආය අහන්ට දෙයක් නෑ..බඩුම තමයි.

      Thanks Pra, you are a genius. You finally solved the greatest mystery of Sinhala Blogging i.e. What happened to ARU THE GREAT? That enigmatic mystery had the whole blog world stumped and groping in the dark speculating about what happened to him for nearly 10 months.It was right there on the top, with other great mysteries of our time. What happened to Malaysian Air Lines Flight 370 ? what happened to Upali Wijewardene? etc. etc.....

      But thanks to you Pra we now know...අරූව එංලන්තෙදි දීයෙක් කාලා… It's not speculating. we have hard evidence.

      1) It has been proved that දීයො are actually living in England.

      2 ) Aru mysteriously drops out from writing his blog " අවුල්වන්නට පෙර " without providing a plausible reason.

      3) So we can safely conclude that he has been දීයෙක් කාලා. sound logic isn't it? The very same irrefutable logic employed by Sri Lankan Police when determining who killed that little girl of Kotadeniyawa.

      Delete
  18. බුලත් පයියට හෙන ගැහුවා රටේ කිල්ලෝටේ ගැන කවර කතාද? රටම නාඩගමක් වී ගෙන යනකොට පොලීසිය විතරක් ඇයි මොකෝ? ඔන්නොහෙ ඕනේ පිස්සුවක් කෙලපුදෙන්.. සක්..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / ඔන්නොහෙ ඕනේ පිස්සුවක් කෙලපුදෙන් /

      හෙහ්..එහෙමයි දැන් හිතන්නෙ එතකොට නේද? අම්මප මට පුදුමත් හිතෙනව බොලා ගැනමද කියල අර කියන්නෙ…" රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ... පස් බිඳක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොණේ " ...:)

       / සක්.. /

      එහෙම කරන්න නම් බොහොම කැමතියි බොලේ...හෙහ්..හෙහ්..ඒත් කොහෙද?...සික්

      Delete
    2. රන් වැට ගලෝලා ජිනීවා ගෙනියන්න.. එයාපෝට් එකෙන් ගෙනියන්න හදද්දීලු දන්නේ ඒක උඩින් පිත්තල ගාපු දිරච්ච යකඩ වැටක් කියලා.. හැක..හැක..

      සික් ;) සවි අයිය නෝටි වෙලා..

      Delete
  19. //කොස්සැට පුච්චං කන වීඩියෝ සහිතයි.ෂංවේධී අය නැරභීමෙං වලඛින්න. " //සිරා කතාව! +++

    ReplyDelete
    Replies
    1. Maliya,

      හෙහ්, එහෙනම්, එහෙනම්..කොස්සැට පුcච්හන් කනව කියන්නෙ බොහොම සන්වේදී දර්සනයක්. මයිල් කෙලින් වෙනව. :)

      Delete
  20. ලෝකෙම් උතුම් රට ලංකාවයි....එකෙත් හොදම තැන පොලොසියයි.....

    ReplyDelete
    Replies
    1. Siri,

      හෙහ්..මොනව කියනවද?......:)

      Delete
  21. https://youtu.be/HMnpP4CxD9k

    ඕං අර පොඩි ලමෙය ගැන සිංදුවකුත් ගහල. තව ටික දවසකිං 'සේයා' ළකුණ දරන බඩුමුට්ටු පවා එයි.

    ReplyDelete
    Replies
    1. Suranga,

      අම්මප, මේ යකා තමයි සින්දු ගහල මිනිස්සුන්ගෙ දුක් වේදනා විකුණන් කන එකේ පුරෝගාමියා...අර අරූ එල්ලපන් මූ එල්ලපන් කියල උද්ගෝසනේ කොරන එවුන්ට බැරිද මන්ද මුගෙ ගෙදර ඉස්සරහට ගිහිල්ල උද්ගෝසන කරන්ට ඔය පජාති වැඩේ නවත්තපන්ය කියල...

