Saturday, February 7, 2015

303. තමන් මියගිය බව නොදන්නා මළගිය ප්‍රාණකාරයින් වහාම දුරීභූත කොට දැමීමෙහි වැදගත්කම සමඟ Thank You So Much Ma'am!!!

Google Images

ඒ 1994 අවුරුද්ද. 1977 දි පටන්ගත්තු ජේ.ආර්.ගෙ දරුමිස්ටර් පාලනය ඉවරවෙලා ඊට පස්සෙ ප්‍රේමෙගෙ අවුරුදු හතරත් ගතවෙලා අපේ ගමේ මනුස්සය ඩී.බී. ලොක්කත් අවුරුද්දක් රට පාලනේ කරල ඒ වෙනකොට.රටේ මිනිස්සුන්ගෙන් බාගෙකට යූ.ඇන්.පී. එක තිත්ත වෙලයි තිබ්බෙ. අනික් බාගෙන් බාගයක් පාලකයින්ගෙ උදව්වෙන් රටේ සල්ලි යටිමඩි ගහ ගත්තු ජාවාරං කාරයො. ඉතුරු කස්ටිය ඔය මැරුවත් අපි චන්දෙ දෙන්නෙ අලියට කියල ඉන්නෙ...ආන්න එයාල.

ඔය චන්දදායකයින්ගෙන් සෑහෙන කොටසක් ඉන්නව විදේසීය කුරුමන්තරණ වලට බයේ කොයි වෙලාවෙත් මයිල් කෙලින් කරගත්තු උදවිය. එයාල අඳුනගන්ට බොහොම ලේසියි. 24 x 7 බේසිස් සරුවාංගෙ පුරා හීගඩු පිපිල උන්දල ඉන්නෙ.මේ දවස්වල බොහොම සුලබයි ඔය යූ.එස්. ඒ./ ඉන්ඩියන් කොන්ස්පිරසි තියරිස්ට්ල සහ එක්ස්පර්ට්ල.

ඔය කොන්ස්පිරසි තියරි එක ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. මෛත්‍රිපාල වැඩ කරන්නෙ ඉන්දියාවට ඕන හැටියටය, ක්‍රියාත්මක කරන්නෙ මෝඩිගෙ ප්‍රතිපත්තිය, අඳින්නෙ මෝඩිගෙ අර ජැකට් එකක් වගෙ මොකක්ද එකය කියල අර මොකක්ද එක විකාගෙන කෑගහනව. ඉතිං මොකද බොලව්? මොකාට ඕන විදිහට හරි මොකද හරි දේ සිද්ද වෙනවනං? අනික අපේ මහරජ්ජුරුවො නීතිය යුක්තිය කියන එක තඹ සතේකට ගණං ගන්නෙ නැතුව හිතූ මනාපෙට ජෝගි නටනකොට " අඩෝ මේ පිස්සු කෙළින එකෙත් තියනව සීමාවක්. වහාම සීලාචාරව වැඩ කරපං "  කියල සත්තම දාන්ට කවුරුහරි ඉන්ටත් එපාය.

මට නං අනේ ඇත්තම කිව්වොත් කාට කොහොම යටත් වෙලා හිටියත් ඔහෙ කමක් නෑ දෙයියනේ කියල නිදහසේ අත පය දිග ඇරල තමන් කැමති රස්සාවක් කරගෙන තමන්ට ඕන විදිහට  ඉන්ට තියේනං..අම්මාපල්ල ඇත්තමයි. අනික වහල්ලු වගෙ ජීවත්වෙනව නං එක අතකට අපේම රජෙක් යටතෙ වහල්ලු වගෙ ඉන්නවට වඩා හොඳයි විදේසීයයන් යටතෙ ඉන්න එක.මහ අන්තවාදී නරුම අදහසක් විදිහට පෙලක් වෙලාවට ඔහෙලට පේන්ටත් ඇහැකි මගෙ අදහස ....ඒත් ඔය ඉතිං මට හිතෙන හැටි තමයි. මගෙ දිවෙන් දිව ගාගෙන හිටපු අතිජාත මිත්‍රයො කීප දෙනෙක්ම මා එක්ක ඇරගන්ට ආව ඒ දවස්වල ඔය දෙකක් දාල අප්‍රමාදව අමර පදමට සැපත්වෙලා මම ඔය මගෙ ස්වර්ණමය අදහස් නිර්භයව ප්‍රකාශ කලාම...හෙහ්,හෙහ්,

මේ සති දෙහෙකට වගෙ ඉස්සෙල්ල අපෙ උන්දෙ මා එක්ක මෙහෙම කිව්ව.

" මේ ඒයි අද මහින්ද ලොක්ක ඇවිල්ලනෙ මාළිගාවට…"

" හෙහ්, ඇත්තද? තව පාරක් වැව වටේ රේස් එකක් තියන්ටද කියල මහානායක ගොයියගෙං අහල බලන්ට වෙන්ට ඇති…"

" හිහ්..ඒක නං හරියටම දන්නෙ නෑ. ඒත් දැක්කද අර ගෑණු නඩයක් එකතුවෙලා අත් දික්කරගෙන එහෙම අඬා වැලපිච්ච විදිහ? "

" නැහ්??? අම්මප? ගෑණු උන්දෙල එහෙම අඬා වැලපුනාය ඇත්තටම? "

" ඒකනෙව කියන්නෙ....හතරවිලිලැජ්ජහේ බෑ අප්පා..අම්ම අප්ප මලා වගේනෙ මේ ගෑණු රොත්ත අඬන්ට තියාගත්තෙ. "

කියල වැඩක් නෑ දෙයියම්ප මේ ගෑණුන්ට නම් අන්ද කයිප්පු කැවිලද කොහෙද? අර ගෑණු සීයක් දූෂණය කෙරුව එක සමරන්ට පාටියක් දැම්මෙ අකුරැස්සෙද කොහෙද ප්‍රාදේශීය සබා සබාපතියෙක්. ඒ මේ මනුස්සයගෙ ගෝලයෙක්.එතකොට තංගල්ලෙ හෝටලේක සුද්දියක් දූෂණය කලේ .ඒත් මෙයයිගෙ තව ගෝලයෙක්. ඒ මිනිහව නං හිරේ ඇරිය. ඒත් පුලුවන් තරං බේරගන්ට ට්‍රයි කරල බැරිම තැන විදේශීය බලපෑම් හින්දයි එහෙම උනේ කියලයි කියන්නෙ. අර ලෙමන් පෆ් ජාතික වීරයා කියන්නෙ විදේශීය කුමන්ත්‍රණ ගැන. ඒ ඉතිං ඔව්වගෙ එව්ව තමයි.

පුදුම වැඩේ කියන්නෙ ඔය ඔක්කොම වෙච්චි දිහාස් වලින් තමයි මේ මනුස්සයට ඡන්ද වැඩිම. මෝඩ කමට බෙහෙත් නැහැය කියනවනෙ.අපෙ අප්පච්චි දකුණෙ මනුස්සයෙක්ය කියල මම මීට කලින් කියල තියනවනෙ නේද? හෙහ්..ආය නම් එහෙම කියන්ටත් මට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ.

අර තිස්ස කියන හොර තක්කඩිය අඩු ගානෙ අවුරුදු පහකටවත් හිරේ යවන්ටම ඕන. ඔය මිනිහ හොර ගිවිසුමක් ගෙනල්ල පෙන්නල තව පොඩ්ඩෙන් මේ මුලු රටේම අනාගතය විනාස කරල දානව.මෛත්‍රීට ඡන්දෙ දීපු අය 224,536 ක් ඔය යකා කියපු පට්ටපල් බොරුව විස්වාස කරල මරාට ඡන්දෙ දුන්නනං දිනන්නෙ මරා. මේ ගාණ ලොකු ගාණක් වගෙ පෙනුනට වැටිච්ච වලංගු ඡන්ද වලින් 1.85 % ක් විතරයි. පේනව නේද මේ තිස්ස කියන හෝතඹුව කරන්ට ගිය පජාති වැඩේ බරපතල කම? කිසිම සමාවක් දෙන්ට නම් වටින්නෙ නෑ. උපරිම දඬුවම් දෙන්ට ඕන ඉස්සරහට ඔහොම කොරන්ට හිතාගෙන ඉන්න එවුන්ටත් පාඩමක් විදිහට.

අනික කොහොමත් මේ ගිවිසුම ඇත්තක්ය කියල හිතල මම හිතන්නෙ මරාට බොහොම දෙනෙක් ඡන්දෙ දුන්න. ඔය ගත්තයි කියල පාරම් බාන ලක්ෂ 57 ඇතුලෙ ඔය වගෙ රැවටිලි , ප්‍රෝඩා, අල්ලස් දීල ගත්තු චන්දත් බර ගාණක් තියනව. ඒකෙ ආය දෙකක් නෑ. ඔය ඡන්ද ලක්ෂ 57 ඔලුව උඩ තියාගෙනයි මම හිතන්නෙ අර දෙලොවටම නැති අපතයො ( වාසු, දිනේෂ්ල එහෙම ) කියන්නෙ ඉදිරි මහ මැතිවරණෙට මහින්දගෙ නායකත්වය අත්‍යාවශ්‍යය කියල.

