Friday, June 26, 2015

328. විමලෙගෙ වාංපතුල් කතා - 31 - Operation Thunderbolt, Hiroo Onoda, ලොකු අම්මා සහ සරෝජිනී

Google Images

" ආය මිසිස් තෙන්නකෝන්ගෙන් අහන්නෙ මොකටද? අම්මට බැරිය ඒ ළමය මෙහෙ නවත්තගන්ට. "

මුලු සතියෙම අම්මයි අප්පච්චියි විතරනෙ ගෙදර ඉන්නෙ. ඒ කාලෙ වෙනකොට මම සති දෙකකට සැරයක් වගෙ සති අන්තෙට විතරයි ගෙදර ආවෙ. නංගිල දෙන්නම කොළඹ. එයාල නම් හැම සිකුරාදාවකම වගෙ ගෙදර ආව. සඳුද පාන්දර ආපහු යනව. කොහොමහරි සතියෙ දවස් පහේ අම්මයි අප්පච්චියි විතරයි ගෙදර.

අම්ම කටත් බාගෙට ඇරගෙන මා දිහාවෙ බලා ඉඳපු ඉඳිල්ලට මම හිනාව ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්..

" පුතා ඇත්තටම කියනවද විහිලුවට කියනවද කියල මටනම් හිතාගන්ට බෑ.." අම්ම තොල මැතිරුවෙ තමන්ටම කියාගන්නව වගෙ. 

" විහිලු නෙවෙයි. අප්පච්චිගෙ අසනීපෙත් එක්ක නර්ස් කෙනෙක් ගෙදරම ඉන්නව නම් කොච්චර එකක්ද? " මම එහෙම කියල අම්ම දිහා හොරැහින් බලාගෙන මගෙ කාමරේට ගියා.

අප්පච්චි ඒ ගමන තව දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය. ඒ අතර රෑට අප්පච්චි ලඟ ඉන්න එක අපෙ ලොකු අම්මගෙ පුතෙක් බාර ගත්ත. අපෙ ලොකු අම්මට පුත්තු හිටිය පස් දෙනෙක්ම. එයින් ලොකුම පුතත් කාලයක් මම එක්ක අර කැලේ මැද එකම ඔෆිස් එකේ වැඩ කලා. එයා හිටියෙ අපේ අයකැමි විදිහට. සිංහලෙන් සරප්.අපේ වැටුප් ගෙව්වෙ ඒ අයිය. එක පාරක් චෙක් එකේ මොකක්ද අවුලක් වෙලා බැංකුවෙන් සල්ලි ගන්ට බැරිවෙලා අපිට පඩි ගෙව්වෙ නෑ. අපේ එවුන්ට මල අතේ. එදා වෙච්චි මරු සීන් එකක් මම කලින් ලිව්වද කියල මට මතක නෑනෙ.කලින් ලියපුවගෙ පොඩි සර්ච් පාරකුත් දාල බැලුව ඒත් ම්හු..හොයාගන්ට බැරිවුනා. ඒත් මට මතකයි ලිව්ව වගේ.

රයිට් කලිං ලිව්ව උනත් කමක් නෑ ආයම කියන්නංකො..ඒ තරමට ආතල් කතාව ඒක.ඉතිං මයෙ ලොකු අම්මගෙ පුතා තමයි අපිට වැටුප් එතනිං ගිහාම ඔය අනික් දීමනා එහෙම ගෙවන්ට හිටියෙ. මුදල් අයකැමි නොහොත් සරප්.මාසික වැටුප ගෙවන්නෙ මාසෙ 25 වෙනිදයින් පස්සෙ, 30 වෙනිදට ඉස්සර. 

ඔය අපේ නෑදෑකම මගෙ යාලුවො වැඩිදෙනෙක් දැනගෙන හිටියෙ නෑ. මයෙ ඉතාම කිට්ටුවන්ත යාලුවන්ට විතරයි මම ඔය විස්තරේ කියල තිබ්බෙ.Need To Know Basis. අන්න ඒ පදනම මත. CIA, KGB, Mossad වගෙ ඔත්තුසේවා වල රහස්‍ය තොරතුරු එයාලගෙ නිලධාරීන්ට වුනත් දැනුම්දෙන්නෙ ඔය නීඩ් ටු නෝ බේසිස් එක මත.මොකද එහෙම උනහම මොනවහරි සැලසුමක් වැරදිල ගිහිල්ල ඒ නිලධාරියා හතුරන්ට අහුවුනත් එයා නොදන්න දෙයක් හතුරන්ට දැනගන්ට විදිහක් නෑනෙ. අන්න ඒ නිසා.

මොසාඩ් කියන්නෙ ඊශ්‍රායල් රහස් ඔත්තු සංවිධානය. සම්පූර්ණ නම The Institute for Intelligence and Special Operations. රහස් තොරතුරු සහ විශේෂ මෙහෙයුම් ආයතනය. අපේ තියෙන්නෙ හමුදා බුඩ්ඩි අංසෙ කියලනෙ. Intelligence කියන වචනෙට අර්ථ දෙකක් තියනවයි කියල නොදන්න බුද්ධිය කියන එක සීරෝ මහිෂයෙක් දාපු ඒ නම තවම පාවිච්චි කරන්නෙ ඇයිද කියන එකයි මට හිතාගන්ට බැරි.

හරි ආපහු මොසාඩ් සහ ඊශ්‍රායලය ගැන. යුදෙව්වො කියන්නෙ මම බොහොම ගරුකරන ජාතියක්. පලස්තීනය පිළිබඳ ඔවුන්ගෙ ප්‍රතිපත්ති ගැන මම එකඟවෙන්නෙ නැතිවුනත් ඔවුන් එහෙම කරන්න හේතුසාධක මට හිතාගන්න පුලුවන්.1976 අවුරුද්දෙ ජූලි මාසෙ පලස්තීන ත්‍රස්තවාදීන් එයාර් ෆ්‍රාන්ස් ගුවන් යානයක් පැහැරගෙන උගන්ඩාවෙ එන්ටෙබේ ගුවන් තොටුපොලට අරගෙන ගියා. එහි හිටපු යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් විදිහට තියාගෙන ඔවුන් ඉල්ලා සිටියා ඊශ්‍රායලයෙ සිරගතව සිටින පලස්තීන ත්‍රස්තවාදීන් පිරිසක් නිදහස්කරන ලෙස. 

එවකට උගන්ඩාවෙ ජනාධිපති ඉඩි අමීන් පලස්තීනුවන්ට සම්පූර්ණ සහයෝගය දුන්නා. ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සියළු සාකච්ඡා අසාර්ථකවූ පසු, ඊශ්‍රායල් කමාන්ඩෝ සේනාංකයක් ඉතාම රහසිගතව මධ්‍යම රාත්‍රියේ ඝණ අඳුර මැදින් එන්ටෙබේ ගුවන් තොටුපොලට ගොඩ බැස, ත්‍රස්තවාදීන් සහ උගන්ඩානු හමුදා භටයින් ගණනාවක් මරා දමා, ප්‍රාණ අපකරුවන් මුදාගත්තා. Operation Thunderbolt නමින් හැඳින්වුනු එම එම මෙහෙයුමෙහිදී ප්‍රා ඇපකරුවන් තිදෙනෙක් සහ එක් ඊශ්‍රායල් කමාන්ඩෝ සෙබලෙක් මියගියා. ඒ මියගිය එකම ඊශ්‍රායල් සෙබලා මෙහෙයුමට නායකත්වය දුන් ලුතිනන් කර්නල් යොනටන් නෙටන්යාහු. වර්තමාන ඊශ්‍රායල් අගමැති බින්යමීන් නෙටන්යාහූ ඔහුගේ බාල සහෝදරයා. යොනටන් අනුස්මරණය උදෙසා පසුව එම මෙහෙයුම Operation Yonatan ලෙස නැවත නම් කිරීමට ඊශ්‍රායල් රජය කටයුතු කලා.

ඒ වීර වික්‍රමාන්විත මෙහෙයුම අලලා අපූරු චිත්‍රපට කීපයක්ම ඉන්පසු නිපදවුනා. Operation Thunderbolt, Victory At Entebbe, Raid On Entebbe, එයින් කිහිපයක්.

1976 අවුරුද්දෙ ඒ මෙහෙයුම සිදුවූ දවස්වල දිනමිණ පත්‍රයේ ඒ ගැන සෑහෙන විස්තරයක් පලවුනා. එවකට බලයේ සිටි මැතිණියගෙ සමගි පෙරමුණු රජය පලස්තීනයට පූර්ණ සහයෝගය පලකලත්,  මේ මෙහෙයුම ගැන විස්තර දිනමිණෙහි පලවීමට ඒ ප්‍රතිපත්තිය බාධාවක් වුනේ නෑ. මගේ සිත්ගත්, මම ආසාවෙන් කියවපු ප්‍රවෘත්ති, අඩංගු පත්තර ලිපිගොනුවල දාල එකතුකරන පුරුද්දක් ඒ දවස්වල මගෙ තිබ්බ. අපේ මහ ගෙදර සමහරවිට පරණවෙලා කහ ගැහිච්චි ඒ පත්තර පිටු තවම තියෙන්න පුලුවන්, ඔය කොහෙ හරි කබඩ් එකක පතුලෙ මොනවට හරි යට වෙලා. ආයම මහගෙදර ගිය වෙලාවක හොයල බලන්ට ඕන.