      Delete
    2. //මිනිස්සුන්ගෙ දුක් වේදනා විකුණන් කන එකේ පුරෝගාමියා
      අඩෝව් පොඩ්ඩක් හිටින්. එතකොට ඇන්ටන් ජෝන්ස් මොනාද කීවේ

      Delete
    3. සිරිබිරිස්,

      හරි, හරි මට වැරදුනා. ඇන්ට තමයි ඔය වැඩේ පටන් ගත්තෙ. කතරගම රූමතිය, ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි……

      Delete
  22. මච බෑ නොකියා මාමගෙ වචනෙට අඩංගු වෙලා පාපොච්චාරණ ලියන වැඩේට යන එකයි.මතක ඇතුව පාපොච්චාරණ වල කොපියකුත් තියාගන්ට උවමනායි.ඊට පස්සෙ ඉතිං කාලෙකට බ්ලොග් ලිවිල්ල ගොඩ.නැද්ද මං අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      මම පාපොච්චාරණ ලිව්වොත් බන් මල කෙලියක් වෙන්නෙ. මොකද පාපොච්චාරණය ලියන්ට වෙන්නෙ කොටස් වශයෙන්. පාපොච්චාරණය කරන එකා ඇත්තටම මිනී මැරුම කලාද කියල දැනගන්ටත් මාස තුනහතරක් යයිඔ සම් ටයිම්ස්...හෙහ්,හෙහ්,

      Delete
    2. අනේ ඔව්... වතුර දායි මල්වලට අවුරුදු බාගයක්. තව අවුරුදු කාලක් කොස් කපයි.... අන්තිමට මෝල්ගහ මිනීමැරුවා කියයි

      Delete
    3. උපේක්ෂා,

      / අන්තිමට මෝල්ගහ මිනීමැරුවා කියයි /

      මෝල්ගහ නෙවෙයි යෝදියෙ වන්ගෙඩිය..වන්ගෙඩියයි මිනී මැරුවෙ..( සතාසිවම් ඝාතන නඩුව )

      Delete
  23. ඒ. අමතක උනා. අර කොස්සැට පුච්චං කන වීඩියෝ කියන කොටහ වෙනුවට 'කොස්සැට පුච්චංකන ලිබ්බොක්කේ CCTV දර්ශන ' කියලා දැම්මනං කොහොමෙයි .

    ReplyDelete
    Replies
    1. Surangs,

      හෙහ්..ඒ CCTV කතන්දරේ නම් මරු බන්...:)

      Delete
    2. ඔව් අනේ... මේ ලඟකදී මම දැක්කා අහම්බෙන් වගේ.. ගෙදරක ගේට්ටුවක් ළමයින් සෙල්ලම් කරකර ඉන්නකොට ඇඟට කඩන් වැටෙන එකක් පෙන්නුවනේ නිවුස් වලට! (මම හිතන්නේ CCTV එක අල්ලපු ගෙදර හරි ඒ ගෙදරම හරි) අම්මප ලංකාවේ නිවුස් නැද්ද? ලෝකේ නිවුස් නැද්ද? මිනිස්සු ආස තව එකෙක් මැරෙනවා, මැරෙන්න යනවා බලන්නද?

      Delete
  24. ඒ රවි අයියෙ මම දවාලෙ මේකට කොමෙන්ට් කරානෙ. ඒක බහිරවය ගිලලද කොහෙද.

    මතකද මේ ඉරිදා දිවයිනේ ඔය වගේ ෆිල්ම් එකක් තිබුන? මේ ඔක්කොම එකතුකරල ගහමු පට්ට කෝලමක්. දැන් ඉතින් පොලිසිය කොහොමත් කෝලමක් වෙලා තියෙන එකේ මූවියක්ම ගහමු.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      / ඒ රවි අයියෙ මම දවාලෙ මේකට කොමෙන්ට් කරානෙ. ඒක බහිරවය ගිලලද කොහෙද. /

      හෙහ්..ඒ මොකද බන් එහෙම වුනේ? ඔය ඔහොම කොම්ප්ලේන් එකක් ආවමයි නිදහස් සිතුවිලි සම්බන්දව...:)

      / මතකද මේ ඉරිදා දිවයිනේ ඔය වගේ ෆිල්ම් එකක් තිබුන? /

      ඉරිදා දිවයින බැලුවේ නම් නෑනෙ...

      Delete
    2. එහෙනම් මේ නෙට්වර්ක් මගුලෙ වරදක් වෙන්නැති රවි අයියෙ.

      මෙන්න දිවයිනේ ලිංක් එක.
      http://www.divaina.com/2015/10/04/feature17.html

      Delete
  25. ප්‍රොෆයිල් පික්චර් එකට එල්ලුම් ගහ දාගෙන උද්ඝෝෂනය කොරන්න මාත් හිටියේ ඕක කට්ටියක් කොරනවා වගේ. සමහරු එහෙම දාගෙන දෙවියන්ව ප්‍රොමෝට් කරන පෝස්ට් දාලා අපිට amen කියන්න කියලත් කියනවා දැකලා මටත් එහෙම හිතුනා.