ඒත් ඔය බොරු ගිවිසුම්,බටහිර කුමන්ත්‍රණ, ඡන්ද අල්ලස්, බිය වැද්දීම් එහෙම චිත්‍රයෙන් අයින් කලාම ඔය ඡන්ද ගාණ ආයම වැටෙන්නෙ නෑ මරා ගොයියට. ඒත් වැලේ වැල් නැති වාසු වගෙ මිනිස්සු ඒක පිලිගන්ට කැමති නෑ. මේ වල පයයි ගොඩ පයයි කාලෙ මොන දහංගැටේ ගහල හරි මන්ත්‍රී කමක් ගන්ටයි ඔය දඟලන්නෙ. අම්මාපල්ල පස්සවිකාගෙන මැරෙන්ට හිතෙන්නෙ කාලයක් ඔය මිනිහ මගෙ ප්‍රියතම දේසපාලුව වෙලා හිටියනෙ කියල මතක් වෙනකොට...හෙහ්,හෙහ්,

මිනිස්සු මැරෙනකොට එක්කො තමන්ගෙ වස්තුවට දැඩි ලෝභකමෙන් එහෙම නැත්තං කාට හෝ දැඩි ආදරෙන් ඉඳල මලාම මේ ලෝකෙ අතැරල යන්ට බැරිවෙනව. එහෙම අය දන්නෙ නෑ තමන් මළාය කියල. ඉතිං මේ ලෝකෙම රැඳිල ඉන්නව. හැබැයි එහෙම නිකම්ම ඉන්නෙත් නෑ. ජීවත්වෙන මිනිස්සුන්ට මහ වදයක් වෙනව. එහෙම උනාම ප්‍රතිකර්ම දෙකයි තියෙන්නෙ. එකක් ඔය දානමානයක් කාරිය දීල පිංපෙත් පමුණුවල ඒ මලගිය ආත්මය පරලෝකෙට සම්ප්‍රාප්ත කරවන එක.සමහර මලගිය ප්‍රණකාරයො එහෙම පිංපෙත් දුන්නත් තේරුං ගන්නෙ නෑ තමං මැරිලය, දැං මනුස්ස ලෝකෙට අයිති නැතිය කියල. ඒක වෙන්නෙ බොහෝවිට ඔය මලගිය ආත්මෙං ප්‍රයෝජන ගන්ට බලාගෙන ඉන්නව ජීවත්වෙන කුම්භාණ්ඩයො, පිශාචයො වගෙ කට්ටිය.උං කරන්නෙ ඔබතුමා මැරිල නෑය කියල අර මලගිය ප්‍රානකාරය කුල්මත් කරනව. එහෙම උනාම කරන්ට තියෙන්නෙ එකම දෙයයි. මලගිය ආත්මයයි. ඒ ආත්මෙං ප්‍රයෝජන ගන්ට බලාගෙන ඉන්න පිශාචයො, කුම්භාණ්ඩයොයි ඔක්කොම හැඳි ගෑවිල දුරීභූත වෙලා යන්ට නටන්ට වෙනව හොඳවයිං තොයිලයක්. දැන්නං පේන්ට තියෙන විදිහට එහෙම තොයිලයක් නටන්නෙ නැතුවම බැරි ගානට ඇවිල්ලයි තීයෙන්නෙ.

රයිට් ඒ තමං මලබව නොදන්නා මලගිය ප්‍රාණකාරයින් සහ පාරාජිකා වෙච්චි වල පයයි ගොඩ පයයි පිශාචයින් ගැනයි ඒ ඇති. ආයම යමු 1994 වර්ෂයට. මම කිව්වනෙ ඒ වෙනකොට 17 වර්ෂයක් රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය මිනිස්සුන්ට එපාවෙලා තිබ්බෙ. වෙනසක් අවශ්‍යයි කියන මතය රටපුරා නැඟෙමින් තිබ්බ ඒ එක්කම. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නෝනා මහත්මිය බස්නාහිර මහ ඇමති විදිහට පත්වෙලා අවුරුද්දයි. 1994 අගෝස්තු මාසෙ තිබ්බ මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ දිනල චන්ද්‍රිකා අගමැති වුනා. ඒ එක්කම නොවැම්බර් මාසෙ තිබ්බ ජනාධිපතිවරනයෙන් එතුමිය දිනල ජනාධිපති වුනා.

මම ඒ කාලෙ වැඩ කරපු ආයතනයෙ සීයට අනූනමයක්ම හිටියෙ යූ.එන්.පී. රජය යටතෙ පත්වීම ලබපු අය. පුදුමයකුත් නෙවෙයි එක අතකට. මොකද අවුරුදු දාහතක්ම තිබ්බෙ අලියගෙ ආණ්ඩුවක්නෙ. මට උනත් රස්සාව හම්බ වුනේ එහෙමයි. ආය බොරු කියන්නෙ මොකටද? ඒත් එහෙමයි කියල අපේ හෘදය සාක්ෂිය පාවා දෙන්ට පුලුවනිය? නැත්තං යුක්තිය සාධාරණය පෙනි පෙනි තියෙද්දි අයුක්තියට අසාධාරණයට ඉඩ දෙන්ට පුලුවනිය? එහෙම කරන්ට බෑ කොහොමවත්. මගෙ ඔය යාලුවො හුඟ දෙනෙකුට තේරුම් ගන්ට බැරිවෙච්චි දෙයක් ඔන්න ඕක.

" උඹ මහ කෙළෙහි ගුණ නොදන්න එකෙක් බං...මේ ආණ්ඩුවෙන් නේද උඹට ජොබ් එක දුන්නෙ? එහෙම එකේ උඹට වටිනවද....." ඒ ජයේ....පරම්පරාගත යූ.එන්.පී. කාරයෙක්. 

" ඇයි බං උඹට මම කියන එක තේරෙන්නෙ නැත්තෙ?...යකෝ මම රස්සාවක් කරන වයසට එනකොට තිබ්බෙ යූ.එන්.පී. ආණ්ඩුවක්..අනික ඒ වෙනකොට රස්සාවල් දුන්නෙ දේශපාලන කනෙක්ෂන් මත. ඒ නිසා මටත් ඒ විදිහට රස්සාවක් හොයාගන්ට වුනා. ඒ වෙනකොට තිබ්බෙ ශ්‍රී ලංකා ආණ්ඩුවක් නම් මට ඒ පක්ෂෙ කාගෙහරි ලියුමකින් රස්සාවක් ගන්ට තමයි වෙන්නෙ. ඉතිං එහෙම කියල මම හැමදාම යූ,එන්.පී. එකට පක්ෂපාත වෙන්ට ඕනය කියල මොන පොතේද තියෙන්නෙ? "

ඔය මොනව කිව්වත් එව්ව හරියට අර අල කොළේට වතුර දානව වගෙ තමයි. කිසිම වැඩක් නෑ..

" නෑ බං ඒත් ගාමිණී මහත්තයත් ඉල්ලන එකේ.. " 

ප්‍රේමදාසයි ලලිතුයි දෙන්නම මළාට පස්සෙ රාජාලියා පක්ෂෙ විසිරුවා හැරල ගාමිණී දිසානායක ආයම යූ.එන්.පී. එකේ නායකය උනා රනිල්ව පරද්දල. 

" මචං ගාමිණී මහත්තයට මම ගරු කරනව. ඒ රටට අවශ්‍ය නායකයෙක්. ඒත් මේ වෙලාව රටට වෙනසක් ඕන කරන වෙලාව.ඒ වෙනසට ඉඩ දෙන්ඩ වෙනව."

ගාමිණී කියන්නෙ අතිධාවනකාරී මනුස්සයෙක්. ඒ වෙලාවෙ ඇත්තටම අවුරුදු දාහතකට පස්සෙ රටේ හැමෝටම ඕන වුනු වෙනසට ඉඩ දීල පැත්තකට උනානම් ගාමිණීට ඔහොම අකල් මරණයක් අත්වෙන්නෙ නෑ කියල මට සහතිකයි.නොවැම්බර් මාසෙ තිබ්බ ජනාධිපතිවරණයට ගාමිණී ඉදිරිපත් වෙනකොට ඇත්තටම චන්ද්‍රිකා දිනලයි තිබ්බෙ චන්දෙ තියන්නත් ඉස්සර. ඒත් ගාමිණීගෙ පෞරුෂත්වය සහ Charisma  එක හින්ද දවසින් දවස අපිටත් හිතෙන්ට ගත්ත මොකක් හරි වෙනසක් වෙයි කියල.ඒත් චන්ද්‍රිකා කොහොමත් දිනනව කියල මම දැනගෙන හිටිය. ඒත් ගාමිණී ඝාතනය කලේ එක්කො කොටිත් ගාමිණී දිනයිදෝ කියල හිතුව වෙන්න ඇති. එහෙම නැත්තං පැරදුනත් ගාමිණී වැඩි කලක් විපක්ෂෙ ඉන්නෙ නැතිබව උං හිතන්න ඇති. නුදුරු අනාගතයෙ තමන්ට බලවත් තර්ජනයක් වෙන්න පුලුවන් නායකයෙක් නැතිකරල දාන්ට පුලුවන් හොඳම අවස්ථාව මම හිතන්නෙ උං ප්‍රයෝජනයට ගත්ත.

ඔන්න ජනාධිපතිවරණ සටන ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්ත. මම මේ කියන්නෙ ගාමිණී ඝාතනය වෙන්ට කලින්. 

" මේ චන්ද්‍රිකාට රට බාර දීල හරියන්නෙ නෑ බං. ඒ ගෑණි දවසකට විස්කි බෝතලයක් ගහනවලු තනියම…." එහෙම කිව්වෙත් ජයේමද කොහෙද....

අපි කට්ටිය හිටියෙ ඔය වෙලාවෙ ගුණේගෙ කාමරේ රෑ අටේ රූපවාහිනී ප්‍රවෘත්ති බලමින්. විස්කි මැඩම් කියල චන්ද්‍රිකාට ඒ දවස්වල නමක් පටබැඳලත් තිබ්බ. ඔය අපහාසාත්මක කටකතාව යූ.එන්.පී. එකේ ප්‍රචාරක උපක්‍රමයක්. 

" අඩෝ මේ, උඹල අපි දැං කොච්චර කල්ද බොන්ට පටන්ගෙන. ඒත් තාම ගල් බාගයක් ගහගන්ට බෑ, කන සාක්කුවෙ. එහෙම එකේ විස්කි බෝතලයක් ගහල චන්ද්‍රිකා ඔය ඡන්ද වැඩ කටයුතුත් ඔක්කොම කරනව කියන්නෙ එයාම තමයි ජනාධිපතිකමට හරියන්නෙ. "

මම එහෙම කියල සරමත් අතේ අරගෙන නැඟිට්ට ගිහිල්ල කාල නිදාගන්ට. ඔය දවස්වල අතේ සතේ නෑ ඒ නිසා අමුවෙම්ම තමයි රෑ කාලෙ ගත වුනේ. 