ඔය වගේම ඒ කාලෙ මම බොහොම ආසාවෙන් කියෙව්වා, ඒ වගේම ඒ ප්‍රවෘත්තිය පලවූ පුවත්පත් පිටු එකතුකලා ජපන් ජාතික හිරූ ඔනෝඩාගේ විශ්මයජනක කතාපුවත. ඒ පුවත සිළුමිණ පුවත්පතේ සති කීපයක් කොටස් වශයෙන් පලවූවා. ඔනෝඩා දෙවන ලෝක යුද සමයේ ජපන් යුද හමුදාවේ ලුතිනන් වරයෙක්. 1944 වර්ෂයේදී ඔහුට යන්ට සිදුවෙනවා පිලිපීනයේ ලුබ්ලෝංග් දූපතට. ඔහුට අණ ලැබෙන්නේ මෙහෙමයි. සතුරන් අතට දූපත පත්නොවීමට කලයුතු සියලු දේ ඔබ කල යුතුයි. කිසිදු කරුණක් නිසා සතුරාට යටත්වීම හෝ දිවිනසාගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.

බහුතරයක් ජපනුන් අද පවා ඔවුන්ගේ අධිරාජයා මිහිපිට වසන දෙවියකු ලෙසයි සලකන්නේ. අධිරාජයාගේ අණ පිළිපැදීමේදී , ඔහු පවරන රාජකාරිය ඉටුකිරීමෙහිදී ජීවිතය කැපකිරීම ඔවුන්ට ඉතා සුළු දෙයක්.

ලුබ්ලෝංග් දූපත අමරිකානු හමුදා අතට පත්වුවත් ඔනෝඩා සහ සගයින් කීප දෙනෙක් කඳුකරයේ කැළෑවට පලාගොස් එහි සැඟවී සිට ගරිල්ලා යුද්ධයක නිරතවෙනවා. යුද්ධය අවසන් නිසා කැළෑවෙන් එළියට පැමිණ භාරවන ලෙස ගුවනේ සිට විසිරුවා හරින පත්‍රිකා මඟින් කල ඉල්ලීම් ඔවුන් නොපිළිගන්නේ ඒ සතුරන්ගේ කූට ප්‍රයෝග ලෙස උපකල්පනය කරමිනුයි. අවසානයේ 1974 වර්ෂයේ ඔනෝඩාගේ අණදෙන නිලධාරියාවූ මේජර් යොෂීමි ටනිගුචි ජපානයේ සිට ලුබ්ලෝංග් දූපතට පැමිණ යුද්ධය අවසන්වී ඇති බැවින් වහාම අවිආපසු භාරදී යටත්වන ලෙස ඔහුට නියෝග කලා. ඒ අනුව ඔනෝඩා තම වසර තිහක ඒක පුද්ගල යුද්ධය අවසන් කලා.

ඔනෝඩාගේ කතාව මම බාගෙට ලියල තියෙන්නෙ. " හිරූ ඔනෝඩා...විනය ගරුක සොල්දාදුවෙකුගේ වසර තිහක ඒක පුද්ගල යුද්ධය "

සතුරාට යටත්වීම කියන්නෙ මරණයටත් වඩා අන්ත ඉරණමක් සහ එහෙම කරන අයගේ පවුල්වලට පවා ඒ අපකීර්තියෙන් ගැලවීමක් නැතිය කියන අන්තවාදී සංකල්පය ජපන් සොල්දාදුවන්ගේ මනසට ඒ දවස්වල දැඩිලෙස කාවද්දලයි තිබිල තියෙන්නෙ ඔවුන්ගෙ පුහුණුවේ ඉඳලම. හිරෝෂිමා සහ නාගසාකි නගරවල ලක්ෂ දෙකකට අධික ජනතාවකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට හේතුවූයේත් ඒ ජපන් ජාතිකයින්ගේ ඇටමිදුළු තුලට පවා කාවැදුනු දෘඩ, අනම්‍ය පරාජය පිළිනොගැනීමේ ප්‍රතිපත්තියයි.

හරි එන්ටෙබේ මෙහෙයුම සහ හිරූ ඔනෝඩා පිලිබඳ අතුරු කතාවෙන් අනතුරුව යලිත් ප්‍රධාන ප්‍රස්තුතයට.

අපේ මුදල් අයකැමි විදිහට වැඩ කරන්නෙ මයෙ ලොකු අම්මගෙ පුතාය කියල මගෙ යාලුවො හුඟක් හරියක් දැනගෙන හිටියෙ නෑ. ඉතිං ඔන්න එක පාරක් අපි ගියා මාසෙ අන්තිමට වැටුප් ගන්න. ගිහිල්ල බලනකොට මහ ජංජාලයක්. එදා පඩි සල්ලි ගෙනල්ල නෑ. චෙක් එකේ මොකක්ද අවුලක් වෙලා බැංකුවෙන් සල්ලි දීල නෑ. ඉතිං මොකේද දං වළඳන්නෙ? අපි එහෙම්මම හැරිල ආව. හැමෝටම වගෙ මාර අප්සෙට්. ගෙවල් වලට සල්ලි යවන්ට ඕන එවුං, බැංකු ණය වාරික වලට සල්ලි දාන්ට ඕන එවුං,මොනවහරි ගවුං කෑල්ලක් අරගෙන කෙල්ලො බලන්ට යන්ට හිටපු එවුං, ඔයවගෙ මෙකී නොකී එවුං ඔක්කොගෙම මූණු හරියට ජනවාරි නම වෙනිද වටිං ගොඩිං එළිය වැටීගෙන එද්දි, මරාගෙ මූණත්තහඩුව වාගෙ.

අතේ සතපහක් නැති වුනත් අපේ කෑම්ප් එකේම තිබ්බ බාර් එකෙං ( ඒ බාර් එක ගැන විස්තරේ මම කලින් ලිව්ව කියල මතකයි ) ණයට බෝතල් දෙහෙකුත් අරගෙන අපි එදා රෑ සෙට් වුනා.ඒ දුක තුනී කරගන්ට හොඳම ක්‍රමය ඒක හින්ද. ගහන ගමනුත් කතාව පඩි කේස් එක ගැන. හැමෝම අයියට බණින්නෙ. ඇත්තටම මිනිහගෙ කිසිම වැරැද්දක් නෑ. චෙක් එක වරද්දල තියෙන්නෙ එකවුන්ට්ස් සෙක්ෂන් එකෙන්. ඒ මිනිහ මක් කරන්ටද ඒකට? බැංකුවෙං සල්ලි දුන්නෙ නැත්තං මේ මනුස්සය අතිං ගෙවන්ටය.ඕක ඉතිං ගහපහ දෙන්ට යන එකේ කිසිම තේරුමක් නැති හින්ද මම සද්ද නැතුව හිටිය. ටික ටික ඔන්න ඒ ගැන කතාව මඟඇරිල ගියා කියමුකො. 

ඒත් ගාමිණී කියල මගෙ යාළුවෙක් හිටිය මූ මේක අතාරින්නෙම නෑ. ඒ ගැනමයි කතාව. ඔන්න එක පාරටම මූ කියාපි " කැෂියරයගෙ අම්මට ****** " කියල.

ඒ වෙනකොට මටත් අප්පමාදෝ අමරපදං වෙලයි හිටියෙ.මට නේද ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව ගියා. පැන්න ගමං අල්ලගත්ත ගාමිණියගෙ හීං තැනින්ම.නෑ..නෑ...නෑ...බොලව් .හීං තැනිං කියන්නෙ බෙල්ලෙං..බෙල්ලෙං....

" අඩෝ තෝ දැනගං ඒ මගෙ ලොකු අම්මා.."

මම එහෙම කිව්ව උගෙ බෙල්ලෙං අල්ලල හොල්ලන ගමං. අනේ ගාමිණියා බයවෙච්චි පාර මගෙ දිහා බලාහිටිය ඇස්දෙකත් දොට්ට දාගෙන. අනික් එවුනුත් කතා බතා ඔක්කොම නතර කරලා අපි දිහාට හැරුනා. ඒ එක්කම මමත් ගිණි අඟුරක් අත ගෑවුන වගෙ ගාමිණියගෙ බෙල්ල අත ඇරල අඩියක් පස්සට ගත්ත. මට මාර අප්සෙට් වෙච්චි වැඩේට. 

" කවුද බං දන්නෙ උඹෙ ලොකු අම්ම කියල ඒ?..... කලින් කියන්ට එපාය" ගාමිණිය එහෙම කියල මගෙ අත අල්ලගත්ත. 

" හරි, හරි…. බං වෙරිම වෙරි සොරි..ඒක අමතක කරල දාපං…" මම උගෙ කරට අතක් දාගෙන කිව්ව.