    ඒක නෙවෙයි බං. වරිංවර අත් අඩංගුවට ගන්න උන් ඔක්කොම එල්ලලා මරන්න බැරි වුනේ අර ජීන්ටෙක් කියන ප්‍රතිගාමී මගුල හන්දා. ඕක ලමයෙකුට දීලා ඩීඇන්නේ පරීස්සනේ කොටන්ඩ පොලෝසියටම දුන්න නං අපිට මේ සේයගෙ කේස් එක කම්මුතු කොල්ලා අර කහවත්තේ කේස් එකට කාව හරි එල්ලන්ඩ තිබ්බා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      මචන් මේ ඩීඑන්නේ කියනකොට මතක් වුනේ..අර දීපගෙ ඩීඑන්නේ පරීක්සනේකට උඹ සල්ලි එකතුකරගෙන කියන්නම්ය කියල පොරොන්දු වුනා මතකෙයි අනාදිමත් කාලෙකට ඉස්සර...ඔව්...බන්..ඔව්..අර අපෙ ප්‍රියම්බිකාස්ගෙ නුවර පෙරහැර බලන්ට ගිහිල්ල අන්තස්දාන වෙච්චි නිවුන් සහෝදරී දීපය කියල සැකයක් මතුවුනේ..අන්න හරි..උඹෙ හිනාවෙන් මට කිව්වැහැකි උඹට ඒ සීන් කෝන් එක මතක් වුනාය කියල

      Ok. Now you can wipe that grin off your face and tell me when you would be able to do that test....

      Delete
  26. මම නම් කියන්නේ රියැලිටි ෂෝ එකක් කරමු.... කන්ෆෙෂන් ස්ටාර් කියලා... ජජ් ලට ඉන්නේ පොලීසියෙන්...

    "නරක නෑ... හැබැයි අතන දුෂණය සිද්ධ කරපු තැන ටිකක් විස්තර මදි... බැටන් පොලු වටයට යවන්න ඔබට සුදුසු මදි බවයි මට හිතෙන්නේ..."

    ...

    "ඉතාමත් අලංකාර ලෙස ඔබ ඔබේ පාපොච්චාරණය ඉදිරිපත් කලා, ඇත්තට මට මැවිලා පෙණුනා ඔබ ඒ අපරාධය කරනවා. කොච්චර තාත්වික ලෙස ඔබ ඒක ඉදිරිපත් කලාද කියනවා නං අපේ මේ සහකාර පොලිස් අධිකාරී තුමා මගේ කණට කරලා කිව්ව මූව ආයුධ පෙන්නන්න එක්කං යමුද කියලා."

    (සභාව - "එල්ලපියෝ", "එල්ලපියෝ", "එල්ලපියෝ")

    නිවේදක: ඔව් ඔබට ඇහෙනවා ඇති ඔබේ රසිකයගේ ඔල්වරසන් හඬ... මට විස්වාසයි ඔබ මේ තරඟයේ එල්ලා මරණ වටයට අනිවාර්යයෙන් සුදුසුකම ලබන බව"

    ReplyDelete
    Replies
    1. තිසර,

      හෙහ්..නියම අයිඩියාස්නෙ බන් බොටත් එන්නෙ..හෙහ්,හෙහ්, කන්ෆෙෂන් ඉස්ටාර්.....හෙහ්,හෙහ්, විනිස්චය මන්ඩල ප්‍රදානිය හැටියට උඹ හොඳයි. රනවිරු රියල් ඉස්ටාර් එක විනිස්චය කරද්දි අර සට්ටඹිය පනාපුත්තරය රඟපාපු පක්කලි රෝල් එක උඹට බාරයි ඔන්න. දෙන්ට ඕන ඇස්ටි හැලෙන්ට හොඳේ?....

      ඒ පක්කලිය ගිහිල්ල ඉස්ටේජ් එකට පනින එක නම් බොට බැරිවෙයි මම හිතන්නෙ. උඹම එක පාරක් කොහෙද කියල තිබ්බ මට මතකයි උඹ හොඳ උස මහත පුඟුලෙක්ය කියල. ඒ හින්ද ඉස්ටේජ් එකට කඩාගෙන පනින්ට ඕන නෑ. හෙමිහිට නැග්ගම ඇති.