" ඔය කිව්වෙ ඔන්න කිව්ව ඔන්න කිව්ව " විජේ මා දිහා රවල බලාගෙන ඉන්නව කාමරේ දොරෙං එලියට එනකොටත් මම දැක්ක.

ඉතිං එතනිං පස්සෙ වෙච්ච දේවල් සාරාංශගතව කිව්වොත් ගාමිණී තොටළඟ බෝම්බෙන් මියගියා. චන්ද්‍රිකා විශිෂ්ඨ ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කලා.ඒ කරල අපි ඔක්කෝගෙම බලාපොරොත්තු ඉතාම සාහසික ලෙස බිඳ දාල අවුරුදු එකොළහක් රට පාලනය කරල දේශපාලනයෙන් විශ්‍රාම ගියා.චන්ද්‍රිකා එක්ක මගෙ තිබ්බෙ පුදුම තරහක් ඇත්තම කිව්වොත්. ජනවාර්ගික අර්බුදය වන්ස් ඇන්ඩ් ෆෝ ඕල් විසඳන්ට 1977 ජේ.ආර්. පප්පට හම්බවෙච්ච මහඟු අවස්ථාව වගේම තවත් අවස්ථාවක් තමයි 1994 දි චන්ද්‍රිකාට හම්බ වුනේ.ජේ.ආර්. තමංගෙ මහන්තත්තෙ සහ උද්දච්ච කම හින්ද අහිමි කරගත්තු අවස්ථාව චන්ද්‍රිකා අහිමි කරගත්ත බල ලෝභය සහ දේශපාලන අපරිණත භාවය නිසා. කොහොම හරි එහෙම තමයි මට හිතෙන විදිහට සිද්ද වුනේ.

චන්ද්‍රිකා එක්ක මගෙ තිබ්බෙ පුදුම තරහක්ය කියල මම කලින් කිව්වනෙ. " ප්‍රේමයක් බිඳීගිය කල්හි ඇතිවන වෛරයෙහි පරිමාව බිඳීගිය ප්‍රේමයෙහි තීව්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. "  ඒ ඇවිල්ල ප්‍රේමයේ තුන්වන නියමය. 

මම කවදාකවත් හිතුවෙ නෑ මට ඒ අම්මණ්ඩිට සමාවක් දෙන්ට පුලුවන් වේවිය කියල. ඒත් සිතුදේ නොමවේ නොසිතුදෙයක් වේ කියල කියනව වගෙ පහුගිය බදාද හවස මම චන්ද්‍රිකාට සමාව දුන්න. ඒ සිරස රූපවාහිනිය එක්ක කරපු එයාගෙ සාකච්ඡාව බැලුවට පස්සෙ. වැඩ සටහන ඇවිල්ල " ඉලක්කය "

අපේ මහරජ්ජුරුවො පරද්දන්ට හැකියාව තියෙන පොදු අපේක්ෂකයෙක් හොයාගන්ට කරපු මෙහෙයුමේ චන්ද්‍රිකාත් යම් කාර්ය භාරයක් කලාය කියල ඔය කණින් කොණින් ආරංචි පැතිරුනාට හරියටම වැඩේ උනේ කොහොමද කියල මම දැනගත්තෙ එදා ඉලක්කය බැලුවට පස්සෙ. 

" උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ " කියල අර කතාවක් තියෙන්නෙ. අන්න ඒ වගේ ඔබ කල සියලු වරදට සමාව දෙමි...හෙහ්, හෙහ්, ඒ ලෙසම ඔබට අනේක වාරයක් ස්තූතියි මැතිණියනි....Thank You So much Ma'am!!!!



41 comments:

  1. /* ජනවාර්ගික අර්බුදය වන්ස් ඇන්ඩ් ෆෝ ඕල් විසඳන්ට 1977 ජේ.ආර්. පප්පට හම්බවෙච්ච මහඟු අවස්ථාව වගේම තවත් අවස්ථාවක් තමයි 1994 දි චන්ද්‍රිකාට හම්බ වුනේ. */

    චන්ද්‍රිකාට ජනාධිපති ඡන්දයේදී 60+% ආවට, ඊට කලින් පත්වෙලා තිබුණු පොදු පෙරමුණු ආණ්ඩුව යන්තං ගැට ගහගෙන හිටපු ආණ්ඩුවක් බවයි මෙග් මතකය. එදා 1997 දී ජේආර්ට 5/6 ක බලයක් තිබුණා නේද? මේ දෙක සම කරන්න බෑ.

    පොදු පෙරමුණ ගෙනා "පැකේජ්", ජනාධිපති ක්‍රමය අහොසි කිරීම වගේ දේවල් ලත් තැනම ලොප් වුණා!

    චන්ද්‍රිකා ජනාධිපති වුණු වහාම පාර්ලිමේන්තුව විසුරවලා මහ ඡන්දයක් තිබ්බා නම් බහුතරයක් ඉන්න ආණ්ඩුවක් පිහිටුවාගන්න ඉඩ තිබුණා!

    ReplyDelete
    Replies
    1. රසික,

      / චන්ද්‍රිකාට ජනාධිපති ඡන්දයේදී 60+% ආවට, ඊට කලින් පත්වෙලා තිබුණු පොදු පෙරමුණු ආණ්ඩුව යන්තං ගැට ගහගෙන හිටපු ආණ්ඩුවක් බවයි මෙග් මතකය. එදා 1997 දී ජේආර්ට 5/6 ක බලයක් තිබුණා නේද? මේ දෙක සම කරන්න බෑ./

      පාර්ලිමේන්තුවෙ බලය ගැන සැලකුවොත් ඔබ කියන කතාව හරි. ඒත් මම කියන්නෙ 1994 රට පුරා චන්ද්‍රිකාට තිබුණු ජන ප්‍රසාදය, ආකර්ශණීය බව ගැන. මානව හිතවාදියෙක් විදිහට විජයට උතුරෙ තිබ්බ පිළිගැනීමත් ඒකට ප්‍රධාන හේතුවක්.යාපනේ චන්ද්‍රිකා මාල චන්ද්‍රිකා වළලු එහෙමත් විකුණුවයි කියල ඒ කාලෙ ආරංචි වුනානෙ. ගාමිණී සහ ඊට පස්සෙ විපක්ෂ නායක වෙච්චි රනිල් බොහොම පැහැදිලිව කිව්ව උතුරේ අර්බුදය විසඳීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහයෝගය දෙනවයි කියල.

      ඒ නිසා ඇත්තටම උතුරට විසඳුමක් දෙන්ට ව්‍යාවස්ථාව වෙනස් කරන්ට ඕන නම් ඒකට අවශ්‍ය 2/3 බහුතරය උනත් ගන්ට ඒ අම්මණ්ඩිට කිසිම බාධාවක් තිබ්බෙ නෑ මම දන්න විදිහට. අනික උතුරේ ජනයා අතර තිබ්බ ජනප්‍රසාදයෙ විදිහට හැකි ඉක්මනින් එහෙම විසඳුමක් දුන්නනම් එල්.ටී.ටී.ඊ. එක උනත් ඒ වෙලාවෙ කරකියාගන්ට දෙයක් නැතිවෙනව. මම කියන්නෙ මේ ලොක්කි ඒ ස්වර්ණමය අවස්ථාව මඟ ඇරිය කියලයි.

      බලයට ආපු ගමන් ඉස ගිණි ගත්තකු එගිණි නිවනසේ කරන්ට තිබ්බ වැඩේ අල්ලල දාල මේ මහගෙ වෙන අනම්මනම් කරන්ටනෙ පටන් ගත්තෙ. :)

      / පොදු පෙරමුණ ගෙනා "පැකේජ්", ජනාධිපති ක්‍රමය අහොසි කිරීම වගේ දේවල් ලත් තැනම ලොප් වුණා! /

      ඔය ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවෙ එ.ජා.ප. විරුද්ධ වුනා. මට මතකයි ඒකෙ පිටපත් ගිනි තිබ්බ සීන් එකකුත්. ජී.ඇල්. ප්‍රොපා තමයි ඕකෙ නිර්මාතෘ. චන්ද්‍රිකයි ජී.ඇලායි දෙන්නම පස්සෙ කිව්වෙ යූ.එන්.පී.එක සාකච්ඡා වලදි එකඟ වෙලා පාර්ලිමේන්තුවෙදි වැඩේ කඩාකප්පල් කලාය කියල. ඒත් රනිල් කිව්වෙ සාකච්ඡාවල නොතිබිච්ච කරුණු වගයක් පස්සෙ පැකේජ් එකට ඇතුලු කරල තිබුනය, එයාල විරුද්ධ උනේ ඒකටය කියල.

      එකක් මට මතක විදිහට ඒ සංශෝධනය සම්මත වුනත් චන්ද්‍රිකාගෙ ධුර කාලය ඉවර වෙනකල් එයා විධායක බලැති ජනාධිපති විදිහට ඉන්නවයි කියල. කොහොම හරි යූ.එන්.පී. එක ජී.එල්ට අභියෝග කලා ප්‍රසිද්ධ විවාදෙකට එන්ට කියල ඒ ගැන. එතුමා ආවෙ නෑ...හෙහ්,හෙහ්,

      / චන්ද්‍රිකා ජනාධිපති වුණු වහාම පාර්ලිමේන්තුව විසුරවලා මහ ඡන්දයක් තිබ්බා නම් බහුතරයක් ඉන්න ආණ්ඩුවක් පිහිටුවාගන්න ඉඩ තිබුණා! /

      එහෙම බෑ රසික. පාර්ලිමේන්තුවක් පළමු වරට රැස්වෙලා අවුරුදු දෙකක් යනකල් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ ව්‍යවස්ථාව අනුව.

      Delete
  2. Harima apooru post ekak! Sthuthiyi!