රයිට් ඒ සීන් එක එතනිං ඉවරයි.පස්සෙ දවසක අයිය හම්බවෙච්චි වෙලාවක මම ඔය කතාව අයිය දැක්කිනුත් කිව්ව. අපි දෙන්නම කඳුළු එනකල් හිනාවුනා. මේ කතන්දරේ පසු කතාවකුත් තියනව. ඉතිං ඊට ටික කාලෙකට පස්සෙ අයිය ස්ථාන මාරුවක් හදාගෙන නුවර කිට්ටුව අපෙ ව්‍යාපෘතියකට ගියා. මමත් තව ටික කාලයක් එහෙ ඉඳල අර ගොවි ජනපදයේ සේවය සඳහා ගියානෙ. ඊට පස්සෙ තමයි ඔන්න මගෙ විවාහ මංගල්‍යෝත්සවය එහෙම තිබ්බෙ.ඕකට අර ගාමිණියත් ආවනෙ. ඔන්න ඕකා අපිදෙන්න ( අපි දෙන්න කිව්වෙ එතුමී සහ මම ) ඉන්න තැනට ඇවිල්ල අතට අත දීල කතාකලාය කියමුකො.

" මගේ සුබ පැතුම් මචං ……" 

" තෑන්ක්ස් ගාමිණී……" මම එහෙම කියල එතුමී දිහාට හැරුන. " මේ ගාමිණී ……..අපි දෙන්න කලින් එකට වැඩකලා අවුරුදු ගානක්.... දැන් මේකා ඉන්නෙ ඇඹිලිපිටියෙ. " 

එහෙම කියල එතුමීට ගාමිණී අඳුන්වල දීල මම ආපහු මිනිහ දිහාට හැරුනා.

" ආ..ඒක නෙවෙයි...උඹ අර එක පාරක් අපේ ලොකු අම්මා ගැන මොනවද කිව්ව නේද? ඉඳහංකො අන්න ලොකු අම්ම ඇවිල්ල ඉන්නව..මම උඹට අඳුන්වල දෙන්නං..කෝ මේ? ආ ..අර ඉන්නෙ..මේ ලොකු අම්මේ..ලොකු අම්මේ... " මම එතනම ඉඳල ලොකු අම්මට කතා කලා.

ගාමිණියගෙ මූණත් එක්ක රතුවෙලා හුස්ම හිරවෙන්ට වගෙ ඇවිල්ලා.." උඹට පිස්සුද බං? මොනවද මේ කරන විකාරෙ? " ඌ හෙමිහිට මට විතරක් ඇහෙන විදිහට කිව්වෙ දත්මිටි කාගෙන. එතුමී තුස්නිම්බූත වෙලා බලා ඉන්නව මේ මොකද වෙන්නෙ කියල හිතාගන්ට බැරුව.

" ඇයි පුතේ? " ඒ අස්සෙ ලොකු අම්මත් එතනට ආපි. ගාමිණිය ඇඹරුනා ඇඹරිල්ලක් අර සුනාමියට අහුවෙච්චි පැරෑලියේ රේල්පීලි වගෙ. 

" ආ..ලොකු අම්මෙ..මේ ගාමිණී... මගෙ යාලුවෙක්...ගාමිණීය ලොකු අම්මව දකින්ට ආසයි කියල කියපු හින්දයි මම මේ කතා කලේ.." 

" ආ එහෙමද? මම හිතන්නෙ අපෙ පුතාව එහෙමත් අඳුනනව ඇති නේද ඔය ළමය?..."

" ආ..ඔව්..ඔව්...ඒක තමයි මම හිතන්නෙ ගාමිණී ලොකු අම්මව දකින්ට ආසයි කියල කිව්වෙ.."

"ආ..ඒක කොච්චර එකක්ද? අපේ පුතත් ඔන්න දැං මේ හරියෙ හිටිය.." 

"හරි ලොකු අම්මෙ එහෙනං අයිය දැක්කොත් කියන්ටකො මේ ගාමිණී එහෙම ඇවිල්ල ඉන්නවයි කියල. " එහෙම කියල මම ලොකු අම්මව එතනිං පිටත් කලා. ගාමිණිය මා දිහා කන්ට වගෙ බලා ඉඳල ආපහු හැරිල  පස්සවත් නොබලා යන්ට ගියා. 

" මොකක්ද අනේ ඒ එතන වුනේ? මොකෝ අර ඔයාගෙ යාලුව පස්සවත් නොබලා යන්ට ගියේ? හරියට කවුරුහරි පස්සෙං පන්නනව වගෙ? " එතුමී නළලත් රැලි කරගෙන එහෙම ඇහුව.

දැංවගෙ එහෙමනං  ඔය ගාණක් නෑ මං කියල දානව විස්තරේ. ඒ වුනාට ඒ බැඳපුම දවසෙනෙ. ඔව්ව කියන්ට ගිහිල්ල කොහෙං කෙරවල් වෙයිද දන්නෙ නෑනෙ.

" ඒ ඔය ගාමිණියට ටිකක් නුහුගුණේ වගේ ඒයි.. ඒක හින්ද ඔය " මම එහෙම කියල වැඩේ ක්ලෝස් කරල දැම්ම..

" හුහ්..නුහුගුණේ...නුහුගුණේ මට පේන්නෙ ගාමිණීට නම් නෙවෙයි මෙයාට වගෙ...මේ..මෙන්න මෙහාට ඇවිල්ල ඉඳගන්ට….." ඈ මට විතරක් ඇහෙන්ට අඬ බාලකරල එහෙම කියල බස බස ගාල ගිහිල්ල මල් සැරසිළි කරපු කවිච්චියෙ ඉඳගත්ත.

ඉතිං ආපහු එමු අප්පච්චි ගාවට.......අප්පච්චි ඒ ගමන තව දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය. ඒ අතර රෑට අප්පච්චි ලඟ ඉන්න එක අපෙ ලොකු අම්මගෙ පුතෙක් බාර ගත්ත. අප්පච්චිගෙ අසනීප තත්වය එන්ට එන්ටම සුව අතට හැරුනු නිසා දවල්ට කවුරුත් අප්පච්චි ලඟ ඉන්න ඕන වුනේ නෑ. ඒත් දවල්ට කෑම අරගෙන ගිහිල්ල මම දවස් දෙකක්ම, හවස අර මම කිව්ව අයිය එනකල් අප්පච්චි ලඟ හිටිය.ඒ මම හිතන්නෙ සරෝජිනී එක්ක කතාකරන්ට තිබ්බ කැමැත්ත හින්දමද කියල මට හරියට කියන්න බෑ. ඒත් අම්ම කියපු දේවල් හින්දමත් නෙවෙයි ඒ ළමය ගැන මගේ හිතේ මොකක්ද පැහැදීමක් වගෙ දෙයක් ඇතිවෙලයි තිබුනෙ ඒ වෙනකොටත්. 

ඒත් මෙතන ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ සරෝජිනී කිසිම විදිහකින් එයාගෙ හැඟීම් ගැන ඉඟියක්වත් පලනොකල එකයි. මම කතාකරද්දි ඈ කිසිම විදිහකින් අකමැත්තක් පෙන්නුවෙ නෑ. ඒ වගේම මුහුණෙ ඉරියව්වකින්වත් කැමැත්තක් පෙන්නුවෙත් නෑ.ඒ හින්දම මටත් ලොකු ප්‍රශ්ණයක් වුනා මම මොකද කරන්නෙ කියන එක. එයාලගෙ අම්ම අපෙ අම්මගෙ යාලුවෙක් වුනත් මම කැමතිවුනේ නෑ ඒ මාර්ගයෙන් වැඩේට අතගහන්ට. 

" අම්මා මේ අර සුරවීර ආන්ටිට ඕන නම් කෝල් එකක් දීල විස්තර අහන්ට. ඒත් අර සරෝජිනී ගැනනම් කිසිදෙයක් නිකමටවත් කියන්ට එපා ඔන්න.." මම කලින්ම අම්මට එහෙම ඉන්ජන්ක්ෂන් එකක් දාල තිබ්බෙ එයාගෙ හැටි මම හොඳාකාරවම දන්න හින්දයි.

" හරි හරි ඔයා කියනවනම් මම මොකවත් අහන්නෙ නෑ ඒ ගැන.." අම්ම එහෙම කියල හිනාවුනා.

" අම්මෙ මේ විහිලුවක් එහෙම නෙවෙයි..මම මේ සීරියස් කියන්නෙ...මෙහෙම දෙයක් ගැන මොකවත්ම කතාකරනව එහෙම නෙවෙයි ඔන්න හොඳද? "

" හරි..හරි..මම දැං හා කිව්වනෙ..මම කතා කරන්නෙ නෑ...ඔයා කලබල වෙන්ට එපා…" මම ඒත් අම්මගෙ මූණ දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්..

" නෑ..පුතා..ඇත්තමයි..පුතා එපා කියනවනම් මම ඒ ගැන කිසිම දෙයක් කතා කරන්නෙ නෑ.." අම්ම පොරොන්දු වුනා.

සරෝජිනීගෙන් කෙලින්ම අහන්ට බැරිකමක් නැතිවුනත් මගෙ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.

අප්පච්චි ටිකට් කපාගෙන එන දවසෙ සරෝජිනී දවල් ෂිෆ්ට් එක කලේ. මම අප්පච්චිව ඇඳෙන් බස්සවල උණුවතුර බෝතලේ, රේසර් එක, සබන් පෙට්ටිය දත් බුරුසුව එහෙම කබඩ් එකෙන් අරගෙන ට්‍රැවලිං බෑග් එකට දා ගත්ත. 