      ඒ කරල කන්ෆෙෂන් ඉස්ටාර්ගෙ කරට අත දාගෙන මෙහෙම කියපන් ඇස් දෙකේ කඳුලු පුරවගන්ට ඇහැක්නම් වැඩේ ටිප් ටොප්. ඒකට ක්‍රම කීපයක් තියනව. එක ක්‍රමයක්. එක පාරට දිව හපාගනින්. එතකොට කඳුලු එනව නොවැරදීම. දැන් කතාව. " පුතා ඔබ හැබෑ දක්සයෙක්. ඔබේ පාපෝච්චාරනය අසා සිටි මගේ දෑසට කඳුලු පිරුනා. මේ බලන්න මම ලැජ්ජ වෙන්නෙ නෑ ඒ ගැන ( කඳුලු පිරුනු දෑසේ සමීප රූපයක් ) මගේ ජීවිතයේ ඒ වගෙ පාපොච්චාරනයක් කරන්ට ලැබෙයි නම් ඒ තමයි මම ලබන ඉහලම සතුට. ඒ වගේම මම වචනයක් කියන්නට ඕන අපේ ප්‍රධාන අමුත්තා ගැන...අපේ යුද වීරයා, ලේකම් තුමා ගැන. එතුමාත් මේ වගේම අපූරු පාපොච්චාරනයක් ලඟදීම දවසක කරයි කියල මම බලාපොරොත්තු වෙනව..."

      Delete
    2. // සට්ටඹිය පනාපුත්තරය රඟපාපු පක්කලි රෝල් එක
      අපෝයි බෝට එකාව එපා වෙච්චි තරමක් :-)
      තාමත් ඒකා ඉන්න ඒවා බලන්න බැරුවයි

      Delete
    3. Thisara: මට මතක් උනේ අර Alice in Wonderland කතාවේ හාරත රැජින..

      Delete
    4. සිරිබිරිස්,

      / " අපෝයි බෝට එකාව එපා වෙච්චි තරමක් :-) තාමත් ඒකා ඉන්න ඒවා බලන්න බැරුවයි" /

      අපොයි ඔව් බන් තාම මට ඕකගෙ නම ඇහෙනකොටත් අප්පිරියයි. ඒ බොහෝවිට මම ඔය වලහැඩියට පුදුම විදිහට කැමැත්තෙන් හිටපු හින්දම වෙන්නත් ඇති. සුගතපාල ද සිල්වා මහත්මයගෙ " මරා-සාද් " නාට්‍යයෙ මරාගෙ භූමිකාව ඔය සෙප්පඩයා රඟපෑව කියන්නෙ ආය කියල වැඩක් නෑ...හෙහ්..

      පලි - ඔය හැලගෙම්බව මට කොච්චර එපා වෙලාද කියනව නම් බන් මේ දවස්වල සුවර්නවාහිනියෙ යනව ටෙලි නාට්‍යයක් බොහීමියානුවා කියල. අර සට්ටඹියගෙ පුතා ඉන්නෙ. අමුතු විදිහෙ කතාවක්. ඒක බලන්ට හිත එකඟ කරගත්තෙත් බොහොම අමාරුවෙන්...:)

      Delete
    5. Upeksha,

      හාරත රැජිණ හැදුවා දෝසි රස ඇතී,
      හාරත බූරු වැඩකරු එය සොරා ගතී...

      Delete
  27. චික් විතරක්. වෙන මොකක් කියන්නද ඉතින්?

    ReplyDelete
    Replies
    1. Upeksha,

      ආ...හම්බ වෙච්චි එකත් හොඳයි. මම මේ අහන්නමයි හිටියෙ....අර අඬෝවැඩියාව ඉවර වෙන්නෙ කවද්ද බන්?

      / ඒ වැහි වහින්නේ කවදාද නොදනිමි / හෙහ්..කාළගුණෙන් වත් අහල ඕක හරියටම දැනගන්ට බැලුවෙ නැත?

      Delete
    2. /මම මේ අහන්නමයි හිටියෙ....අර අඬෝවැඩියාව ඉවර වෙන්නෙ කවද්ද බන්? / වරක් දෙක...