    ReplyDelete
  3. ඔතන ප්‍රශ්ණයක් තියෙනවා රවී මහත්මයා.. එතකොට සෝභිත හාන්දුරුවෝ, නිර්මාල්ලා, රතන සාධුලා, රනිල් උන්නැහේ සියඹලා ගෙනාවෙම නැද්ද..? මැඩම් හැමදාම ඔය ළොකු ටෝක් නම් දෙනවා.. ඒ උනාට මෙළෝ දෙයක් කොරන්නේ නෑ.. මේක මෙයා තනියෙන් කොලා වගේ නේ කිව්වේ.. ඒත් ඕක සාමුහික ගේමක්.. කලින් ගේන්න ඉඳලා තියෙන්නේ නිමල් සිරිපාල.. අන්තිම දවස් දහයේ තමයි සිරිසේන තෝරගෙන තියෙන්නේ. අරහා චැන් චුන් ගාන කොට..

    අප්පච්චි මළා කිවට මළේම නෑ වගේ. මල පැනපු මනෝකාය හැම තැනම සැරිසරනවා..

    උඹ දැක්කේ නැතෙයි කාල්ටන් බණ පලේ උන වැඩේ.. බණ තලලා ඉවර උනා ඉතරයි.. ලොක්කා පැන්නා හරක් ගාල මැද්දට... එතන හිටපු වැස්සියෙක් කියපි..

    "අනේ ජනාධිපති තුමා අපි අනාථ උනා..." ය කියලා.. ලොක්කා අර බෙලෙක් වොයිස් එකෙන් හෙමීට කියපි..

    "කෑ ගහන්න එපා යෝදීයේ.. මැඩම්ට ඇහෙයි... මැඩම්ට ඇහෙයි..." කියාලා.. මම එතන උන්න නිසා යාන්තමින් මටත් ඇහුනේ..

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      / ඔතන ප්‍රශ්ණයක් තියෙනවා රවී මහත්මයා.. එතකොට සෝභිත හාන්දුරුවෝ, නිර්මාල්ලා, රතන සාධුලා, රනිල් උන්නැහේ සියඹලා ගෙනාවෙම නැද්ද..?..../

      ඔබ කියන එක හරි. සීයට දෙසීයක් එකඟයි. ඔය හැමෝටම ඉස්සෙල්ල මාදුළුවාවෙ හමුදුරුවො තමයි ඔය පොදු අපේක්ෂකයගෙ සීන් එක කරළියට ගෙනාවෙ. මට මතක විදිහට බොහොම කාලෙකට ඉස්සෙල්ල. 2012 වගෙ. මොකද අපි හැමෝම දන්නවනෙ රනිල් ආවනං මොකද වෙන්නෙ කියල.රනිල් අද අපේ ඉන්න දේශපාලනඥයින්ගෙන් රටක් පාලනයට සුදුසුම පුද්ගලයා. ඒත් එතුමාට අර ඡන්දයක් දිනීමට අත්‍යාවශ්‍ය Charisma කියන එක නෑ.

      ඒක තමයි ඇත්ත. අනික දෙපාරක් රේස් එක දුවල පැරදිච්චි අස්සයෙක්. රනිල් දැම්මොත් මිස්ට මැදමුලන ගේමක් නැතුවම දිනනව කියල දන්න හින්ද තමයි මාදුළුවාවෙ හාමුදුරුවො පොදු අපේක්ෂකයගෙ තියරිය ගෙනාවෙ. රනිලුත් ඒක පිළිගත්ත මම හිතන්නෙ. නිර්මාල් එහෙම කරපු කාර්ය භාරය අති විශිෂ්ඨයි. මරා ඇන්ඩ් කොම්පැනි එකට විරුද්ධව කටක් අරින්ට මිනිස්සු බයේ ඉන්දැද්දි නිර්මාල් එහෙම තමයි බය නැතුව කිව්වෙ මේ මනුස්සය ගෙදර යවන්ට ඕනය කියල.

      රතන හාමුදුරුවො සහ චම්පිකගෙ කාර්ය භාරයත් එහෙමයි. ඒ ගැන මත භේදයක් කොහෙත්ම තියෙන්න විදිහක් නෑ. සෝභිත හාමුදුරුවො, නිර්මාල් එහෙම පොදු අපේක්ෂකයෙක්ගෙ තියරිය එලියට දැම්ම. රයිට්. ඔක්කොම ඒක පිළිගත්තනෙ. අවුලක් නෑ. මරා පරද්දන්න එකම චාන්ස් එක තියෙන්නෙ පොදු අපේක්ෂකයෙක් දැම්මොත් විතරයි. ඒත් වැදගත්ම ප්‍රශ්නෙ කවුද දාන්නෙ කියන එක. හාමුදුරුවො හරි යන්නෙත් නෑ. නිර්මාල් හරියන්නෙත් නෑ. කාලෙන් කාලෙට ඔය දෙන්නගෙන නම් කියවුනානෙ. අන්තිමට ඉතාම සුදුසු අපේක්ෂකය තමයි එළියට ආවෙ. මහින්දට අකමැති ශ්‍රී ලංකා අයගෙ ඡන්දයි, යූ.එන්.පී ඡන්දයි, වෙනසක් ඕනය කියල හිතපු මරා පාලනය එපා වෙලා හිටපු අයගෙ ඡන්දයි ඔක්කොම ලැබුනෙ ඒ තේරීම හරියටම හරි හින්ද. සෝභිත හාමුදුරුවො, නිර්මාල් එහෙම පසුබිම හදල වාහල්කඩ ගාවට පෙරහර ගෙනාවට අන්තිමට කරඬුව වඩම්මන්ට ඇතෙක් හොයාගන්ට වෙනව. නැත්තං පෙරහැරෙං වැඩකුත් නෑ. අන්න එතනයි චන්ද්‍රිකා නෝනගෙ කරපු මෙහෙයුම වැදගත් වෙන්නෙ. මෛත්‍රීපාලව ගෙනාවෙ එයා. මම හිතන්නෙ නෑ සෝභිත හාමුදුරුවන්ටවත් නිර්මාල්ටවත් ඒ වගෙ දෙයක් කරන්ට හැකියාවක් තිබ්බයි කියල.

      ක්‍රිකට් ටූනමන්ට් එකක් ගමු. අපි හිතමු වර්ල්ඩ් කප් එක කියල. ටීම් එකක් කප් එක උස්සනව කියන්නෙ ඒ පිටිපස්සෙ ඉන්නව සීයක දෙසීයක වගෙ කට්ටිය. ඒත් අන්තිමට මෑන් ඔෆ් ද මැච් වෙන්නෙ පිට්ටනිය මැදට ගිහිල්ල විකට් ගත්ත නැත්නම් සෙන්චරියක් ගහපු මනුස්සය. චන්ද්‍රිකා කලෙත් අන්න ඒ වගෙ දෙයක් කියලයි මම කියන්නෙ.

      / උඹ දැක්කේ නැතෙයි කාල්ටන් බණ පලේ උන වැඩේ...../

      නෑනෙ හෙහ්,හෙහ්..උඹම ඉන්න ඕන ඔව්ව කියන්ට....කාල්ටන් මාසික බණපල හෙහ්..ඒකත් නරකම නෑ. 

      ඒත් මෙහෙම කතාවක්නම් මට ආරංචි වුනා. බණ අහක වෙලා එතන හිටපු උපාසකම්මලගෙං ලොක්කට බේරිල්ලක් නැතිඋනාලු සරමත් කැහැපොට ගහගෙන ජනේලෙ උඩ නගින්ටෙයි කියල.

      " අනේ ඔබ තුමා එදා ජනේලෙ උඩ නැඟල හිටපු හැටි හරිම ගාම්බීරයි. මම ඔය හිච්චි එකී කාලෙ එක පාරක් ඉස්කෝලෙං එක්කං ගියා සත්තෝද්දියානෙට. ඒකෙ අර ගෝරිල්ල කූඩුවෙ යකඩ පොලු අල්ලගෙන අපි දිහා බලල ගොරවපු හැටි මට මතක් උනා එදා ඔබ තුමාව දැක්කම. " ටිකක් එක විදිහට දෙගොඩ හරි වයසෙ අංගනාවියක් කිව්වලු ඇඹරි ඇඹරි.

      මේක අහල එතුමගෙ බුරුසුවෙ රැවුල් ගස් ඉර්ජු උනාලු සංතෝසෙ උහුල ගන්ට බැරුව. ඔන් ද ස්පොට් එතනම සරම දෙපරැංද අස්සෙ ගහගෙන නගින්ටලු ලෑස්ති වුනේ ජනේලයක් උඩට. කෝකටත් කියල වටපිට බලනකොට සිරන්ති නෝන ( මතකනෙ අර එක්ස් - ආර්යාව ) ඉන්නවලු තට තට යන අනුකරනයෙන් පිපිරෙමින්. 

      " හුහ්, තමුසෙට ජනාදිපතිකම විතරයි මේ වෙනකල් නැතිවෙලා ඇත්තෙ. නඟිනවකො බලන්ට ඔය ජනේලෙට අර තේඋඩිච්චියන්ට වැඩ පෙන්නන්ට තමුසෙගෙ ******** නැති කරල දාන්ට මම අනෙ අම්මාපල්ල.... "

      ඒක අහපු ගමන ලොක්කට හීං දාඩිය දැම්මලු. 

      " හා,හා, ඒ සරකස් බැරිය පස්සෙ වෙලාවක. අද මේ පෝය දවසෙ ඉන්ට එපාය ටිකක් සාන්තව "

      එහෙම කියල අර අංගනාවියො ටික පිටත් කරල ඇරියලු කුරහං රොටී දෙක ගානෙ ඔතල දීල. 