"මිස්ට වීරසිංහ...." සරෝජිනීගෙ කටහඬ….. අප්පච්චියි මායි දෙන්නම ඒ පැත්ත හැරිල බැලුව. ඈ අපි දෙන්නටම කතාකලේ මිස්ට වීරසිංහ කියල.

අපි දෙන්නම එක විඩේ ඒ පැත්ත බැලුවම ඈටත් එකපාරට හිනාගියා. ඈ ඊලඟට කතාකලේ අප්පච්චිගෙ මූණ බලාගෙන. 

" මේ ලීෆ්ලට් එකේ ඇති මිස්ටර් වීරසිංහට කන්න සුදුසු ආහාර වර්ග, එතකොට කලයුතු දේ නොකලයුතු දේ.මොකද හාට් ඇටෑක් එකක් ආවයි කියන්නෙ හුඟක් පරිස්සම් වෙන්න ඕන.වෙලාවට බෙහෙත් බොන්න ඕන මතක ඇතුව..." කතාව අන්තිම හරිය ඈ කිව්වෙ මට, මගෙ මූණ බලාගෙන. අර කිව්ව ලීෆ්ලට් එක දුන්නෙත් මට.

අප්පච්චිත් එක්ක හෙමිහිට මම වාට්ටුවෙන් පිටවෙන දොර දිහාට ඇවිදගෙන ආව. ට්‍රැවලිං බෑග් එකත් කරේ දාගෙන. අප්පච්චිගෙ එක අතක් අල්ලගෙන. සරෝජිනීත් අපිත් එක්ක දොර ගාවට ඇවිල්ල එතන නැවතුනා. දොර පහුකරල අඩි විස්සක් තිහක් යන්ට වුනේ නෑ අප්පච්චි ගාව මේ දවස් දෙක තුනේ හිටපු ලොකු අම්මගෙ පුතා ජයන්ත අයිය අපි ඉස්සරහට ආව. 

" අයියෙ අප්පච්චිව එක්ක යන්ටකො....මම ඉක්මනට එන්නං.." 

අප්පච්චිව ජයන්ත අයියට බාරදීල මම ආපහු වාට්ටුවට ගියා. සරෝජිනී ඒ වෙනකොට මේසෙ ඉඳගෙන පොතක් දිගඇරගෙන මොනවද ලියනව. හොඳ වෙලාවට ඒ අහල පහල වෙන කවුරුවත්ම නෑ. 

" සරෝජිනී. " මම ඒ ඉස්සෙල්ලමද කොහෙද එයාට නම කියල කතාකලේ

" මම හවස ඩියුටි ඕෆ් වෙන වෙලාවට ඔයාව හම්බ වෙන්ට එන්නද? " මම මේසෙ ඉස්සරහ හිටගෙන ඇහුව.

ඈ ඔලුව උස්සල මගේ දිහා බැලුව. ඊටපස්සෙ හෙමිහිට කණට ඇහෙන නෑහෙන ගාණට " එපා " කියල ආයම පොත දිහා බලා ගත්ත.

65 comments:

  1. අදනං උගංඩාවෙත් ගිහිල්ල උනත් සරෝජනීගෙ කතාවෙ පොඩ්ඩක් හරි කියවෙලා තියෙනව.

    //ඔය කොහෙ හරි කබඩ් එකක පතුලෙ මොනවට හරි යට වෙලා. ආයම මහගෙදර ගිය වෙලාවක හොයල බලන්ට ඕන.//
    එතුමිට කියන්න බැරියැ ඒකත් හොයල බලන්නය කියල. අර ෆොටෝ එක හෙව්ව වගේ මොනව හරි අලකලංචියක් වෙන්නෙ නැතෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ බං මගෙ ඒ දුරාතීතයෙ සිහිවටන තාම තියෙන්නෙ අපේ මහගෙදර. මම මෙහෙ ආවට පස්සෙනෙ අපි දෙන්නට වැටිල ඉන්ට තැනක් කියල ඔය හදාගත්තෙ. ඉතිං අර පැරණි පයිල් බයිල් පොත් පත්, ඔක්කොම තාම මහගෙදර ඇත්තෙ. එව්ව හොයල බලල අරගෙන එන්ට වෙලාවක් තිබ්බෙ නෑ....:)

      Delete
  2. ජපන් සොල්දාදුවන්ගෙ නිර්භීත කම ගැන මෙහෙම කථාවක් තියෙනව (හැබැයි මට කිවුවෙ කොරියානුවෙක් )
    ලෝක යුද්ධෙදි ජපන් හමුදාව සෙබලුන්ට Meth-amphetamine දුන්නලු ,හොඳ ශක්තිජනකයක් කියල.. නමුත් මේකෙන් වෙන්නෙ නිදිමත කුසගින්න වැනි දේවල් තාවකාලිකව යටපත් වී උද්යෝගයක් දැනීමයි. ඉතින් ජපන් සෙබලු මරාගෙන මැරෙන තරමට සටන් කළා කියල කියනව. යුද්දෙන් පසු Meth-amphetamine වලට ඇබ්බැහි වුන විශාල සෙනගක් ජපානෙ ඉඳල තියෙනව. පසුව මේවා තහනම් කළ නිසා ලොකු ජාවාරමක් බවට පත්වුනා .. යකුසා මාෆියාව බලවත් වුනේ මත්ද්‍රව්‍ය වලින් කියල තමයි කියන්නෙ..
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හර්ෂ,

      අනිවාර්යයෙන්ම වෙන්න ඇති. ජපන්නු දෙවෙනි ලෝක යුද්ධ කාලෙ චීනයෙ, කොරියාවෙ, බුරුමයෙ එහෙම කරල තියෙන අමානුෂික ක්‍රියාවන් ගැන කියවද්දි අනිවාර්යයෙන් එහෙම මොකක් හරි උත්තේජකයක් පාවිච්චි කරල ඉන්ට ඇති කියල හිතෙනව. හැඟීම් නොදැනෙන විදිහට හිත අකර්මන්‍ය කර නොගත්තොත් මොන තරම් මොල හේදුව වුනත් සාමාන්‍ය මිනිහෙකුට තමන් වගේම තවත් මිනිහෙකුට කෲර වෙන්න පුලුවන් සීමාවක් තියනව.

      Delete
  3. //අපේ තියෙන්නෙ හමුදා බුඩ්ඩි අංසෙ කියලනෙ. Intelligence කියන වචනෙට අර්ථ දෙකක් තියනවයි කියල නොදන්න බුද්ධිය කියන එක සීරෝ මහිෂයෙක් දාපු ඒ නම තවම පාවිච්චි කරන්නෙ ඇයිද කියන එකයි මට හිතාගන්ට බැරි.//

    විචාරක තුමා දාපු නමට අත නොතබනු!

    ReplyDelete
    Replies
    1. ස රස,

      අප්පටසිරි එහෙමද? ඔන්න බලන්ටකො ඉතිං එතුමාගෙ නිහතමානිත්වය කියන්නෙ නිකමටවත් කිව්වද, අඩුගානෙ සඳහනක් වත් කලාද ඔය නම දැම්මෙ එතුමාය කියල.මට එතුමා ගැන ආඩම්බරයි ස රස. අර සූරියප්පෙරුම ගොබිල කියන්නෙ ආඩම්බරයි හසන්ත බොහොම ආඩම්බරයි කියල. අන්න ඒ වගෙ. :)

      Delete
    2. 1. සා රස නමැති මානසික රෝගියා ගැන කණගාටු වෙමි. මෑතක සිට ඔහුගේ මනෝව්‍යාධිය උත්සන්න වී ඇත. නුදුරේ එන මහ මැතිවරණයෙන් පසු ඔහුට සුවය ලැබෙනු ඇත.

      2. රවී, ඔබ //අපේ තියෙන්නෙ හමුදා බුඩ්ඩි අංසෙ// කියා යෙදීමෙන් අදහස් කලේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ, ජාතික රසත් තොරතුරු සේවය, නම්, ඔබ ශ්‍රී ලාංකිකයකු වීම ගැන ලජ්ජා වියයුතුයි.

      ඉහත සඳහන් බුද්ධි අංශ වලින් එදත් අදත් ඉතා අගනා සේවයක් ඉටුවෙනවා. මෙන්න මේක හොයාගත්තේ අපි, මෙන්න මෙයාව අලගත්තේ අපි කියා, කිසිම බුද්ධි අංශයක් කයිය ගහන්නේ නැත. අප දන්නා බුද්ධි තොරතුරු අදත් අපි ඒ තොරතුරු දැනගැනීමට බලය තිබෙන අයකු සමග හැර වෙනත් කෙනෙකු සමග හුවමාරු කරගන්නේ නැත.

      මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබේ ඒ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස.

      Delete
    3. රසත් තොරතුරු යන්න රහස්‍ය තොරතුරු යනුවෙන් නිවැරදි වියයුතුයි.