      Delete
    3. ඔව් වොව්.. මේ ආව... මේ ආව... කාලගුනෙන් නේද? ලංකාවේ කාලගුණේ කියන උන් දැන් ඉස්සර වගේ TV එකට ඇවිත් කියන්නේ නැහැ මම හිතන්නේ. උන්ට උනත් පාරක බැහැල යන්න පුලුවන්ද පහුවදාට නැත්තම්? ලංකාවේ කාලගුණේ කියන්නේ හැමදාම වහිනවා කියල. මෙන්න බොලේ මෙතෙක් දවස් අනෝරා වැහි වැහැ වැහැ තිබිලා පහුවදා ඉඳල ගිනි කසේට පායනවා... ආන්න කාලගුණ අනාවැකි! මම එව්වට කියන්නේ 'කටවහ' කියල.

      වැස්සට කොමාවක් තිබ්බ. කියෝන උන් මට එලෝ මෙලෝ නැතුව බනිනවා. කම්මලේ බල්ලෙක්ට උනත් මයිනහමක් ඇදෙන වෙලාවකවත් තියෙන්ට එපැයි , නැද්ද?

      ඈ ඩ්‍රැකී... උඹටත් ඒක එපා වෙලාද?

      Delete
  28. මරු බං රවී අයියේ...
    ඊයේ මේක කියෙව්වට කමෙන්ට් කොටන්න බැරි උනා...
    අපි අර ඉස්සර අහල තියෙන වලහව හාවා කරපු ලංකාවේ පොලිස් කාරයින්ගේ කතාව ඒ දවස් වල ගොතපු එකා සෑහෙන දුර දිග අනාගතය දැකලා තියෙන පාටයි...
    එහෙම නැත්නම් ඌ අනාගතයට එන්න පුළුවන් හැකියාවක් තිබ්බ එකෙක්ද දන්නෙත් නැහැ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ඒකනෙ බන් කියන්නෙ...ඔය වලහා මම තමයි හාව කියල දහ අතේ දිවුරනකොට වෙන කරන්ට දෙයක් නෑ. නඩුකාරයටත් පිලිගන්ට වෙනව මූ හාවම තමයි කියල...:)

      Delete
  29. හිනා වෙලා කියෙවුවට අනේ රටකට ගිය කලක්,

    අයියේ සඳ විනිවිද ඉවර වුණා. මේ කොස් ඇට පුච්චලා කන කතා කියවද්දී කට පොපියනවා අප්පා. ශික් :(

    ReplyDelete
    Replies
    1. ඔමා,

      ලෝඩ් වගෙ උඹට ලින්ක් එක දුන්නට පහුගිය මාස එකහමාරක් විතර මට සඳ විනිවිද බලන්ට බැරිවුනා බන්...ඉස්පාසුවක් ලැබිච්ච වහාම කොණක ඉඳල බලන්ට ඕන...:)

      Delete
  30. අයියෝ රවි, හිනා කාල පනයනවා කියන්නෙ මේවට තමයි. අනේ, මේව අහන්නම තියෙන්නෙ අපේ රටේ විතරයි අප්පා. මේ කොටදෙනියාවෙ කේස් එකම මදෑ.

    ReplyDelete
    Replies
    1. චන්දි,

      කාටද කියන්නෙ ඉතින් මෙව්ව ? වැටත් නියරත් ගොයම් කානම්........අන්තිමට මිනීමරපු එකෙක් නැතිවෙයි මම හිතන්නෙ මේ යන විදිහට....

      තෑන්ක්ස් චාන්දි..:)

      Delete
  31. කැලෙන් අල්ලන් ආපු වලහට ගහල ගහල ඌත් පාපොච්චාරණය කෙරුවලුනෙ මම තමයි හාවා කියලා.

    ReplyDelete
    Replies
    1. පිණිබිඳු,

      එහෙනම් එහෙනම් …." උඹ කොහොමද හාවෙක් වෙන්නෙ ?... මේ පේන්නෙ නැද්ද උඹ වළහෙක්" කියල කියපු එවුන්ටත් පෙරලගෙන ගැහුවලු වළහා " කට වහපියව්..මම හාවෙක්මයි, මම හාවෙක්මයි, මම හාවෙක්මයි " කියල පලාත දෙවනත් වෙන්ට කෑගැහුවත්ලු.

      Delete
  32. කිව්වත් වගේ මෙව්වට අඩන්නද නැතිනම් හිනා වෙන්නද මන්දා රවීයියේ.තීරු ලිපියකට කියාපු ලියමන.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ස්තූතියි මල්ලි.....

      " ප්‍රහසනය අවසානයේ ඛෙදාන්තයකි " කියන්නෙ මෙව්වට බොල...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...