      ආ..බොලේ...තව එකක් මම මේ දන්න කියන කෙනෙක්ගෙං අහන්ටම කියල හිටියෙ. එතුමා ඔය ඇස්සයිස් එහෙම කලා නේද ගජරාමෙට. අරලියගහ මන්දිරේ ස්ටේට් ඔෆ් ද ආට් ජිම් එකක් එහෙමත් හදා ගත්ත නේද මුල්ම දවස්වලම. මට මතකයි බර ගානක් ගෙවල අර කොන්ටූරි ගොයිය ගෙන්න ගත්තෙ ජිං එකේ උපදේසන සේවා වලට. අනික රට ගියත් උදේම ට්‍රැක් කිට මරල ජොගිං කොරන එක වරද්දන්නෙ නැත කියල ඒ දවස්වල පත්තර වල හිට ගියා නේද? අනික ගෝල් පීස් එකේ දුවනවත් මම දැක්ක පත්තරවල පෝටොස්. එහෙම එකේ ඉන්ට එපාය කොල්ල වගේ..මොකද අර බණ අහද්දි පුටුවක වාඩිවෙලා හිටියෙ එතුමා? ඒ කියන්නෙ දැං දණිස් නවාගෙන පැය බාගයක් වගෙ ඉන්ට අමරුයිලුද? අර කොණ්ඩෙ වවාගත්තු හාදය කිව්ව විදිහට මේ අපි නං හිතාගෙන හිටියෙ පණ ඇති මිනිහෙක්ය කියල...දැං බලනකොට...හෙහ්,හෙහ්,

      Delete
    2. මම හිතුවා ගෑණු ටික ලොක්කා සරම කැහපට ගස්සවලා ජනෙල් පඩිය උඩට නග්ගන්න ගියේ, සෙට් එක බලන්නය කියලා.. අම්මපා එතන මම උන්නා නම් මාත් දෝත් බුදුන් දීලා වඳිනවා ඒ සෙට් එකට... බුදුන් දැක නිවන් දකීවා කියලා.. ඇයි යකෝ 70 එකා කෙලලා තියෙන්නේ 20-25 හේ කෑළි වලට කොට.. ඉස්සර නම් කතාව තිබුනේ කලටි වලටය වැඩිය මනාප කියලා.. හෙම එකක් තීලා නෑ.. කුරුම්බත් බීලා තියෙනවා මදි නොකියන්න..

      බණ අහනකොට සජ්ජුරුවෝ වගේ උනාට.. තිරුපති ගියාම නම් ෂර්ට් මෙස් බැනියමුත් නැතිව කුක්කුත් එලියේ දාගෙන කනුවට පිට දීගන ඉන්නවා හිඟන්නා වගේ.. මක්කා කොලත් බුද්ධිමත් ජනතාව කියන්නේ රජකම දාලා ගියපු වෙස්සන්තර අප්පුහාමි කියලනේ..

      කව්ද කියලා තිබුනේ අර සුපියල් සීයේ හිඟන්නා පෝස්ටර් ගහලා තියෙනවය කියලා, ඔබයි අපේ ජනපති කියලා.. මහින්ද අයියගේ පොටෝ එකත් දාලා.. ඔබයි කිව්වේ වෙනින් මක්කාවත්ද දන්නේ නෑ..

      Delete
    3. මාතලන්,

      " මට මුලු ලොවම ඔබයි......" කියල කිව්වෙ චන්ද්‍රලේඛා නේද?

      Delete
    4. //මේක අහල එතුමගෙ බුරුසුවෙ රැවුල් ගස් ඉර්ජු උනාලු// මං හිතුවෙ වෙන මොකක් හරි එකක් එහෙම වේගෙන ආව වත් ද කියල... හෙහ් හෙහ්....

      (පෝස්ට් එකයි කොමන්ට් ටිකයි කියවලා මං තුමා සිනා සී කොර වී ගිය සේක)

      Delete
  4. මටත් හිතුනේ චන්ද්‍රිකා රටට සේවයක් කලේ හිටපු අවුරුදු 11 දී නෙවෙයි ,මේ පාර කියලයි .

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      හරියටම හරි මල්ලි..මටත් එහෙමමයි හිතුනෙ. ඒකයි මම කිව්වෙ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියල...:)

      Delete
  5. මාතලන් කිව්ව වගේ සැට් නෝන ටිකක් විතර අතිශ්යෝක්තියෙන් කියනව. හැබැයි එයා "තමන්ට නියමිත" රෝල් එක නියමෙටම කලා කියන එක ඇත්ත. [ඒක හුඟ දෙනෙකුට අදාලයි]

    සැට් නෝන බොහෝ පැති වලින් අසාර්තකයි. ඒ නිසා එයා අපිට පෙනුනෙ කිසිම වැඩකට නැති කෙනෙක් විදියට. මහින්ද එකක් දෙකක් වැඩ සාර්තකව කරල අනිත් පැති වලින් චන්ද්‍රිකාටත් වැඩිය නරක් වෙද්දි තමයි අපට හිතුනෙ "යකෝ මේ ගෑනි තව හොඳයි නේද කියල.

    හොඳ උදාහරනයක් කියන්නං.
    චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට ගෙනල්ල යූඇන්පී කාරයන්ගේ විරෝදයෙන් අකුලගන්න උන ව්යවස්තාවයි මහින්ද හදාගත්ත ව්යවස්තාවයි අරගෙන බලන්න. චන්ද්‍රිකාගෙ ඒ වෙලාවෙ බලයේ ඉන්න ගත්ත උත්සාහය අහින්සක එකක් කියලත් ඒ ව්යවස්තාව ටිකක් හොඳයි කියල හිතෙන්නෙත් මහින්ද 17 ට 18 ගෙනල්ල හැමදාම බලයේ ඉන්න ගත්ත උත්සාහය දැක්කම.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / මාතලන් කිව්ව වගේ සැට් නෝන ටිකක් විතර අතිශ්යෝක්තියෙන් කියනව. හැබැයි එයා "තමන්ට නියමිත" රෝල් එක නියමෙටම කලා කියන එක ඇත්ත. /

      ඇත්ත, ඇත්ත..ඔය ඉන්ටවීව් එකෙත් ඔය මහගෙ පච දෙක තුනක් කිව්ව. මට කවදාවත් බලයට ආසාවක් තිබුනෙ නැතය. මගෙ කාලෙ ඉවර උනහම මම ගෙදර ගියාය ..ඔන්න ඔහොම. අපි මැරිල ඉපදුනෙ නෑනෙ එයා ඒ කාලෙ කරපුව අමතක වෙන්ට....ඒත් ඇත්තටම මරා කරපු වැඩවල හැටියට එව්ව මේ පොඩි එවුං හුරතලේට කරන වැඩ වගෙ එව්ව...හෙහ්,හෙහ්,

      මම ඒ ගැන ලිව්වෙ නැත්තෙ මම ලියන්ට හිතුවෙ ඒ ගැන නෙවෙයි හින්ද..චන්ද්‍රිකා කරපු භූමිකාවට ස්තූතිකරන එක විතරයි මගෙ පරමාර්ථය වුනේ...:) මාක් ඇන්ටනි කිව්ව වගේ..Friends, Romans, countrymen, lend me your ears; I come to bury Caesar, not to praise him. 

      / සැට් නෝන බොහෝ පැති වලින් අසාර්තකයි. ඒ නිසා එයා අපිට පෙනුනෙ කිසිම වැඩකට නැති කෙනෙක් විදියට. මහින්ද එකක් දෙකක් වැඩ සාර්තකව කරල අනිත් පැති වලින් චන්ද්‍රිකාටත් වැඩිය නරක් වෙද්දි තමයි අපට හිතුනෙ "යකෝ මේ ගෑනි තව හොඳයි නේද කියල. /

      සීයට දෙසීයක් එකඟයි....:) චන්ද්‍රිකාගෙ කාලෙ මොනව උනත් සමස්තයක් හැටියට අරගෙන බැලුවම මරා ඊරා එකට වඩා දාහක් හොඳයි.

      / හොඳ උදාහරනයක් කියන්නං.....චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට ගෙනල්ල යූඇන්පී කාරයන්ගේ විරෝදයෙන් අකුලගන්න උන ව්යවස්තාවයි මහින්ද හදාගත්ත ව්යවස්තාවයි අරගෙන බලන්න. චන්ද්‍රිකාගෙ ඒ වෙලාවෙ බලයේ ඉන්න ගත්ත උත්සාහය අහින්සක එකක් කියලත් ඒ ව්යවස්තාව ටිකක් හොඳයි කියල හිතෙන්නෙත් මහින්ද 17 ට 18 ගෙනල්ල හැමදාම බලයේ ඉන්න ගත්ත උත්සාහය දැක්කම. /

      Again Agreed.....100%

      Delete
  6. තිස්ස කෙරුවේ මහා පජාත වැඩක් තමයි.දැන් අධිකරණයේ තියෙන නඩුවෙන් වැරදිකාරයා වුණාම තිස්සට උරුම දඟ ගෙය තමයි.අන්න ඒ වෙලාවේ මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාට පුළුවන් නම් තිස්සට ජනධිපති සමාවක් දෙන්න එක වටිනවා.එකෙන් මෛත‍්‍රී පණිවිඩයක් දෙනවා යහපාලනය තුල තමන් කටයුතු කරන්නේ කොහොමද කියලා.අනෙක් පැත්තෙන් හිරේ ඉඳන් තිස්ස වීරයෙක් වෙන්න උත්සහා ගන්නවා නම් එකත් නතර කරලා දානවා.මොකද හිරේ ගිහින් එන අයව වීරයෝ විදියට පිළිගන්න සමාජයක්නේ මේක.

    කෙළෙහි ගුණ කතාව කියලානේ ලොක්කා ගිය වතාවෙත් තුන්වෙනි පාරටත් රට කන්න සැරසුනේ.වාසුලා ගැන ඇත්තටම ලැජ්ජයි.ඔය ජන්ද පනස් ලක්‍ෂ ගාණ ගත්තේ පැය 24ම රාජ්‍ය මාධ්‍ය අරක්ගෙන,මඩ ගහලා,කුමන්ත්‍රන කරලා,අල්ලස් දීලා,බලපෑම් කරලා,ජන්ද දායකයින් රවට්ටලා,ගහලා,මරලා රාජ්‍ය බලය උපරිමයෙන්ම භාවිතා කරලයි.දැන් එහෙම නැති තත්වයක් තුල විමල්ලා,දිනේෂ්ලා,වාසු,ගම්මන්පිලලා කරන්න යන්නේ ගඟට ඉණි කපනවා වගේ වැඩක්.මහින්දව ඉස්සරහාට දාලා බලේ ගන්න එක.