      Delete
    4. විචාරක
      රවි කියල තියෙන්නෙ භාෂා ප්‍රශ්නයක්
      Intelligence කියන එක ඔතන තියන context එකට "බුද්ධි" නොව "රහස්" වියයුතුයි කියන පදනමේ සිට කියපුදෙයක්.
      ඒ අංශය පිලිබඳ විවේචනයක් නොව ඉන්ග්‍රීසියෙන් සින්හලට පරිවර්ථනය පිලිබඳ විවේචනයක්

      Delete
    5. විචාරක,

      පළමුව ඔබට සිත් තැවුලක් වූයේනම් සමාවන්න…

      මම බුඩ්ඩි අංශය කියා සඳහන් කලේ කිසිදු ලෙසකින් හමුදාවේ හෝ වෙන කිසිම රහස් තොරතුරු අංශයක් සමච්චලයට භාජනය කිරීම උදෙසා නොවන බව එකහෙලාම පවසමි. එවැන්නක් මම සිහිනෙනුදු බලාපොරොත්තු නොවූයෙමි. ත්‍රස්තවාදය විරුද්ධ සටනෙහිදී රහස් තොරතුරු කාර්යාංශ වලින් ඉටුවන අමිල සේවය මම හොඳහැටි දනිමි. මට අවශ්‍ය වූයේ රහස් තොරතුරු කාර්යාංශය තවමත් බුද්ධි අංශය ලෙස හඳුන්වමින් සිංහල බසට සමච්චල් කරන හමුදාවේ සහ රජයේ ඉහල තැන්වල වැජඹෙන්නන් උපහාසයට ලක්කිරීම පමණි.

      Delete
    6. ප්‍රා,

      ඔබට ස්තූතියි...:)

      Delete
    7. http://www.merriam-webster.com/dictionary/intelligence

      // the ability to learn or understand things or to deal with new or difficult situations

      secret information that a government collects about an enemy or possible enemy; also : a government organization that collects such information//

      Delete
    8. /// Pra JayJune 26, 2015 at 3:12 PM

      විචාරක
      රවි කියල තියෙන්නෙ භාෂා ප්‍රශ්නයක්
      Intelligence කියන එක ඔතන තියන context එකට "බුද්ධි" නොව "රහස්" වියයුතුයි කියන පදනමේ සිට කියපුදෙයක්.
      ඒ අංශය පිලිබඳ විවේචනයක් නොව ඉන්ග්‍රීසියෙන් සින්හලට පරිවර්ථනය පිලිබඳ විවේචනයක්///


      විචාරක ගැන මා කී දේ වෙනත් වචන වලින් ඔහුට තේරෙන ලෙස කියා දුන්නාට ඔබට ඉස්තූතියි...

      විචාරක ... මැතිවරනෙන් පස්සෙ මොනා වෙන්නද? රෝයලිස්ට් කෙනෙක් වෙච්චි රනිල් ලොක්කා ආන්ඩුව පිහිටවලා කැබිනට් එකට සීයට හැත්තෑවකට වඩා රොයලිස්ට් ලා පත් කරගෙන දැහැමෙන් සෙමින් රාජ්ය විචාරයි...

      කාටද එතකොට ආඩම්බර????

      Delete
    9. යකෝ මේ විචාරකය තාම හිතන් ඉන්නෙ ඌ තවම හමුදාවෙ ඉන්නව කියලනේ . අනෙක අර රට පුරා බැරියර් තියන කාලෙ කියලනෙ.

      Delete
    10. @ මචෝ ඒ කලේ බැරියර් එකකදී උඹ පඬි ටෝක් දෙන්න ගිහිල්ලා ආමි එකේ කෙල්ලෙක් උඹේ කණ පැලුව නේද

      Delete
  4. යාන්තම් ට්‍රැක් එකට වැටුණු ගමන් මග හිටලා නේ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      උඹත් මලේ අර මාදුළුවාවෙ හාමුදුරුවො වගේ නෙව.කිසිම නෑනෙ ඉවසිල්ලක්. ඉවසපං..ඉවසපං...." ඉවසන දනා රුපු යුද්දෙට මං ගියා ගෑණි ගෙදර ගියොත් අඹු නහි වේරේන වේරානි " කියල කියමනක් අහල තියනව නේද?

      Delete
    2. ආං ඒ කියමන නම් මං අහල තියෙනවා... (කොටස් වශයෙන්)

      Delete
  5. යන්තං රටවල් තුනකින් බේරගත්තා.මම හිතුවෙ කලාපේ තියෙන ඔක්කොම රටවලට යාවි කියලයි.හැබැයි ඉතිං අර කිව්වහේ ට්‍රැක් එකට වැටුන ගමන් හිටලා.

    ReplyDelete
    Replies
    1. හැලප,

      හරි බං..ඉඳිං ඉවසල ටිකක්...අනේ මන්ද බොලාගෙ නෑනෙ කිසිම ඉවසිල්ලක්. තදියම තමයි...අර මාස තුනකට සැරයක් ගෙදර යන අපේ චෙක් රෝලෙ ගෝලයො ( බැඳපු එවුං ) ගැන හැදිල තිබ්බ කතන්දර මතක් වෙනව මට බොලාගෙ තදියම දැක්කම.

      Delete

  6. //" හුහ්..නුහුගුණේ...නුහුගුණේ මට පේන්නෙ ගාමිණීට නම් නෙවෙයි මෙයාට වගෙ...මේ..මෙන්න මෙහාට ඇවිල්ල ඉඳගන්ට….."//
    කෑම්ප් එකේ බාර් එකෙන් ගත්තු බෝතලයක් බීලා සිංහයා වගේ හිටපු රවී අයියා කසාද බැන්ද දවසෙම බලුවෙලා....හැක්

    ඔය ඊශ්‍රයල් කට්ටිය වීරයෝ වුනා වගේම 1968-69 දී පලස්තීන හයිජැකර්ලා වීරයෝඋන පැහැරගැනීමක් සිද්දවුනා නේද රවී අයියේ?ලයිලා කාලීඩ් කියලා පලස්තීන කාන්තාවකුත් එයට සම්බන්දවුනා.පලස්තීනයේ ගුවන්යානයක් පැහැරගැනීමකට සම්බන්දවුන පළමු කාන්තාව ඇය. ලෝකෙන්මත් ඇයද මන්දා?ඔය සිදුවීමෙන් පසුව ඇය පලස්තීන ජනතාවගේ වීරවරියක් බවට පත්වුනා.කියවලා තියන විදිහටනම් ඔය ගැටළුව විසදන්න මැදිහත්වුනේ එවකට ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්.ඔය ප්‍රාණඇපකරු සිද්දිය විසදලා එළියට එනගමන් සදාත් කියලා තියෙන්නේ "මේ වැඩේට සැහෙන්න මහන්සිවුනා,දැන් මට ඕනේ හොඳ නින්දක් "කියලයි.එදා රෑ නිදාගත්තු නින්දෙන් උන්දෑ ආපහු නැගිට්ටෙනම් නෑළු ඔන්න.
    (සැහෙන්න කාලෙකට ඉස්සල්ලා මුතුහර සඟරාවෙන් කියවපු සිද්දියක්.අවුරුදු, පුද්ගලනාම එහෙම වැරදිනම් සමාවෙන්න ).

    ReplyDelete
    Replies
    1. මුලධර්මවාදී හමුදා නිලධාරීන්ගේ කුමන්ත්‍රණයකට අනුව 1981 ඔක්තොබර් 6 වෙනි දින ආචාර පෙළපාලියකදී අන්වර් සදාත්ව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.
      අපි දන්න විදියට අන්වර් සදාත්ගේ අවසානය එහෙමයි.

      Delete
    2. මට මතක විදිහට ලංකාවෙ චිත්‍රකතාවකුත් තිබුනා ඔය පලස්තීන හයිජැකර් තරුණිය ගැන. නම ලයිල මං හිතන්නෙ.
      ඕක කියවනකොට මං පොඩියි . ඒත් මට හිතුනා සිවිල් මිනිස්සු ඉන්න ගුවන් යානා හයිජැක් කිරීම , සිවිලියන්ස්ලට පහර දීම වීරකමක්ද කියල. ඒත් ලංකාවෙ මිනිස්සුන්ට ඒකාලෙ පලස්තීන ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම වීර ෆ්‍රීඩම් ෆයිටර්ස්ල.

      ත්‍රස්තවාදය අපිටත් හොඳට තේරෙන කාලයක් ආවනෙ ටික කාලෙකට පස්සෙ !

      Delete
    3. කටුසු,

      හැලප නිවැරදියි. ලෙයිලා ඛාලිඩ් මුලින්ම ගුවන් යානයක් පැහැරගත්තෙ 1969 අවුරුද්දෙ. ඊට පස්සෙ අවුරුද්දෙ ඇය තවත් ගුවන් යානයක් පැහැරගත්ත. ඒත් ඒ වෙලාවෙ ඇය අත් අඩංගුවට පත්වුනා. ඒ පැහැර ගැනීම සිදුවුනේ 1970 සැප්තැම්බර් 6 වෙනිදා. එවකට ඊජිප්තු ජනාධිපති පදවියෙ කටයුතු කලේ සදාත් නෙවෙයි ඔහුට කලින් සිටි ගමල් අබ්දෙල් නසර්. ඇත්තටම ඒ වෙලාවෙ ගුවන් යානා හතරක් එකම දවසෙ පැහැරගෙන තියනව පලස්තීන ගරිල්ලන්. ඒ නිසා ජෝර්දානය මූලිකත්වයෙන් පලස්තීන විමුක්ති සංවිධානයට විරුද්ධව ආරම්භ කිරීමට ගිය යුද්ධයක් අරාබි ලීගය මැද්හත් වෙලා නවත්තලා තියනවා. ඒ වෙලාවෙ අරාබි ලීගයෙ නායකයා වගෙ ඉඳල තියෙන්නෙ නසර්. තව කාරණයක් නසර් මියගිහිල්ල තියෙන්නෙ 1970 සැප්තැම්බර් 28 වෙනිදා හෘදයාබාධයකින්. ඒ නිසා කටුසු ඔබ ඔය කියන කතාවට සම්බන්ධ වෙන්නෙ මම හිතන්නෙ සදාත් නෙවෙයි නසර් වෙන්න ඕන.

      ලයිලා ඛාලිඩ් ඒ දවස්වල බොහොම ප්‍රසිද්ධයි.මට මතකයි ලයිලා ගුවන් යානා කොල්ලකාරිය කියල චිත්‍රකතා පොතකුත් ඒ දවස්වල තිබුන පොත්කඩ වල විකුණන්ට.

      Delete
    4. ගුවන් යානා පැහැර ගැනීමේ දේශීය අනන්‍යතාව.
      http://kurundha.blogspot.com/2011/12/blog-post_24.html

      හෙළයෙක් නම් ෂෙයා කරන්න..:D

      Delete
    5. මනෝජ්,

      සේපාල ඒකනායක ගැන මගේ හිතේ කිසිම ප්‍රසාදයක් නැහැ. ඔහු 1983 කළු ජූලිය සමයේදී වැලිකඩ බන්ධනාගාරය තුල දෙමල සිරකරුවන් අමානුෂික ලෙස මරා දැමීමට නායකත්වය ගත්තෙක් බවට තොරතුරු තිබෙනවා.

      Delete
  7. ඔය ලියා තියෙන්නෙ. ඔව්ව තමුන්නැහෙගෙ නෝන මහත්තැං එහෙම කියෝනවැයි? එහෙම කියෝනවනං ලංකාවට එනදාට කටුනායකිං (නෑ.. නෑ.. මත්තලිං) කංබෙරේ ගලෝල තියල එන එක හොඳා.

    මටත් මතකයි ඹය ආස්යාත්තරා පැහැරගන්න නැංද ගැන විස්තරෙයක් මුතුහර සඟරාවෙ තිවුන. ඒ දවස්වල මුතුහර රුපියල් තිහයි. අපේ ගෙදර ඇති සමහර විට ඒ සඟරා කලාපෙ.
    ජපන්නුන්ටනං මං මුකුත් කියන්නෑ. මටත් ඉගෙන ගන්න ජපං සිස්සත්වෙ ලැබුන. ඒකෙං තමා මං මේ තරමට හරි ඉගෙනගත්තෙ. ඒක හිංද බොල එහෙම කියනව නෙමෙයි “ජපං ජාතිකෙයො හරිම කූරයි. අනික් ජාතිකයො කූරු නෑ“ කියල. ඊශ්‍රායලේ කිව්වහම මතක් වෙන්නෙ ඉස්සර මං හිතං උන්නෙ ඒ රටේ ගිහිං වයසක උංදැ කෙනෙක් බලාගන්න රස්සාවක් කරන්න. එහෙම ගිහිං අවුරුදු ගානක් ඉඳල ආපු කෙනෙක් බස්, වෑං, කාර් එහෙම අරං, ජංබෝල ගෙඩ්ඩක් වගේ නෝන කෙනෙකුත් බැඳල, තට්ටු දෙහෙක ගේකුත් හදල, වට අඩි දොලහමාරෙ දූළ දෙන්නෙකුත් හදාගෙන දවසට සිකරැට් පැකැට්ටෙක ගානෙ බිබී ඉන්නව මං දැකල තියෙනව.
    අවසාන වසයෙං කියන්නං. වෙනිං කෙනෙක් මලාම යාලු මිත්තරයො ඇහිල්ල අඬන්නෙ

    “අනේ් මචෝ ඇයි බෝ අපිව දාල ගියේ“

    “අනේ මයෙ අප්පච්චී ඇරින්නකෝ“

    “මයෙ මහත්තයෝ“

    ආදී වසයෙං උනාට. තමුන්නැහැ මළ දාට කට්ටිය අඬන්නෙ.

    “වාංපතුල් කතාවෙ අවසං ටික කියපංකෝ“

    “කුකුළේගඟ මතක ඊළඟ කොටස මට හීනෙං වත් පෙනිල කියපංකෝ“

    ආදී වසයෙං තමයි.

    ReplyDelete
    Replies
    1. කොස් කොටන ගෑණුළමයයි, නිල් කට්රොල් කඩපු එක්කෙනයි දෙන්නම අනාත උනා නේද මගෙ දෙයියෝ. (දේයි දේයි දේයි)

      Delete
    2. මාත් කියෙව්වෙ මුතුහර සඟරාවෙන්.

      Delete
    3. සුරංග,

      / ඊශ්‍රායලේ කිව්වහම මතක් වෙන්නෙ ඉස්සර මං හිතං උන්නෙ ඒ රටේ ගිහිං වයසක උංදැ කෙනෙක් බලාගන්න රස්සාවක් කරන්න /

      දැං ඒ වැඩේට එහෙට යන්ට ඕන නෑ බං..බොට ගෙදර ඉඳලම ඒ රාජකාරිය කොලෑකි. වයසක උන්දල ගෙනල්ල දෙනව දොරකොඩටම ඒජංසියෙං. අනික ඊට කලිං බොට ඇල්බං එකක් බලල තෝරගත්තෑකි කොයි උන්දැවද බලා කියාගන්ට මනාප කියල.තමංගෙ ගෙදර කෙනෙක් වගෙ කන්ට බොන්ට දීල නාවල කියල ඇප උපස්තාන කරන එකයි තියෙන්නෙ. ඒ ඔක්කෝටම ඒජංසියෙං ගෙවනව බර ගණං...උඹගෙ මනාපනං කියාපං මම සැට්කොරල දෙඤ්ඤං හඳපාන වගෙ බොහොම සිරියාවන්ත වයසක උන්දැ කෙනෙක්...මොකෝ කියන්නෙ?

      / ආදී වසයෙං උනාට. තමුන්නැහැ මළ දාට කට්ටිය අඬන්නෙ. “වාංපතුල් කතාවෙ අවසං ටික කියපංකෝ“ “කුකුළේගඟ මතක ඊළඟ කොටස මට හීනෙං වත් පෙනිල කියපංකෝ“ ආදී වසයෙං තමයි. /

      හරි හරි බං බොලා හිත්තමාරු කොටගන්ට එපල්ල..මයෙ පන කෙංද හැංගුනත් බූතාත්මයක් වෙලා හරි ඇවිල්ල මම බොලාට මේ ඉතුරු කතන්දර ටීක කියල යනව..දෙයියම්පල්ල..කොහොමත් එහෙම තමයි මටත් හිතෙන්නෙ වැඩ සිද්ද වෙන්ට යන්නෙ. මොකද මයෙ හිතේ තියන කතන්දර අටෝරාසිය කියන්ට මේ ජීවිතකාලෙ මදිවෙන හැඩක් තමයි පේන්ට තියෙන්නෙ.

      Delete
    4. ප්‍රසන්න,

      / කොස් කොටන ගෑණුළමයයි, නිල් කට්රොල් කඩපු එක්කෙනයි දෙන්නම අනාත උනා නේද මගෙ දෙයියෝ. (දේයි දේයි දේයි) /

      යස්සයිනේ තොපි ඔහොම අඬාවැටෙන්ට හිටියොත් අපෙ එතුමී දෙයි තොපෙ පිට මැද්දෑවට ඇඹුල් පොල් පිත්තකිං දේයි දේයි ගාල " දුවපියව් ...මයෙ දෑහැට නොපෙනි අවලම්මු නැලේ..ආව මෙතන එක එක තේඋඩිච්චියංගෙ නං කිය කිය අඬන්ට " ඔන්න ඔහොම බැණ අඬගහල....:)

      Delete
    5. වෙන කමෙන්ට් දාන්න දෙයක් නෑ. සුරංගයගේ කී බෝඩ් එකට මසුරං දාන්න ඕනෙ ඒ කිව්ව කතාවට.

      Delete
    6. සුරංග =මසුරංග +++++++++++++++++++++

      Delete
  8. ඇති යන්තං ට්‍රැක් එකටම නෙමෙයි පොඩි අඩි පාරක් වගේ එකකට වැටිලා තියෙනවා...
    ඒත් ඉතින් අර පෝය කිට්ටු වෙනකොට සමහරුන්ට වෙන වැඩේ රවී ගොයියටත් වෙන නිසා මේ කතා ටික හරි හැටියකට අහගන්න බැරිවෙන එක තමයි අවුල...