    චන්ද්‍රිකා කරපු එකම හොඳ වැඩේ මේක වෙන්න ඇති.උඩින් රාජ් කියලා තියෙනවා වගේ චන්ද්‍රිකාට තුන්වෙනි පාරත් බලේ ගන්න බැරි නිසා වැඩේ අත ඇරලා දැම්මා මිසක් කැමත්තෙන් එහෙම කෙරුවා කියලා කොහෙත්ම විශවාස කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මනෝ,
      සිදුවිය යුත්තේ යහ පාලනයේ නාමයෙන් එක එකාට ජනාදිපති සමාව දීම නෙවේ, උසාවි දඬුවම් වලට ජනාදිපති මැදිහත් නොවී සිටීම. [ඔය ජනාදිපති සමාව කියන එකත් ඉවත් කලා නං හරි]

      Delete
    2. එකඟයි,නමුත් මම එතන අදහස් කෙරුවේ තිස්ස කෙරුවේ දේශපාලන ක්‍රියාවක් නිසායි ජනාදිපති සමාවක් ගැනයි මම යෝජනා කෙරුවේ.නිතිය ඉස්සරහා වරදකාරයෝ වෙන අයට ජනාධිපතිගේ විධායක බලයෙන් නිදහස ලබා දෙන එකට මමත් විරුද්ධයි.

      Delete
    3. මනෝජ්,

      රාජ්ගෙ කතාවට මමත් එකඟයි. ජනාධිපති සමාව කියන එක අයිං කරලම දාන්ට ඕන. ආ..සැටලයිට් ගැන තව එකක් මතක් උනා. සැටලයිට්ගෙ කාලෙ තිබ්බෙ ජනාධිපති සමාවට වැඩිය ජනාධිපති පමාව...:)

      Delete
  7. මට කියන්න තියෙන හැම දේම උඩින් සාකච්ඡා වෙලා තියෙනව බං.එකක් කියන්න පුළුවනි සැටී ඔය හැමදේම කළේ අවංක චේතනාවෙන් රටට ආදරෙන්ද කියල හෙට අනිද්දම බලාගන්න අපට පුළුවනි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      මම හිතන්නෙ නෑ උන්දැ ඔව්ව කලේ වෙන ලාබ ප්‍රයෝජන බලාගෙනය කියල.මොකද ඉන්න කාලෙ උනත් චන්ද්‍රිකා හම්බකරගත්තු දෙයක් නෑ. රොස්මීඩ් ගෙදරත් එයාගෙ කොටස වික්කනෙ පස්සෙ. එතන දැන් තියෙන්නෙ Paradise Road Tintagel කියල Boutique Hotel එකක්. Tintagel කියන්නෙ එංගලන්තෙ ආතර් රජ්ජුරුවන්ගෙ මාළිගාව. 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ආව වෙලාවෙ චාර්ලිස් ගොයිය නැවතුනේ ඕකෙ. ඕකෙ තියනව පූල් එක ගාව අඹල පිරිමි නිරුවත් රූප වගයක්...:)

      සැට් නෝනා ඔහොම කලේ මහින්දගෙන් පළිගන්ටත් එක්කයි මම හිතන්නෙ..කතාවක් තියනවනෙ අර Hell Hath No Fury Like A Woman Scorned කියල ..හෙහ්,හෙහ්,

      Delete
    2. කුමරා ඉදිරියේදි පැමිනේ.....

      මී කඩන්නේ අත ලෙව කන්න නොවේ...

      Delete
    3. Maathalan,

      කුමරා ආපුදෙන්....හෙහ්,හෙහ්, ..අඩුගානෙ විජේගෙ මූණවත් බලාගන්ට බැරිය...නැද්ද?

      අනික මට කවදාවත් විජේට චන්දයක් දෙන්ට බැරි උනා. කුමරා ආවොත් අම්මපල්ල දෙන එකත් දෙනව..:)

      Delete
    4. Ravi ayye,
      අනේ වාසනාවන්!
      මාත් ගොහින් දෙනවා කුමරා ට චන්දයක්...
      මොනා උනත් ඇහැට කනට පේන මනුස්පය.

      Delete
  8. මෙතන චන්ද්‍රිකා, රනිල්, සෝභිත හාමුදුරුවෝ, රතන හාමුදුරුවෝ, ඇතුළු කට්ටියම, දැනුවත්ව හෝ නොදැනුවත්ව හමුදා ප්‍රහාර සඳහා යොදාගන්නා න්‍යායක් පාවිච්චි කරලා තියනවා. ඒ තමයි false front කියන ක්‍රමය. අපි හතුරට පෙන්නනවා කොළඹට ගහනවා, ගහන්නේ අහවල් කාලේ, මෙන්න මෙයා තමයි හමුදාවට අණදෙන්නේ, මෙන්න මේ වගේ ආයුධ වලින් ගහන්නේ, ආදී වශයෙන්. එතකොට සතුරා ඒකට ලැස්ති වෙනවා. ඔය විදිහට අපි එක එක දවසට කියනවා, කොල්ලුපිටියට ගහනවා, මීගමුවට ගහනවා, ගම්පහට ගහනවා, කියලා. නමුත් අපි ඇත්තටම ගහන්නේ මහනුවරට. සතුරා කවදාවත් නොහිතන තැනකට. අන්න ඒ වගේ තමයි, මෛත්‍රීව හංගගෙන, පොදු අපේක්ෂකයා ලෙස වෙන වෙන අය ගැන ඉඟි කලේ බොරුවට.

    ReplyDelete
    Replies
    1. Wicharaka,

      චර්චිල් පොත් 6 ලිව්ව දෙවෙනි ලෝක යුද්දෙ ගැන. එව්වයින් මම කියවපු එකක් තියනව ඔය Winning by Deception ගැන සවිස්තරව ලියවුනු පරිච්ඡේද කීපයක්. ජර්මන් බෝම්බ ප්‍රහාරක යානා මුලා කරන්ට එංගලන්තෙ පුරා නිර්මාණය කරල තියනව ව්‍යාජ ගුවන් තොටුපොළවල්. එව්වයෙ සැහැල්ලු ලී වලින් ප්‍රහාරක ගුවන් යානාවල ආකෘති හදල ඇත්ත එව්ව විදිහටම වර්ණ ගන්වල තියනවලු එතකොට ජර්මානුවො රැවටිල එව්වට බෝම්බ දාල විනාශ කරනව.

      “All warfare is based on deception. Hence, when we are able to attack, we must seem unable; when using our forces, we must appear inactive; when we are near, we must make the enemy believe we are far away; when far away, we must make him believe we are near.” ― Sun Tzu, The Art of War

      Delete
    2. WW 11 කාලෙ ලංකාවෙත් සමහර වැව්වල පාසි බෝකරල සතුරු ගුවන්යානා ඒව පිට්ටනියයි රැවටිල ලෑන්ඩ් කරවන උපක්‍රමය?

      Delete
    3. Pra,

      පාසි නෙවෙයි ප්‍රා ඒ ඇවිල්ල ජපන් ජබර. ( Water Hyacinth )

      බොහොම දරුණු ආක්‍රමණික ශාඛයක්. සුද්දංගෙ කාලෙ සුදු නෝනල ඔව්ව වැව්වලු ගෙවතු අලංකරණ ජලජ ශාඛයක් විදිහට. බොහොම ඉක්මනට පැතිරෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නෙ දෙවන ලෝක යුද්ද කාලෙ ඔව්ව ජලාශවලට දැම්මෙ.සුද්දො එහෙම කලේ ඇයි කියල නම් හරියටම පැහැදිලි නෑ. ඔය පිට්ටන ිවගෙ පෙනිල ජප්පො ප්ලේන් එව්වට බායි කියන එක එක කතාවක්. තව එකක් තියනව. ජප්පො අල්ලගත්තු රටවල ජලාශ විනාශවෙන්ට මුලින්ම බෝම්බ දැම්ම කියලත් කියනව. ඒ හින්ද ජලාශ පිට්ටනි වගෙ පේන්ට ජපන් ජබර බෝකලා වෙන්ටත් පුලුවන්. මම හිතන්නෙ ඔව්වට ජපන් ජබර කියල කියන්නෙත් ඔය ජපනගෙ සම්බන්ධෙ හින්ද වෙන්න ඕන.

      ආක්‍රමණික ශාඛ ගැන තව අපූරු කථාවක් මතකද ප්‍රා? 1990 / 91 කාලෙ වගෙ ත්‍රිකුණාමලෙන් පටන්ගෙන බොහොම සීග්‍රයෙන් පැතිරුණු යෝධ නිදිකුම්බා ශාඛය. ලංකාවෙ ඊට කලින් තිබ්බ එකක් නෙවෙයි.

      ඒක ආවයි කියන්නෙ ඉන්දීය සාම සාධක හමුදාව එක්ක. එයාල ඉන්දියාවෙං එළුවො ගේනව මෙහෙදි මසට ගන්ට. ඒ එළුවො ඉන්දියාවෙදි යෝධ නිදිකුම්බා කාල ඇවිල්ල මෙහෙ බෙටි දානව. ඒ බෙටිවල තියෙන නොදිරපු බීජ වලින් තමයි කියනව ඔය යෝධ නිදිකුම්බා මෙහෙ පැතිරුනෙ. තිරිකුණාමලේ I.P.K.F. කඳවුරක් අවටින් තමයි ඔය ශාඛය මුලින්ම හොයාගෙන තියෙන්නෙ. ළඟකදි නම් ඒ ගැන කවුරුවත් කතාකරනව දැක්කෙ නෑ. ඉබේම වඳවෙලා ගිහිල්ලද මන්ද...

      Delete
    4. ඔව් ජපන් ජබර තමයි. ඒත් අර පාසි එක (lemna) බෝවුනාම ඊට වඩා පිට්ටනි ගතියක් තියනව නේ?