    ලොකු අම්මගේ කතාවනම් හිතාගෙන හිටපු විදිහටම සිද්ධ වෙලා. පොඩි වැඩියකට කියල තියෙන්නේ ගාමිණියව ටිකක් පදිරි කරපු එක තමයි...

    ///ඈ ඔලුව උස්සල මගේ දිහා බැලුව. ඊටපස්සෙ හෙමිහිට කණට ඇහෙන නෑහෙන ගාණට " එපා " කියල ආයම පොත දිහා බලා ගත්ත.///
    ඔය ගොඩක් කෙල්ලෝ බහ තෝරද්දී මුලින්ම කියන්න පුරුදු වෙච්ච වචන දෙකලුනේ "බැහැ" සහ "එපා" කියල කියන්නේ...

    ReplyDelete
    Replies
    1. Lokka,

      / ඔය ගොඩක් කෙල්ලෝ බහ තෝරද්දී මුලින්ම කියන්න පුරුදු වෙච්ච වචන දෙකලුනේ "බැහැ" සහ "එපා" කියල කියන්නේ../

      Her teenage daughter cane home crying " Oh, mummy I am pregnant "

      " My God..didn't I tell you if he tries to kiss you say don't and if he tries to touch your breasts say Stop , Didn't you do as I said?"

      " He did both at once and so I said Don't stop"

      Delete
  9. "එපා"!!! මදැයි, අපි මෙච්චර බලන් ඉඳලා!

    ReplyDelete
    Replies
    1. Malithi,

      හරි.හරි...ඩෝන්ට් කලබොල....කෙල්ලො මට බැහ්, එපහ් කිව්වට කවුද බොල ගණං ගන්නෙ?

      Delete
  10. රවි අයියේ, අනර්ඝයි. අර ජපන් ලුතිනන්වරයා ගැන ලියන ලිපියත් කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා. භාෂාව ගැන ඔබතුමාගේ අවධානය සහ ගරුත්වය ඉතා ඉහළ නිසා යමක් කියන්නම්. ජපන් භාෂාවේ මූර්ධජ අකුරු කිසිවක් නෑ. ඒ නිසා ට යනු ඩ යනු නෑ. ටනිගුචි > තනිගුචි ලෙසත් ඔනොඩ > ඔනොද ලෙසත් ලියන්න ඕන. හොන්දා, මිත්සුබිෂි, තොයොතා, තෝක්යෝ, ක්යෝතෝ ආදී වශයෙන් නිවැරදි ජපන්වහර භාවිත කරන්න පෙළඹෙමු. ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. කසුන්,

      බොහොම ස්තූතියි මල්ලි, දැනුවත් කිරීම ගැන. මම ඒ බව දැනගෙන හිටියෙ නෑ...හිරූ ඔනොදා ගැන ලියනකොට ඔබ කිවූ පරිදි නිවැරදිව ලියන්නම්....:)

      Delete
  11. රවී බැරි වෙලාවත් අර උන්දැට නම් කියන්න එපා ඔය පරණ සිහිවටන හොයන්න කියලා. බොලාගෙන් අහන ප්‍රශ්න පත්තරේ කෙසේවෙතත් ඉතිරිවෙලා තියෙන කෙස් ගස් දෙකතුනටවත් ආදරයක් තියෙනව නම්

    ඉතින් ගාමිණී ආයේ හමබ්වුනේ නැද්ද?
    ඌට විහිළුව තේරිලා නැද්ද?
    අනේ පව්.
    බොටත් තිබ්බේ ඔය වගේ නස්කුණි වඩක් කරන්න නෙවෙයිනේ බන්...

    ReplyDelete
    Replies
    1. Rangi,

      / රවී බැරි වෙලාවත් අර උන්දැට නම් කියන්න එපා ඔය පරණ සිහිවටන හොයන්න කියලා. /

      උන්දැට කියන්න වෙන්නෙ නෑ කොහොමත්. එව්ව තියෙන්නෙ අපේ මහගෙදර...

      / ඉතින් ගාමිණී ආයේ හමබ්වුනේ නැද්ද? /

      අවුරුදු තුනකට වගෙ කලින් ලංකාවට ගිය වෙලාවෙ මම නම්බර් එක හොයාගෙන කතාකලා. ඌ තාම මට බණිනවා ඒ ලොකු අම්මගෙ සීන් එක මතක් කලාම...:)

      / ඌට විහිළුව තේරිලා නැද්ද? /

      නෑ..නෑ..ඌ දන්නව විහිලුවට කියල. මම ආය ලොකු අම්මට ඕක කියන්ට යනවය?... ඒත් ඒ වෙලාවෙ ඌට ඇතිවෙච්ච ලැජ්ජාව හින්දයි උතුර දකුන මාරුවෙලා තියෙන්නෙ. වැඩියක්ම ඌ බය වෙලා තියෙන්නෙ අපෙ උන්දැ අනේ ඒ මොකක්ද අනේ ඒ කතාව? කියල අහල මම එයාට විස්තරේ කියයි කියල...:)

      / බොටත් තිබ්බේ ඔය වගේ නස්කුණි වඩක් කරන්න නෙවෙයිනේ බන්…/

      නිකම් මට ඒ වෙලාවට හිතුන බං ටිකක් මුගෙ පැසර් නග්ගල ගත්තොත් හොඳයි කියල...හෙහ්,හෙහ්,

      Delete
  12. වෙලාවට දෙවනි ලෝක යුද්ධෙ ඉවර කලේ. ඒක දිගටම ගියානං මම අද පටන් ගන්නව තුන්වන ලෝක යුද්ධෙ! අම්මප!

    ReplyDelete
    Replies
    1. රාජ්,

      ඉවරයි ඉවරයි දෙවෙනි ලෝක යුද්දෙ ඉවරෙටම ඉවරයි...:)

      Delete
  13. මිසිස් තෙන්නකෝන්ගෙ අම්මට සරප් කෙනෙක් keed to know basis එක මත පඩි ගෙවලා මොසෑඩ් එකෙන් ඇවිත් ප්ලේන් එකක් හයිජැක් කරගෙන ලයිලා කාලිඩ්වයි ඉඩි අමින්වයි ඒකෙ දාගෙන ගිහින් පලස්තීනේ ඉපදිච්ච ජපන් ජාතිකයන්ව හිරූ එෆ් එම් එකිසින්දු අහනවයි කියලා කැෂියරයගෙ අම්මට අප්පමාදෝව බෙල්ලෙං අල්ලගෙන හඳුන්වලා දෙනකොට ගාමිණිය රතුවෙලා පැනලා ගිහින් තාම නුහුගුණේ කියලා බේත් ගන්න හදනකොට සරෝජනී එක පාරටම බෑ කිව්වේ ඇයි කියලා බං මං මේ කම්පනා කොලේ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      බොලා කට්ටියටම " පඳුරු තැලීම් කථා ෂානරය හඳුන්වාදීම, රසය උකහා ගැන්ම සහ රසවිඳීම ", කියන මාතෘකාව යටතෙ එක්දින සම්මන්ත්‍රණයක් / කතිකාවතක් තියන්ට වෙනව මට පේන විදිහට...

      Delete
    2. උඹ ඒ සම්මන්තණයෙදි කරන කතාව ගැන හිතලා මට දැනටම කරකැවිල්ල වගේ.

      Delete
  14. හයියෝ මදැයි කතාව ඉවර වෙනකල් කියෙව්වා...අන්තිමට මාව හොල්මන් වෙලා ගියා

    ReplyDelete
    Replies
    1. වත්සලා,

      / අන්තිමට මාව හොල්මන් වෙලා ගියා /

      අම්මප බොට නං දිවැස්. මේ කතාවෙ ඉස්සරහට හොල්මං අවතාර තියනව. සරෝජිනීගෙ ආච්චිගෙ බූතාත්මය කතාවට එන්ටර් වෙනව ලඟදීම...

      Delete
  15. අර Operation Thunderbolt මෙහෙයුම නම් සුපිරි.ඉඩි අමින් වගේ වෙස් වලාගෙන ඉඩී අමින්ගේ වගේ කාර් එකකින් ගිහින් තමයි ඔය ප්‍රණ ඇපකාරයෝ බේරන් එන්නේ.

    අර සරෝජිනී එපා කියලා කිව්වායින් පස්සේ හිතුවේ නැතිද තව පාරක් උත්සහාකරලා බලන්න.