      යෝධ නිදි කුම්බා නිසා තැන්නකුඹුර හරියෙ ඉඳන්ම මහවැලි ඉවුර විනාස වුනා නේද? මං අහල තියනව මහවැලි වියාපෘතියට ගෙනාපු සම්හර යන්ත්‍රෝපකරණ ඉස්සර දකුණු ඇමරිකාවෙ රටවල වැඩ කරපු නිසා ඒවගේ ඇලිල තිබුන පස්වල තිබුනු බීජවලින් බෝවුනා කියල

      Delete
    5. Pra,

      / යෝධ නිදි කුම්බා නිසා තැන්නකුඹුර හරියෙ ඉඳන්ම මහවැලි ඉවුර විනාස වුනා නේද? /

      ඔව්...තැන්නකුඹුරෙ පාලම ගාව ඉඳලම ඔය නිදිකුම්බා කේස් එක තිබ්බ තමයි.

      / මං අහල තියනව මහවැලි වියාපෘතියට ගෙනාපු සම්හර යන්ත්‍රෝපකරණ ඉස්සර දකුණු ඇමරිකාවෙ රටවල වැඩ කරපු නිසා ඒවගේ ඇලිල තිබුන පස්වල තිබුනු බීජවලින් බෝවුනා කියල /

      අඩේ එහෙමත් එකක් තියද? මම කලින් අහල තිබ්බෙ නෑ ඒ කතාව..ඒත් ඔය කාලෙ වෙනකොට මහවැලියෙ බහින කලාව වගෙ. අලුත් යන්ත්‍රෝපකරණ ගෙනාවද නම් මන්ද..කොහොමජ්හරි එහෙම වෙන්නත් පුලුවන්...කවුදෑ ඔව්ව හරියටම දන්නෙ?

      ජපන්නු කිව්වම මතක් වුනේ..දෙවෙනි ලෝක යුද්ද කාලෙ බෝම්බ දාන්ට ආපු ජපන් ප්ලේන් එකක් කඩාවැටුනයි කියනව සිංහරාජ වනාන්තරේට.ඒකෙ හිටිය ජපනා කොහොමහරි බේරිල අවුරුදු ගානක් කැලේ ඇතුලෙ හිටියලු. ඔය සත්තු මරාගෙන එහෙම කාල. පස්සෙ අහල පහල ගම් වලට පැනල හරක බාන එහෙම අරංයන්ට පටංගත්තලු. බත් මුට්ටි පිට්ං උස්සගෙන යනවලු. එක කෙල්ලක් හිටියලු මහ නහයට අහන්නෙනැති. ඒකිට කැලේ කොලේ කරක් ගහන්ට එතනිං ගිහාම දඩයං එහෙමත් යස අගේට පුලුවංලු.ඉඳපල්ල ඔය මිනිහ මං අල්ලං එන්නං කියල ඒ කෙල්ල තනියම කැලේට ගියාලු දවසක්...හෙහ්,හෙහ්, මම ඔය ජපනගෙ කතාව ලියන්ටයි යන්නෙ ... ඔය කතාව මා දැක්කිං කිව්වෙ කුකුලේගඟ මම වැඩ කරද්දි හිතවත් වෙච්චි ඒ පැත්තෙ මනුස්සයෙක්..

      Delete
    6. පට්ට කතාවක් ලියන්න ප්ලොට් එකක්නෙ.

      ඔය නිදිකුම්බ වගේ තව ගහක් මට පෙන්නුව සිංහරාජෙදි. ඒක ඇවිත් තියෙන්නෙ සිරිම ඇන්ටි සිංහරාජේ තුණීලෑලි කරන්න ගෙන්නපු කැනිඩියානු වාහනවල තිබ්බ පස් නිසාලු!

      අර දෙවන ලෝක යුද්දෙ කාලෙ වැව් වල වවල තීන්නෙ සැල්වීනියා කියලයි මම අහල තිබ්බෙ. යන්තන් කුරුමිණියෙක් ගෙනත් ඒක වඳ කල නිසා හොඳයි.

      Delete
  9. මට නම් දැනුන තරමට මැඩම්ගෙන් උන ලොකුම හොදේ මේක වෙන්න ඕන.. එදා ඉලක්කය බලද්දී මට හිතුනේ එහෙම.. කියපු දේවල් ඉතින් ඔක්කොම ඇත්තද නැද්ද කියන්න මම නම් දන්නේ නෑ.. ඒත් හොද දැන් ඉන්න කාටවත් නැති දේශපාලන මොළයක් තියෙනවා කියලා හිතුනා..

    ඇත්තටම දැන් බැරි වෙලා හරි එන මහ මැතිවරනෙන් ශ්‍රීලංකා එක දින්නොත් අගමැති වෙන්න ඉන්නේ නිමල් සිරිපාල ( දැන් විපක්ශ නායක හන්දා මම එහෙම කිවුවේ ) වෙනුවට මැඩම්ම තව අවුරුදු 6ක් වත් ඇද්දනම් මොකද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      රනිල් සහ මෛත්‍රී අතර එකඟතාව අනුවනම් තව අවුරුදු දෙකක්වත් ප්‍රධාන පක්ෂ දෙකේම සහභාගිත්වයෙන් ජාතික ආණ්ඩුවක් පවත්වගෙන යන එක. එහෙම උනාම මම හිතන්නෙ අගමැති රනිල් තමයි අනිවාර්යයෙන්ම. ඡන්දෙන් මම හිතන්නෙ යූ.එන්.පී. එකට වැඩි බලයක් එනවා අනිවාර්යයෙන්ම.මරා ඇන්ඩ් කොම්පැනි හතර වරං ගහපුව තව දහයක් පහළවක් එළියට ඇද්දම ශ්‍රී ලංකා එකට අවාසියි.අනේ අපි දන්නෙ නෑ මරා තමයි ඔව්ව ඔක්කොම කලේ කියල අත පිහගන්ට බෑනෙ.සාමූහික වගකීම කියල එකක් තියනවනෙ.

      Delete
  10. මම හිතන්නේත් නෑ මැඩම් CBK ආපහු ඇක්ටිව් පොලිටික් වලට එයි කියලා. මිනිස්සු තමන්ගේ වැරදි නිවැරදි කරගන්න උත්සාහ කලොත් පුළුවන් කියලා ඇය පෙන්නුවා කියලයි මට හිතෙන්නේ. ඒ අතින් මාත් ඇයව අගය කරනවා. (කොහොමත් එයාගේ කාලේ මම ලංකාවේ දේශපාලනය ගැන උනන්දු වුනේ නෑ. ඒක හින්දා ඒ කාලේ වෙච්ච දේවල් දන්නෙත් නෑ.) ඒත් 94 ඇය ගැන හැමෝම ලොකු බලාපොරොත්තුවකින් ඡන්දේ දුන්නා කියලා නම් මතකයි.
    විමුක්ති වුනත් ලංකාවේ දේශපාලනයට එයි කියලා මට නම් හිතෙන්නේ නෑ. ඔහුට පැවැත්මක් නෑ කියලාත් ඒ අස්සේම හිතෙනවා. බලාගෙන ඉඳලා ඉඳලා මහින්ද මහත්තයාට ගේමක් දුන්නා කියලයි මාත් හිතන්නේ. ඒ අතින් මැඩම්ගේ වගකීම එයා හොඳටම කලා.
    මොනවා වුනත් රවියාගේ පොලිටික්ස් අර කතන්දර ලිවිල්ලටත් එහා. හුස්ම ගන්නේ නැතිව කියවගෙන යන්න පුළුවන්. ආයේ කරකැවිලා, වැටිලා, බිම ඉඳගෙන තර්ක විතර්ක ගේන්නත් පුළුවන්. බොට තියෙන්නේ ඔය කරන රස්සාව පැත්තක දාලා කයි කතන්දර දේශපාලන කතා ලියන එක රස්සාව විදියට කරන්න දැන් නම් ;)

    ReplyDelete
    Replies
    1. Buru,

      Thank you, thank you...thank youuuuu!!!!

      / බොට තියෙන්නේ ඔය කරන රස්සාව පැත්තක දාලා කයි කතන්දර දේශපාලන කතා ලියන එක රස්සාව විදියට කරන්න දැන් නම් ;) /

      බලමු බලමු, දැං අතපයත් වලංගු නැතිවීගෙන එන කාලෙ..තව වැඩි කලක් මේ රස්සාව කොරන්ට බැරිවෙයි වගෙ තමයි පේන්ට තියෙන්නෙ. එහෙම උනොත් ඔය හෑල්ලක් දෙකක් ලියල පණං හතරක් හොයාගන්ට තමයි වෙන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  11. අනේ මන්දා අයියේ... මට නම් ඕක බලන්න බැරි වුණා... චන්ද්‍රිකාගේ ආණ්ඩුව නිසා රස්සාවෙන් 'ද්වේශ'පාලන මාරුවීමක් ලැබුණත්, චන්ද්‍රිකා මුල් කාලේ සාම සාකච්ඡා වෙනුවෙන් දක්වපු උනන්දුව, ගත්ත ක්‍රියා මාර්ග අපේ තාත්තත් අගය කලා. හැබැයි පහු පහු වෙනකොට නම් තමන් වටේට හිතෛෂීන් පිරිසක් එකතු කරගෙන රටේ සල්ලි කන්න ගියාම නම් එයාව එපාම වුණා.

    ජනවාරි අට වෙනිදා සිද්ධවෙච්ච වෙනසෙහි තිබ්බ ජවය රනිල් හෙමින් නැති කරනවා කියලා මට මේ ටික දවසට හිතුණා. අර එකෙක් ෆේස්බුක් එකේ දාලා තිබ්බා මහින්ද යටතේ තිබ්බ දූෂණ වංචා ගැන කෑගහලා කෑගහලා පත් කර ගත්ත අලුත් ආණ්ඩුවෙන් අත් අඩංගුවට ගත්තේ එකම එකයි.. ඌත් යූ.එන්.පී කාරයෙක්ය කියලා. තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට මූලික කරගත්ත කාරණා (මහින්දට පාලනයට එල්ල කල චෝදනා) ටිකක්වත් නීත්‍යානුකූල විදිහට පෙන්නලා වැරදි කාරයන්ව අත් අඩංගුවට ගන්න බැරි නම් ඉතිං වෙන මොනවද? මේකෙන් වෙන්න ඕවා බොරු චෝදනා කියලා ඒ පැත්තෙන් කියනකොට අපිටත් කටයි පුකයි වහගෙන ඉන්න වෙලා ඊට පස්සේ මහින්දට නැවත එන්න පාර හැදෙන එක.