    ට්‍රැක් එකට ඇවිත්,ට්‍රැක් එකට ඇවිත් කියලා කිව්වාට ආයෙමත් ට්‍රැක් පැනලා යන්න වේවිද මන්දා රවීයියේ පාර්ලිමන්ට් එක ඊයේ ඉඳන් විසුරුවා හැරපු නිසා.:D

    ReplyDelete
    Replies
    1. Manoj,

      / අර Operation Thunderbolt මෙහෙයුම නම් සුපිරි.ඉඩි අමින් වගේ වෙස් වලාගෙන ඉඩී අමින්ගේ වගේ කාර් එකකින් ගිහින් තමයි ඔය ප්‍රණ ඇපකාරයෝ බේරන් එන්නේ./

      මාරයි නේද ඒ සීන් එක? මොසාඩ් එක කොච්චර පරිස්සමින් ඒ ඔපරේෂන් එක සැලසුම් කලත් එක පොඩි වැරැද්දක් වෙනව. වරැද්දක්මත් නෙවෙයි. ඒක නොවැළැක්විය හැකි එකක්. ඉඩි අමින්ට තිබිල තියෙන්නෙ කළු බෙන්ස් එකක්. මොසාඩ් කට්ටිය ඒක ස්ථිර කරගෙන ඒ ජාතියෙම බෙන්ස් එකක් හොයාගෙන ඒකෙ තමයි ඉඩි අමින් එනව වගෙ ප්‍රාණ ඇපකාරයො රඳවගෙන හිටපු පර්යන්ත ගොඩනැඟිල්ලට ගිහිල්ල තියෙන්නෙ. ඒත් ඊට දවස් දෙකකට කලින් ඉඩි අමින් ඒ කළු බෙන්ස් එක වෙනුවට ඒ ජාතියෙම සුදු බෙන්ස් එකක් අරගෙන නිල වාහනේ හැටියට. මොසාඩ් එක ඒ ගැන දන්නෙ නෑ.

      පර්යන්ත ගොඩනැඟිල්ලෙ දොරටුවෙ මුරට හිටපු ආරක්ෂක භටයා මේක දන්නව. ඒ නිසා මිනිහට සැක හිතිල රථ පෙල නවත්වන්ට අණකරල.නවත්තල චෙක් කලානම් බඩු අතේ කෝට්. ඒ හින්ද ඊශ්‍රායල් කමාන්ඩෝලට එතන හිටපු උගන්ඩා භටයො තුන් හතර දෙනාටම වෙඩි තියන්ට වෙලා. ඒ නිසා අනපේක්ෂිතව ප්‍රාණ ඇපකාරයො රඳවාගෙන හිටපු ගොඩනැඟිල්ලට කඩා වදින සැළැස්ම අප්සෙට් ගිහිල්ල. ( Lost the element of surpsise ) ප්‍රාණ ඇපකාරයො හතර දෙනෙක් මැරුනෙ ඒ නිසාය කියලයි කියන්නෙ.

      / අර සරෝජිනී එපා කියලා කිව්වායින් පස්සේ හිතුවේ නැතිද තව පාරක් උත්සහාකරලා බලන්න./

      ඉඳහං..ඉඳහං..ඉවසල...තව කතාව ඉවර නෑනෙ...:)

      / ට්‍රැක් එකට ඇවිත්,ට්‍රැක් එකට ඇවිත් කියලා කිව්වාට ආයෙමත් ට්‍රැක් පැනලා යන්න වේවිද මන්දා රවීයියේ පාර්ලිමන්ට් එක ඊයේ ඉඳන් විසුරුවා හැරපු නිසා.:D /

      ඒකනෙ බං බලාපංකො ඉතිං...යන්තමට ට්‍රැක් එකට වැටුන විතරයි...පාර්ලිමේන්තුව විසිරෙව්ව. ඒ අස්සෙ අර නීලකාස තක්කඩියත් ආයම ඉදිරිපත් වෙනවලු චන්දෙට. ආයම ට්‍රැක් පනින්ට වෙයි වගෙ...එහෙම උනොත් සරෝජිනීල, අසෝකල, අහල්‍යාල ඔක්කොමල ගැන සලකල බලන්ට වෙන්නෙ අගෝස්තු 17 වෙනිදයින් පස්සෙ.

      Delete
  16. ඕකට වෙන්නැ පුදන කොටම කාපි යකා කියල කියන්නෙ.
    ඔය ඊශ්‍රායල් පලස්තීන ඔලිම්පික සීන් එක ගැන හදපු ෆිල්ම් එකක් නං බැලුව
    මියුනිච් නම. ඒකත් පස්ට පිචර් එක

    2011 දි ෆිල්ම් එකක් ඇවිත් තියේ ඔය ජපන් සීන් එක ගැන මට මතක විදියට. අමෙරිකාව ගැන ඒකෙ තද බල විවෙචනයක් තියේ. ඒ හන්ද ඒකට ඒතරං විචාරක මනාපයක ණං හිමිවෙලා නෑ
    අඩුමගානෙ IMDB , Rotten Tomatoes වල වත් නෑ
    කෝම ෆිලම් එකක් වෙන්න ඕනද නෙහ්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      / ඔය ඊශ්‍රායල් පලස්තීන ඔලිම්පික සීන් එක ගැන හදපු ෆිල්ම් එකක් නං බැලුව. මියුනිච් නම. ඒකත් පස්ට පිචර් එක /

      මරු ෆිල්ම් එක මල්ලි...1972 මියුනික් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවෙන්ට කියල ගිය ඊශ්‍රායල් ක්‍රීඩකයො 11 දෙනෙක් පලස්තීන විමුක්ති සංවිධානයට අනුබද්ධ ත්‍රස්තවාදී කල්ලිය විසින් ඝාතනය කරනවා. Israel prime minister Golda Meir famously says " They would be avenged. We would not rest until everyone responsible would be subjected to Wrath of God "

      මියුනික් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සොයා මොසාඩ් එක දියත් කල මෙහෙයුමේ සංකේත නාමයවුනෙත් Operation Wrath Of God නොහොත් දෙවියන්ගේ උදහස. 1972 ඉඳල අවුරුදු 20 තිස්සෙ මේ මෙහෙයුම ක්‍රියාත්මක වුනාය කියලයි කියන්නෙ. මේ මෙහෙයුම අලලා ස්පීල්බර්ග් හදපු චිත්‍රපටය තමයි Munich.

      ගොල්ඩා මයර්.... අන්න ඒ කාලෙ මගේ තවත් වීරවරියක්…..:)

      / 2011 දි ෆිල්ම් එකක් ඇවිත් තියේ ඔය ජපන් සීන් එක ගැන මට මතක විදියට. /

      The Last Surrender ඒකෙ නම.........

      Delete
  17. Replies
    1. මටත් සෙන්නගේ ලිපිය තමා මතක් උනේ

      Delete
  18. රසයි. අර කියපු සිත්තරපටිවලට අමතරව මම බැලුවා Entebbe Escape Drama

    ReplyDelete
    Replies
    1. තිලක්..

      ස්තූතියි..

      මම බලල නෑ ඒක...:)

      Delete
  19. එපා කිවුවට අතහරින්න නම් එපා හරිය

    ReplyDelete
    Replies
    1. දමිත්,

      පිස්සුද බං? එහෙමත් පුලුවන? අපි නං අතාරියි...හෙහ්,හෙහ්,

      Delete
  20. ඇහෙන නෑහෙන ගානට 'එපා' කියන එකේත් මාර ලල් එකක් තියෙනවා නේද? හෙහ් හෙහ්..

    ReplyDelete
  21. මට මතක් වුණේ ඔය සමුදුර පත්තරේ පටන් ගත්ත මුල් කාලේ කියවපු "මොගඩිෂු ප්‍රහාරය".. ඒකත් ඔය වගේම හයිජැක් කේස් එකකින් ප්‍රාණ ඇපකරුවන් බේරගන්න එකක්...

    ඉතින් සරෝජිනී පිළිබඳ වෘතාන්තය එතෙකින් නිමියේය?

    ReplyDelete
  22. මමනම් ආසම මේක ඉවර කරපු විදියට.. ඔය ඔළුව උස්සල බලන්නේ නැතුව එපා කියන කේස් එක මාර එන්කරේජින් මෙයා.. හැක්.
    පොඩි කාලේ මොන සෙල්ලම කරන්න ගියත් අපි එකට දාපු නම තමයි ඔපරේෂන් තන්ඩර්බෝල්ට්.. ඊට අවුරුදු බර ගානකට පස්සේ සින්ඩිකේට් ප්‍රසන්ටේශන් එකක් කරන්න ගිහින් තමයි කතාව හරියට ඉගෙන ගත්තේ. ඔනොද ගැනත් ඒ වගේ. ඔනොද සැමුරායි පරම්පරාවේ එකෙක් නේද? ලාස්ට් සැමුරායි ගැන මුලින්ම ඇහුවම මං හිතුවේ ඔනොද ගැන හදපු එකක් කියල.. බැලින්නම් ඒක මහ විකාර බොරුවක්.. සැක්.
    රික්වෙස්ට් එකක් කරන්නද? ඊලඟ මාස එක හමාර ඇතුලත අඩුම තරමින් එකක් මාරුවට එකක්වත් දේශපාලන නොවන මේ වගේ එකක් දානවද?

    ReplyDelete
  23. //" ආය මිසිස් තෙන්නකෝන්ගෙන් අහන්නෙ මොකටද? අම්මට බැරිය ඒ ළමය මෙහෙ නවත්තගන්ට. "//

    මේ වාක්කිය දැන් මේ බ්ලොග් එකේ කී සැරයක් කියෙව්වද කියලා මට මතක නෑ හරියට..මගේ හිතේ දොළොස් වතාවක්..එහෙම නැත්නම් දහ අට වතාවක්වත් කියවන්න ඇති. ඒක දැන් උදාන වාක්කියක් හැටියට මගේ හිතේ කෙටිලයි තියෙන්නේ..හ්ම්ම්

    ReplyDelete
  24. Eelanga kotasath dandoo, ikmanat. Sayurita ekangai. Hi hi

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...