    මම කියන්නෙ නෑ, එක එක ඇමතිලා හරි ජනාධිපති හරි මැදිහත් වෙලා මේවා කරන්න කියලා... ඒත් මහින්දට විරුද්ධව ගොඩ නැගුණු ජනතා බලය මොන වගේ එකක්ද කියන එක තේරුම් ගන්න අලුත් ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෙනේ. මට කණගාටු ලොකුම දේ තමයි, 9 වෙනිදා පාන්දර සිද්ධවෙන්න ගියයි කියන කුමණ්ත්‍රණය ගැන පත්තර වලයි, එක එක ඇමතිලයි, වෙබ් සයිට් වලයි යනවා ඇරෙන්න වෙන මොකවත් නෑ. එහෙම දෙයක් සිද්ධ වුණේ නෑ කියලා තර්ක කරන්න පුළුවන් ගාණට ඒක දැන් පත්වෙලා. මොනයම් හේතුවක් නිසා හරි රනිල් ඒක වහන්න හදනවා නම් පොර කරගන්න ලොකුම මෝඩකම එකයි. වැඩිකල් නොයා ඕක ආපහු කැරකිලා එනවා. මේ චෝදනාව සෙල්ලමක් නෙමෙයිනෙ, ලංකාව එක රැයකින් අපායක් බවට පත්වෙන්න ඉඩ තිබිච්ච සිද්ධියක්නේ මේක. මොනවා හරි එකඟතා මත මේ තරම් භයානක සිද්ධියක් යට ගහනවා නම් රනිල්ට පරිප්පු කන්න දවසක් එනවා.

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඔබගේ අදහස් දැක්වීමට සපුරාම එකඟයි. ඊයෙට ඡන්දෙ තියල හරියටම මාසයයි. ඇත්තටම මගෙත් නෑ කිසිම හිත පුරා පැතිරගිය ප්‍රීතියක් වගෙ දෙයක්....:)

      ඒත් තිබ්බ තත්වෙට වඩා නම් හොඳයි තමයි. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ ලොකු ධනාත්මක වෙනසක් වෙලාය කියල. මොකද තිබ්බ තත්වෙ හැටියට වෙන ඕනම තත්වයක් ඊට වඩා දියුණුවක් වෙන්නම ඕන. උන්නු හැටියට මලා මදැයි කියන්නෙ අර.....හෙහ්,හෙහ්,

      රනිලා 2001 දෙසැම්බරුත් දිනල අගමැතිවෙලා චන්ද්‍රිකාට කියල කෙලව ගත්ත.ඒ නිසා මනුස්සයගෙ ඩීල් දැමිල්ල ගැන මගෙ නම් නෑ ඒ හැටි ප්‍රසාදයක්.ඒ එක්කම පවතින දේශපාලනික යථාර්තයට අපි සංවේදී වෙන්න ඕනය කියන එකත් වැදගත්. පාර්ලිමේන්තුවෙ බහුතර බලය තියෙන්නෙ විපක්ෂයට.ඒ අස්සෙ මරා ගොයියත් අර පිස්සො රැල එකතු කරගෙන දෙයියංගෙ හාල් කැවිච්චි කපුවා වාගෙ පරල වෙලා නටනව.රනිල් තමන් කරන්න ඕන මොනවද කියල බොහොම පරිස්සමෙන් දෙතුන් පාරක් නෙවෙයි හත් අට පාරක් හිතල වැඩ කලේ නැත්තං ආයම 2004 දි වුනා වගෙ තමයි වෙන්නෙ.

      Well..... Maithree & Ranil..They both have to do some balancing acts, walking the tight rope while juggling with sort of glass balls. So I would still like to have my faith on them to deliver what we expected....:)

      Delete
  12. [මම ඔය ජපනගෙ කතාව ලියන්ටයි යන්නෙ] මේ වගේ දේවල් අපි තව අවුරුද්දකින් විතර බලාපොරොත්තු වුනා නම් හරි මම හිතන්නේ .. මේ යන විදියට මේ යකාට මේ දේසපාලන උණ හොඳ කරගන්න චෑන්ස් එකක් ලැබෙන එකක් නෑ වගේ .. :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...අවුරුද්දක් නෙවි අවුරුදු තුන හතරකින් වගේ මුන් දැ ලියාවි ඒක...දැන් එතකොට ඔය නාහෙට අහන්නැති දඩයක්කාර කෙල්ල ඇවිල්ල අර 'එක්තරා දඩයක්කාරයා' ගේ මී මී මිණිබිරියක් වෙන්ටෑ..මෙගා එහෙකට මරු.

      Delete
    2. පැතුම්,

      / මේ යන විදියට මේ යකාට මේ දේසපාලන උණ හොඳ කරගන්න චෑන්ස් එකක් ලැබෙන එකක් නෑ වගේ .. :D /

      ඒකනෙ මලේ කියන්නෙ...උණ හොඳ කොරගන්ට දෙන්නෙම නෑ..දෙන්නෙම නෑ..දෙන්නෙම නෑ...:)

      Delete
    3. අමාස්,

      අම්මට වූඩු ..තාත්තට ගෝයා..කොහෙද බං අන්තස්දාන වෙලා හිටියෙ?

      / අනේද කියන්නේ...අවුරුද්දක් නෙවි අවුරුදු තුන හතරකින් වගේ මුන් දැ ලියාවි ඒක… /

      උඹ මගෙං අහගන්න එපා..දන්නවද? අර නිල් ඇස් ඇති හේවායෙකුයි කුමාරියෙකුයි ගැන බාගෙට ලියල අතෑරල දාල මයෙ හිතේ දැං අවුරුදුම තුනක් වගෙ වෙන්ට ආව...ඊගාවට අර අරවින්දයි, දසුනියි ගැන කතාව...අම්මාපල් උඹ නං...

      / දැන් එතකොට ඔය නාහෙට අහන්නැති දඩයක්කාර කෙල්ල ඇවිල්ල අර 'එක්තරා දඩයක්කාරයා' ගේ මී මී මිණිබිරියක් වෙන්ටෑ..මෙගා එහෙකට මරු. /

      උඹට තාම මතකයි දඩ් නේද? අර දඩ්ගෙ පිටිඋරේට හේත්තුවෙලා ඉන්න රූබර ලලනාව එහෙමත් මතකෙයි? හෙහ්,හෙහ්,

      Anyway Madam..Welcome Back!!!

      Delete
  13. මිනිස්සු බලාපොරොත්තු උනේ සාමාන්යා වෙනසකට වඩා එහා ගිය සාමාජීය පරිවර්තණයක්(Paradigm shift). ඒක නීතිය හැමටම සාධාරණව ක්රිතයාත්මක වන, සුදුස්සාට සුදුසු තැන ලැබෙන, වංචා, දූෂණ වලින් තොර, වගකීමෙන් වැඩකරණ මෙකී නොකී සියළුම දේ අඩංගු සාධාරණ සමාජයක් ලෙසයි මහජනතාව බලාපොරොත්තු උනේ. ඇත්තටම එවන් පරිවර්තනයක් සිදුකල යුතු හා හැකි බවට පූර්ව ඡන්ද ප්රාචාරණයේ දී රතන හිමි, සෝභිත හිමි, රනිල්, චම්පික අදී මේ කාර්ය යට පුරෝගාමී උන කට්ටිය ප්රමකාශ කලෙත් සහ ඒ සඳහා ජනතාව පෙල ගැස්සෙව්වෙත්. එතනදී චන්ද්රි‍කාගේ ආගමනය හා සහයෝගියතාවය දෙස ජනතාවගේ සිත් සතන් තුල පැවතියේ සැකයක්. හේතුව ඇයගේ පෙර වැරදි සහ අනේක වාරයක් ජනතාවගේ බලාපොරොත්තු අමු අමුවේ බිඳ වැට්ටවීම. ඒත් ජනතාවටත් වෙනසක් අවශ්ය උනා. ඒ නිසයි චන්ද්රිමකා උතුරේදී Mr. Prabakaran කීවත් දකුණේ බහුතරයක් මෛත්රීනට ඡන්දය දුන්නේ
    නමුත් අද ජනතාවට දුන් පොරොන්දු ඒ ආකාරයටම ඒ ප්ර්කාශ කල වේගයෙන්ම සිද්ද වෙනවද? අද මෛත්රීොට ඡන්දය දුන් පිරිස විපිළිසරව බලා ඉන්නේ වෙන දේ අදහා ගන්න බැරුව නේද? වත්තල සිද්ධිය උදාහරණයට ගත්තොත් එය බොහෝ සෙයින් සමානයි ඉබ්බාගමුවේදී සමනලී ෆොන්සේකා ප්රසමුඛ කලාකරුවන්ට පහර දීමේ අවස්ථාව. එහිදී අධිකරණයේ ක්රිකයාදාමය දරුණු ලෙස විවේචනය උනා වරදකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධව. විපක්ෂයය ජෝන් අමරතුංග අමාත්යසතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරනකොට ඇයි රනිල් ඒක පැරදුනොත් පාර්ලිමේන්තුව විසිරුවනවා කියා තර්ජනය කරන්නේ? ඇයි ප්ර්ථම වතාවට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්රීනන්ගේ විශ්රාඇම වැටුප ඇපයට තබාගෙන විශ්වාස භංගය 16 වෙනිදාට ප්රවථමව විවාදයට ගැනීමට උත්සහ කරන්නේ? මේ සියළු දේ මහින්ද සියළු මන්ත්රීාන්ගේ ෆයිල් තමා ලඟ ඇතිබව කීම හා සමානයි නේද? අවසානයේ සියළු දෙනා උත්සහා කරන්නේ තමන්ගේ එකා රැක ගැනීමට සියළු බලතල අනිසි ලෙස භාවිතාව නේද? එතකොට යහපාලනයේ නීතිය බලපවත්නවන්නේ සාමාන්යල ජනතාවට පමනක් නේද?
    එනිසා රවි මටනම් සිතෙන්නේ අපි ඉඟුරු දී මිරිස් ගත්තා හා සමානයි කියා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...